Connect with us

පුවත්

ප්‍රදීප් රත්නායක සයිබීරියාවට යවයි!: ගම්පහ අය ඊළඟ බෝට්ටුවට

Published

on

මාතර දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස සේවය කරන සමයේ කරන ලද වැරැද්දකට අදාළව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් රත්නායක මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ තිබෙන පරිපාලන නිලධාරින්ගේ සංචිතය (Pool) හෙවත් සයිබීරියාවට යොමුකර ඇතැයි අනාවරණය වේ.

ලේකම්වරයා මාතර දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කරන සමයේදී කරන ලද විනය විරෝධී කටයුත්තකට අදාළව ජනාධිපති කාර්යාලය විසින් මෙම පියවර ගෙන ඇතැයිද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

එම විනය විරෝධී කටයුත්තේ මූලික පරීක්ෂණ වාර්තාව ජනාධිපති කාර්යාලයට ලැබීමෙන් පසු මෙම පියවර ගෙන තිබේ.

මෙම ලේකම්වරයා මේ වසර අගදී විශ්‍රාම යැවීමට නියමිතව සිටි බවද පැවැසේ.

අමාත්‍යංශ ලේකම්වරු පාලනය කිරීමේ කටයුතු සිදුකෙරෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය හරහාය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ තිබෙන පරිපාලන නිලධාරීන්ගේ සංචිතය හිස්කිරීමට රජයේ අවධානය යොමුකර ඇති අතර, මෙම සංචිතයට යොදන නිලධාරීන් රජයේ තාවකාලික තනතුරකට යෙදවීමට නියමිත බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කියයි.

ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් අනුරාධ විජේකෝන්ද මෙම සංචිතයේ සිටින අතර ඔහුටද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තනතුරක්ද ලබාදීමට පසුගියදා කටයුතු කෙරුණි.

ඊළඟ බෝට්ටුව

මේ අතර, පෑලියගොඩ, කැලණිය, ගම්පහ, වත්ත හා ඡාඇල ප්‍රධාන කොට සේවයේ නියුතුව චෝදනා එල්ලව සිටින ප්‍රධාන හා සුළු පරිපාලන නිලධාරීන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් ද ස්ථාන මාරු ලබාදීමට රාජ්‍ය පරිපාලනයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

මේ අතරින් වැඩි දෙනෙකුට චෝදනා එල්ලව ඇත්තේ අනවසර ගොඩනැගිලි තැනීමට බලපත්‍ර ලබාදීමට හවුල්වීම, මහජන සෞඛ්‍ය අනතුරේ හෙලීම, ප්‍රමිතියෙන් තොර පාරවල් සකස්කිරීමට හවුල්වී යන කාරණා සම්බන්ධයෙනි.

එසේම, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වෙත දැනුවත් කර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත්ව ඇති ජනතා පැමිණිලි විශාල ලෙස ලැබී ඇති පුද්ගලයන් සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමුකර ඇතැයි පැවසේ.

මේ අතර, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ අනනොතකා කටයුතු කරනු ලබන රාජ්‍ය පරිපාලන නිලධාරීන් සම්බන්ධයෙන් වාර්තාවක් ආණ්ඩුකාරවරයාගේ කාර්යාලය තුළ සැකසෙමින් ඇති බවට ද ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

මේ අතර, මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ලවන පරිපාලන නිලධාරීන්ගේ දත්ත එකතු කිරීම සඳහා ද ජනාධිපති කාර්යාලයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයි වාර්තා වේ.

Continue Reading

පුවත්

තද සුළං ගැන තද නිවේදනයක්

Published

on

By

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත් සඳහා මෙම නිවේදනය බලපැවැත්වේ.

අද (20) පෙ.ව. 10.00ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (21) පෙ.ව. 10.00 වන තෙක් වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයින හරහා පවතින සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 50-60ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Continue Reading

පුවත්

නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් පහ කිරීමට කොමිසම ගත් ඩබල් තීන්දුව 

Published

on

By

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා, පොලිස් සේවයෙන් නෙරපා හැරීමට ජාතික පොලිස් කොමිෂම සිය දෙවන තීන්දුවෙන් තීරණය කර ඇත.


ඒ මීට පෙර  අදාළ කොමිසම විසින්ම ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් නොමැති බව තීන්දු කිරීමෙන් පසුය. අදාළ පළමු තීන්දුවේදී පොලිස් කොමිසන් සභාව මෙලෙස තීන්දු කර ඇත.

මුලික විනය පරීක්ෂණයේ තීන්දුව :

“එකී විමර්ශන වාර්තාව 2023 07 13 දින රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පරිශීලනය කර සාකච්චා කරන ලද අතර එම කමිටුවේ නිගමනයන්ට අනුව අවසාන තීරණය පහත පරිදි වේ.

‘මෙම මූලික විමර්ශනයේදී ලබාදෙන සාක්ෂි කරුවන්ගේ ප්‍රකාශයන් මත හා මෙම සිද්ධියට අදාලව මාධ්‍යය මගින් හා රාජකාරි වශයෙන් හා වෙනත් තොරතුරු මගින් අනාවරණය කරගන්නා තොරතුරු අනුව, නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන), නිලන්ත ජයවර්ධන මහතාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට තරම් කරනු අනාවරණය නොවන බවත්, එලෙස ඔහුට සම්බනධව විනයානුකූලව පියවර ගැනීම අවශ්‍යය නොවන බවත් මූලික විමර්ශන කමිටුව තීරණය කරමු,’

ඒ අනුව සියලු කරණු සලකා බලා ඉදිරිපත් වූ සාක්ෂි මත මූලික විමර්ශන කමිටුව විසින් එළඹ ඇති නිගමනය මත නිලධාරියා මෙම සිද්ධියට අදාළව මාධ්‍යය මගින් සහ රාජකාරි වශයෙන් හා වෙනත් තොරතුරු මගින් අනාවරණය කරගන්නා ලද තොරතුරු අනුව නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) නිලන්ත ජයවර්ධන මහතාට විරුද්ධව විනය ක්‍රියාමර්ග ගැනීමට තරම් කරණු අනාවරණය නොවන බව ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් සැලකිල්ලට ගෙන ඒ බව අදාළ ජෙයිෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ( පරිපාලන) නිලන්ත ජයවර්ධන මහතාට සහ පොලිස්පතිවරයාට දැනුම්දීමට අද දින රැස්වූ ( 2023. 07. 13.) පොලිස් කොමිෂන් සභාව තීරණය කරන ලදී.”

WhatsApp Image 2025 07 20 at 9.18.54 AMWhatsApp Image 2025 07 20 at 9.18.55 AMWhatsApp Image 2025 07 20 at 9.18.55 AM 1WhatsApp Image 2025 07 20 at 9.18.55 AM 2
කෙසේ නමුත් ඊයේ අදාළ කොමිසන් සභාව සිය පළමු තීන්දුව හාත්පසින්ම වෙනස් කරමින් වෙනත් තීන්දුවක් ලබාදී තිබේ. 

පෙරේදා (18) සිය අලුත් විමර්ශන වාර්තාව ජාතික පොලිස් කොමිෂන් සභාවට ඉදිරිපත් වීමෙන් පසු කොමිසමේ සභාපති විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් එය රැස්වූ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සේවයෙන් පහ කිරීමට තීන්දු කර ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ නිලන්ත ජයවර්ධන ය. තොරතුරු ලැබී තිබියදී ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කළ මූලික අයිතිවාසිකම් නඩු විභාගයෙන් ඔහුට දඩයක් නියමකළ අතර විනය පරීක්ෂණයක් ද සිදුකරන ලෙසට නියෝග කළේය.

ඒ අනුව, නිලන්ත ජයවර්ධනට එරෙහිව ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අලුත් විනය පරීක්ෂණයක් 2024 ජුලි 01 වැනි  ආරම්භ කළේය. ඔහු ඒ වනවිට රාජකාරී කරමින් සිටි හෙයින් විනය පරීක්ෂණය සඳහා සාක්ෂි ලබාදීමට පැමිණෙන සාක්ෂිකරුවන්ට බලපෑමක් ඇතිවීමෙන් විනය පරීක්ෂණයට අගතියක් විය හැකි හෙයින් විනය පරීක්ෂණ අවසන් වන තෙක් ඔහු අනිවාර්ය නිවාඩු යැවීමට ජාතික පොලිස් කොමිෂන් සභාව කටයුතු කර තිබිණ.

ජාතික පොලිස් කොමිෂමේ නිවේදනය :

මෙම දෙවන මුලික විනය පරීක්ෂණයේ තීන්දුවට අදාළ නිවේදනයේ මෙසේ සඳහන් වේ.

” ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා පොලිසියේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ වශයෙන් සේවය කරමින් සිටියදී, 2019.04.21. දින පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නිලධාරියා විසින් සිදුකල රාජකාරි පැහැරහැරීමට අදාලව 2023.10.26 දින රැස්ව වූ ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය පරිදි නිලධාරියා වෙත අංක NPC/EST/DISC/ASP/1/2023 හා 2023.11.17 දිනැති චෝදනා පත්‍රය නිකුත් කරන ලදී.”

“උක්ත චෝදනා පත්‍රයට අදාලව නිලධරියා විසින් 2024.0312 වන දින යොමු කරන ලද ලිපියෙහි අන්තර්ගත කරුණු සලකා බලන ලද 2024.03.21 දින රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් විධිමත් විනය පරීක්ෂණයක් සිදු කිරීමට‍ තීරණය කරන ලදුව, එසේ සිදුකරන ලද විධිමත් විනය පරීක්ෂණයේ ත්‍රී පුද්ගල විනිශ්චය සභාව විසින් 2025.07.04 දින ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත යොමු කරන ලද විධිමත් විනය පරීක්ෂණ වාර්තාව, එම වාර්තාව සමග යොමුකර තිබූ පැමිණිල්ල මෙහෙයවීමේ නිලධාරිගේ වාර්තාව, රැකවරණ නිලධාරිගේ වාර්තාව සහ අදාල සියලු ලේඛන ගැඹුරින් අධ්‍යනය කරන ලද ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පහත දැක්වෙන කරුණු නිරීක්ෂණය කරන ලදී.”

1. විධිමත් විනය පරීක්ෂණ වාර්තාව අනුව චෝදනා පත්‍රයේ සදහන් සියලු චෝදනා සදහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (අනිවාර්ය නිවාඩු ගන්වන ලද), නිලන්ත ජයවර්ධන මහතා වරදකරු බවත්,

2. ඉහත චෝදනා ආයතන සංග්‍රහයේ ii වන කාණ්ඩයේ සදහන් රාජ්‍ය නිලධරයන් විසින් සිදු කල හැකි වරදවල් සම්බන්ධව පළමුවන උපලේඛනය යටතට ගැනෙන වැරදි බවත්,

යන කරුණු සැලකිල්ලට ගෙන නිලධාරියා චෝදනා පත්‍රයේ සදහන් සියලු චෝදනාවන් සදහා වැරදිකරු බව 2025.07.17 වන දින රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් තීරණය කරන ලදී.

ඒ අනුව, ඔහු විසින් කරන ලද වරදේ තීව්‍ර තාවය සැලකිල්ලට ගෙන ආයතන සංග්‍රහයේ ii ඛාණ්ඩයේ XLVIII වන පරිච්ඡේදයේ 24:3:1 වගන්තිය පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ කිරීමට 2025.07.17 දින පැවති ජාතික පොලිස් කොමිෂන් සභා සැසිවාරයේදී තීරණය කරන ලදී.”

මූලාශ්‍රය – ද ලීඩර්

Continue Reading

පුවත්

ඇතිමලේ ස්කාගාරය යුරියා දාලා එතනොල් හදලා අතේ මාට්ටු වෙයි!

Published

on

By

සියඹලා ආණ්ඩුවේ පිහිටි, ඇතිමලේ වැවිලි පුද්ගලික සමාගම විසින් දෙවරක් ස්වාභාවික එතනොල් නිෂ්පාදනය සඳහා පැසවුම් පෝෂකයක් ලෙස යූරියා යෙදීමේ සිද්ධියක් වාර්තා වේ.

ඇතිමලේ ස්කාගාරය තුළ පිහිටි සුරාබදු ඒකකය විසින් මේ කරුණු අනාවරණය කරගෙන ඇති අතර පසුව ඒ පිළිබඳව දැනුම්දෙමින් ඇතිමලේ ස්කාගාර කළමනාකරු වෙත ලිපියක් ද යවා තිබේ. (එය පහත දැක්වේ.)

ඇතිමලේ තුළ දිනකට එතනොල් ලීටර් 15,000ක් නිෂ්පාදනය කරන බව අදාළ සමාගම් වෙබ් අඩවිය කියා සිටී.

ඇතිමලේ ස්කාගාරය තුළ පිහිටි සුරාබදු ඒකකයේ ප්‍රධානියාගේ දැනුවත් කිරීමේ ලිපියට අනුව පිටපිට අවස්ථා දෙකකදී ඇතිමලේ ස්කාගාරය තුළ එතනොල් නිෂ්පාදනය සඳහා පැසවුම් පෝෂකයක් ලෙස යූරියා යෙදීම තහවුරුව තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved