Connect with us

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං

Published

on

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ, ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.

පුවත්

පවිත්‍රා ගේ ගැසට්ටුවට එරෙහි පෙත්සම විභාගයට

Published

on

By

මන්නාරම වෙඩිතලතිව් රක්ෂිත වනාන්තර කලාපයෙන් කොටසක් රක්ෂිත භාවයෙන් මුදාහරිමින් වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිකුත්කළ ගැසට් නිවේදනයක් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) අවසර ලබාදුන්නේය.

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත්කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය නොවැම්බර් මස 12 වනදා පැවැත්වීමට ද අධිකරණය දින නියම කළේය.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ රක්ෂිත වනාන්තර කලාපයක් ලෙස නම්කර තිබෙන වෙඩිතලතිව් රක්ෂිත කලාපයෙන් අක්කර දෙදහස් පන්සීයකට ආසන්න භූමි ප්‍රමාණයක් ඉස්සන් වගාවට යැයි සඳහන් කරමින් රක්ෂිත භාවයෙන් මුදාහැරීම සඳහා වනජීවී විෂයභාර අමාත්‍යවරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි.

එම ගැසට් නිවේදනය වනජීවි හා වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධානයන්ට පටහැනි යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් මෙම ක්‍රියාව නිසා අදාළ වනාන්තර කලාපයට පිවිසෙන සංක්‍රමණික පක්ෂීන්ට මෙන්ම ජල ජීවීන්ට ද විශාල අගතියක් සිදුවන බවත් සඳහන් කළේය.

මේ හරහා ප්‍රදේශයේ ජෛව විවිධත්වයට ද දැඩි බලපෑමක් සිදුවන හෙයින් අදාළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

Continue Reading

පුවත්

දුම්රිය ස්ථානාධිපතිවරුන් හෙට ලෙඩ වෙයි?

Published

on

By

දුම්රිය ස්ථානාධිපතිවරුන් 922කගේ උසස්වීම්, බඳවාගැනීම් ඇතුළු වෘත්තීය ගැටලුවලට විසඳුම් ඇමති මණ්ඩලයෙන් නොලැබුණහොත් හෙට (23) සිට යලිත් වෘත්තීය ක්‍රියාමාර්ගයට යාමට සිදුවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අනතුරු අඟවා තිබේ.

එම සංගමයේ සභාපති සුමේධ නවරත්න මහතා ප්‍රකාශ කර සිටියේ, සිය ඉල්ලීම් 13ක් අතුරින් ඉල්ලීම් 6කට විසඳුම් ලබාදීමට ඇමතිවරයා පොරොන්දු වූ බවත් අද ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාවට අනුව විසඳුම් අපේක්ෂා කරන බවය.

කෙසේ නමුත්, එම ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ දුම්රිය සේවකයන් තවදුරටත් වැඩ වර්ජනයක නියැලුනහොත් ඔවුන් සේවය අත්හැර ගියා සේ සලකා රැකියාවෙන් ඉවත් කරන බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මින්පසු දුම්රිය වර්ජන නොමැති බවත්, දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් ලෙස ගැසට් පත්‍රයකින් ප්‍රකාශ කර ඇති බවත් දුම්රිය ක්ෂේත්‍ර සම්බන්ධව ගැටලුවක් පවතින්නේ නම් සාකච්ඡා කර විසඳුම් ලබාගැනීමට හැකි බවය.

එමෙන්ම ජනතාව පීඩාවට පත්වන අන්දමේ වර්ජන කළහොත් රැකියාවෙන් ඉවත් කරන බවද, ඔවුන් ලංකාවේ නීතියට ගරු කළ යුතු බවද රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.

සබැඳි පුවත්
https://sinhala.srilankamirror.com/news/බන්දුලගෙන්-දුම්රිය-සේවකය/

Continue Reading

පුවත්

ඥානසාර හිමි ගැන කොළඹ මහාධිකරණය දුන් නියෝගය

Published

on

By

ඉස්ලාම් ආගමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළේ යැයි වසර හතරක සිරදඬුවමක් ලබාසිටින බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි අභියාචනාධිකරණය විසින් දුන් නියෝගයකට අනුව ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය අද (22) නියම කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.

සිර දඬුවම් නියමවීමෙන් පසුව ඥානසාර හිමි ඊට එරෙහිව අභියාචනාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කරනු ලැබීය.

එම ඇපෑල විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු තමන් වහන්සේව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඥානසාර හිමි කළ ඇප ඉල්ලීමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෑතකදී ප්‍රතික්ෂේප කර තිබුණි.

එම මහාධිකරණ නියෝගයට අනුව ඥානසාර හිමි ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය උන්වහන්සේ රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස පසුගියදා නියෝග කලේය.

ඊට අමතරව උන්වහන්සේගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කළ අභියාචනාධිකරණය ඒ බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසත් කොළඹ මහාධිකරණය වෙත නියෝග කර තිබුණි.

එම අභියාචනාධිකරණ නියෝගය පරිදි උන්වහන්සේ අද (22) කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් ඇප මත මුදා හරිනු ලැබුවේය.

2016 වසරේ කූරගල විහාරස්ථානය පිළිබඳව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පළකරන ලද අදහස් වලින් ඉස්ලාම් ආගමට අපහාසයක් සිදුකොට ආගමික සංහිඳියාවට බාධා සිදුකළේ යැයි එල්ල කෙරුණු චෝදනා දෙකකට වරදකරු කෙරුණු ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් ඉකුත් මාර්තු මස 30 වනදා බරපතළ වැඩසහිත වසර හතරක සිර දඬුවම් නියම කර තිබුණි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved