Connect with us

පුවත්

ප්‍රධාන පක්ෂවල සමාජ-ආර්ථික ප්‍රතිසාධනීය ජාතික වැඩපිළිවෙල විමසා විද්වතුන් පිරිසකගෙන් ලිපියක්

Published

on

ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ හා සන්ධාන නායකත්ව වෙත පක්ෂයේ සමාජ-ආර්ථික ප්‍රතිසාධනීය ජාතික වැඩපිළිවෙල සමාජ කතිකාවක් සඳහා දෙසතියක් තුළ ප්‍රසිද්ධ කරන මෙන් ඉල්ලමින් දේශපාලන විශ්ලේෂක හා විචාරක කුසල් පෙරේරා ප්‍රමුඛ විද්වතුන් පිරිසක් විසින් ලිපියක් යවා තිබේ.

මේ ලිපිය, ශ්‍රී ලංකා පොදුජන පක්ෂය, සමගි ජන බලවේගය, ජ.වි.පෙ / ජාතික ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස​ය ඇතුළු පක්ෂවලට යොමුකර ඇතැයි වාර්තා වේ.

ඔවුන් එම ලිපිය මගින් මැතිවරණයකට පෙර කල් තබාම සංවාදයකට තැබීමට අවශ්‍ය වන්නේ පූර්ණ ආවරණයක් සහිත වන සවිස්තරාත්මක ‘‘ජාතික ප්‍රතිසාධනීය වැඩපිළිවෙලක්’’ බව එයට පහත කරුණු ඇතුළත් විය යුතු බවත් පෙන්වා දී ඇත.

01. ‘‘ජාතික සංවර්ධනය’’ සම්බන්ධ ඔබගේ අර්ථකතනය කුමක්ද යන්න සහ දේශීය සමාජ සංවර්ධනය යනුවෙන් ඔබගේ පක්ෂය පැහැදිලි කරන්නේ කුමක්ද යන්නත් 

02. දැන් ක්‍රියාත්ම​ක වන ජා.මූ. අරමුදලේ වැඩසටහන සම්බන්ධ පැහැදිලි විවරණයක් ඉදිරිපත් කරමින් ඔබට ඒ සම්බන්ධ වෙනස්කම් ඇතොත් ඒ වෙනස්කම් නිශ්චිතව ජන වරමක් වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් කිරීමට සැකසුණු කෙටුම් පතත් 

03. ස්වාධීන රාජ්‍ය ක්‍රියාකාරීත්වය​ක් තහවුරු කිරීමේදී ස්වාධීන කොමිසම් සම්පූර්ණයෙන් අසාර්ථකව ඇති බැව් ඔප්පුවන හෙයින්, රාජ්‍ය සමස්ථයක් ලෙස ස්වාධීන, කාර්යක්ෂම හා දූෂණයෙන් තොර ආයතන  ව්‍යුහයක් බවට පත් කිරීමේ ඔබ පක්ෂයේ සවිස්තරාත්මක යෝජනාවත්. 

04. පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධකර ඇති සියලූ ආරක්ෂක වගකීම් වලින් මුදවා එය නැවත සිවිල් දෙපාර්තමේන්තුවක් ලෙස සමාජයේ සිවිල් කාර්යන් සඳහා පවත්වා ගැනීම වෙනුවෙන් ඔබ පක්ෂය ඉදිරිපත් කරන්නාවූ ප්‍රතිසංස්කරණ හා ප්‍රතිසංවිධානත්  1 

05. ආණ්ඩුක්‍ර​ම ව්‍යවස්ථාවෙහි 14.1(ඈ* වගන්තිය මගින් සහතික කර තිබියදී පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් මිලියන 02 ට ආසන්න සංඛ්‍යාවකට අහිමිකර ඇති මූලික අයිතිවාසිකම්ද සමග සක්‍රී​ය සහභාගී ප්‍රජාතන්ත්‍රවා​දී සමාජයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් ඔබගේ පක්ෂයේ යෝජනා සියල්ලත්  

06. අධ්‍යාපනය, සෞඛ්‍ය, පොදු මගී ප්‍රවාහන සේවා සහ ග්‍රාමී​ය කෘෂි ආර්ථිකය වෙනුවෙන් ඔබ පක්ෂය ඉදිරිපත් කරන්නා වූ අනාගතවාදී ප්‍රතිසංස්කරණත් 

07. ස්ථාවර සිවිල් පාලනයක්, ඉඩම් ආරවුල්, සන්නද්ධ කල්ලි නිරායුද කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාද​ය සඳහා වන බලය බෙදීමක අවශ්‍යතාව අවධාරණය කෙරෙන උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ අවසන් වාර්තාවෙහි නිර්දේශ සම්බන්ධ ඔබ පක්ෂයෙහි නිල ස්ථාවරය කුමක්ද යන්නත්  නොස`ගවා සඳහන් කළ යුතු යැයි අපි දැඩිව ඉල්ලා සිටිමු. 

එම ලිපියට,  මහාචාර්ය අජිත් අබේසේකර, ප්‍රතිපත්ති සැළසුම් හා කි‍්‍රයාත්මක කිරීමේ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (විශ්‍රාමි​ක  චන්ද්‍රසේන මාලියද්ද, සමාජ ක්‍රියාධර අසංක සේනාධීර, ස්ත්‍රීවාදී ව්‍යාපෘති නිර්මාණ ශිල්පිනි ගයනී ගෝමස්,  සම්මානලාභී වේදිකා, ටෙලි නාට්‍ය හා සිනමා අධ්‍යක්ෂ පරාක්‍ර​ම නිරිඇල්ල, නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ සමලේකම් ඇන්ටන් මාකස්, ‘‘නිවුස් සෙන්ට’’ යූටියුබ් නාලිකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කාරක මන්ජුල බස්නායක, රංග ශිල්පිනී ටිලානි මහමාලගේ නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ සභාපතිනි ක්‍රිෂාන්ති මංගලිකා, මානව හිමිකම් ක්‍රියාධර අධිනීතිඥ කේ. එස්. රත්නවේල්, ස්වාධීන සමාජ ක්‍රියාධාරිනී විශාකා තිලකරත්න හා මහාචාර්ය කමල් බණ්ඩාර ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් අත්සන්කර තිබේ.

අදාළ ලිපිය පහත දැක්වේ.

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved