ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ හා සන්ධාන නායකත්ව වෙත පක්ෂයේ සමාජ-ආර්ථික ප්‍රතිසාධනීය ජාතික වැඩපිළිවෙල සමාජ කතිකාවක් සඳහා දෙසතියක් තුළ ප්‍රසිද්ධ කරන මෙන් ඉල්ලමින් දේශපාලන විශ්ලේෂක හා විචාරක කුසල් පෙරේරා ප්‍රමුඛ විද්වතුන් පිරිසක් විසින් ලිපියක් යවා තිබේ.
මේ ලිපිය, ශ්‍රී ලංකා පොදුජන පක්ෂය, සමගි ජන බලවේගය, ජ.වි.පෙ / ජාතික ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂවලට යොමුකර ඇතැයි වාර්තා වේ.
ඔවුන් එම ලිපිය මගින් මැතිවරණයකට පෙර කල් තබාම සංවාදයකට තැබීමට අවශ්‍ය වන්නේ පූර්ණ ආවරණයක් සහිත වන සවිස්තරාත්මක ‘‘ජාතික ප්‍රතිසාධනීය වැඩපිළිවෙලක්’’ බව එයට පහත කරුණු ඇතුළත් විය යුතු බවත් පෙන්වා දී ඇත.
01. ‘‘ජාතික සංවර්ධනය’’ සම්බන්ධ ඔබගේ අර්ථකතනය කුමක්ද යන්න සහ දේශීය සමාජ සංවර්ධනය යනුවෙන් ඔබගේ පක්ෂය පැහැදිලි කරන්නේ කුමක්ද යන්නත්
02. දැන් ක්‍රියාත්මක වන ජා.මූ. අරමුදලේ වැඩසටහන සම්බන්ධ පැහැදිලි විවරණයක් ඉදිරිපත් කරමින් ඔබට ඒ සම්බන්ධ වෙනස්කම් ඇතොත් ඒ වෙනස්කම් නිශ්චිතව ජන වරමක් වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් කිරීමට සැකසුණු කෙටුම් පතත්
03. ස්වාධීන රාජ්‍ය ක්රියාකාරීත්වයක් තහවුරු කිරීමේදී ස්වාධීන කොමිසම් සම්පූර්ණයෙන් අසාර්ථකව ඇති බැව් ඔප්පුවන හෙයින්, රාජ්‍ය සමස්ථයක් ලෙස ස්වාධීන, කාර්යක්ෂම හා දූෂණයෙන් තොර ආයතන ව්‍යුහයක් බවට පත් කිරීමේ ඔබ පක්ෂයේ සවිස්තරාත්මක යෝජනාවත්.
04. පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධකර ඇති සියලූ ආරක්ෂක වගකීම් වලින් මුදවා එය නැවත සිවිල් දෙපාර්තමේන්තුවක් ලෙස සමාජයේ සිවිල් කාර්යන් සඳහා පවත්වා ගැනීම වෙනුවෙන් ඔබ පක්ෂය ඉදිරිපත් කරන්නාවූ ප්‍රතිසංස්කරණ හා ප්‍රතිසංවිධානත් 1
05. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 14.1(ඈ* වගන්තිය මගින් සහතික කර තිබියදී පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් මිලියන 02 ට ආසන්න සංඛ්‍යාවකට අහිමිකර ඇති මූලික අයිතිවාසිකම්ද සමග සක්‍රීය සහභාගී ප්රජාතන්ත්රවාදී සමාජයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් ඔබගේ පක්ෂයේ යෝජනා සියල්ලත්
06. අධ්‍යාපනය, සෞඛ්‍ය, පොදු මගී ප්‍රවාහන සේවා සහ ග්‍රාමීය කෘෂි ආර්ථිකය වෙනුවෙන් ඔබ පක්ෂය ඉදිරිපත් කරන්නා වූ අනාගතවාදී ප්‍රතිසංස්කරණත්
07. ස්ථාවර සිවිල් පාලනයක්, ඉඩම් ආරවුල්, සන්නද්ධ කල්ලි නිරායුද කිරීම සහ ප්රජාතන්ත්රවාදය සඳහා වන බලය බෙදීමක අවශ්‍යතාව අවධාරණය කෙරෙන උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ අවසන් වාර්තාවෙහි නිර්දේශ සම්බන්ධ ඔබ පක්ෂයෙහි නිල ස්ථාවරය කුමක්ද යන්නත් නොස`ගවා සඳහන් කළ යුතු යැයි අපි දැඩිව ඉල්ලා සිටිමු.
එම ලිපියට, මහාචාර්ය අජිත් අබේසේකර, ප්‍රතිපත්ති සැළසුම් හා කි‍්‍රයාත්මක කිරීමේ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (විශ්‍රාමික චන්ද්‍රසේන මාලියද්ද, සමාජ ක්‍රියාධර අසංක සේනාධීර, ස්ත්‍රීවාදී ව්‍යාපෘති නිර්මාණ ශිල්පිනි ගයනී ගෝමස්, සම්මානලාභී වේදිකා, ටෙලි නාට්‍ය හා සිනමා අධ්‍යක්ෂ පරාක්‍රම නිරිඇල්ල, නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ සමලේකම් ඇන්ටන් මාකස්, ‘‘නිවුස් සෙන්ට’’ යූටියුබ් නාලිකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කාරක මන්ජුල බස්නායක, රංග ශිල්පිනී ටිලානි මහමාලගේ නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ සභාපතිනි ක්‍රිෂාන්ති මංගලිකා, මානව හිමිකම් ක්‍රියාධර අධිනීතිඥ කේ. එස්. රත්නවේල්, ස්වාධීන සමාජ ක්‍රියාධාරිනී විශාකා තිලකරත්න හා මහාචාර්ය කමල් බණ්ඩාර ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් අත්සන්කර තිබේ.
අදාළ ලිපිය පහත දැක්වේ.