Connect with us

පුවත්

ප්‍රතිපත්ති ප්‍රකාශය ආවාම අපේ සහය කාටද කියලා කියන්නම්

Published

on

ජනාධිපතිධුර අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ අනතුරුව සිය අවසන් තීරණය ප්‍රකාශයට පත් කරන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පවසයි.

පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා මේ බව ප්‍රකාශ කලේය.

“අපි මීට කලින් ගත්ත තීරණවලට අනුව ප්‍රධාන ජනාධිපතිධුර අපේක්ෂකයන් සමඟ ඇතැම් සාකච්ඡා සිදු කළා. අපේ පක්ෂයේ ස්ථාවරය නැගෙනහිර ඒකාබද්ධ කරමින් රට තුළ පූර්ණ බලය බෙදීමක් සිදු කරන්න අවශ්‍යයි කියන එක. මේ සම්බන්ධයෙන් ප්‍රධාන ජනාධිපතිධුර අපේක්ෂකයන් එක්ක කරපු සාකච්ඡා ගැන පක්ෂයට අද දැනුම්දුන්නා. ඒවායේ ප්‍රගතිශීලි කරුණු කියලා තියෙනවා. නමුත් එයාලාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය රටේ සියලු දෙනාට ප්‍රසිද්ධියේ කිව්වයින් පස්සේ තමා අපි කියපු දේවල්, අපේ බලාපොරොත්තු තියෙනවා ද කියලා බලලා අපේ අවසන් තීරණය ගන්න අපි එකඟ වුණා.

මේ ප්‍රධාන අපේක්ෂකයන් තුන්දෙනා හැර නාමල් රාජපක්ෂවත් මගේ නිවසේදී හමුවුණා. ඒ ගැනත් පක්ෂයට දැනුම්දුන්නා. එයාට දිනන්න පුළුවන් කියලා හිතන්නේ නෑ. එයා කියපු කරුණ ජාතිවාදයට පහරක් එල්ල කරන මට්ටමේ තිබුණා. ලංකාවේ දකුණේ සිංහල – බෞද්ධ ජාතිවාදය හිස ඔසාව නොමැති පසුබිමක එය අපේ ඉල්ලීම් දිනාගන්න කොහොමද භාවිත කරන්නේ කියලත් නිරීක්ෂණය කරනවා. තරගයට වගේ එකිනෙකා ආයෙත් ජාතිවාදය අවුසන්න පුළුවන්.”

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved