Connect with us

පුවත්

ප්‍රසන්නත් තරග කරන්න බෑ කියයි ; ගෝඨාගේ පෞද්ගලික ලේකම් සිලින්ඩරයෙන්

Published

on

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

‘සිලින්ඩරය’ ලකුණ යටතේ ‘නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ’ ගම්පහ දිස්ත්‍රීක් නායකයා ලෙස තරඟ කිරීමට ඔහු පෙරේදා දිනයේ නාම යෝජනා පත්‍රයට අත්සන් කර තිබුන ද ඊයේ දැනුම් දී ඇත්තේ තමා මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවයි.

කෙසේවුවද මීට ඉහතදී මැතිවරණයට ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කර සිටි එක්සත් ජාතික පක්ෂ නායක රුවන් විජේවර්ධන මහතා ගම්පහ දිස්ත්‍රීක්කයෙන් තරඟ කිරීම සඳහා ඊයේ (10) දිනයේ නාමයෝජනා පත්‍රයට අත්සන් තබා ඇතැයි වාර්තා වේ.

‘සිලින්ඩරය’ ලකුණ යටතේ ඉදිරිපත්වන ‘නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ’ ගම්පහ දිස්ත්‍රීක් නායකත්වය දරන්නේ ද රුවන් විජේවර්ධන මහතා බැව පැවසේ.

ගම්පහ සිලින්ඩරයේ නාම යෝජනා ලයිස්තුවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් ඇතුළත් නොවීම නිසා එජාප ආධාරකරුවන් විසින් රුවන් අමතා “අපිට ඡන්දය දෙන්න කියන්නේ පොහොට්ටුවේ අයටදැයි” කළ විමසීමත් සමඟ මේ තීන්දුව ගෙන ඇතැයි වාර්තා වේ.

නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර මහතා ‘නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ’ සමග එක්ව ඇතැයි පැවසේ.

ඒ අනුව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ හිටපු පුද්ගලික ලේකම්වරයා වූ ඔහු මෙවර මැතිවරණයට ‘ගෑස් සිලින්ඩරය’ ලකුණ යටතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට නියමිතය.

ඊට අදාල නාම යෝජනා පත්‍රයට ඔහු කොළඹ මල් පාරේ පිහිටි පක්ෂ කාර්‍යාලයේදී පෙරේදා (09) අත්සන් තබා තිබිණි.

කැබිනට් තීරණ

බැංකු ගිණුම් විවෘත කිරීමේදී TIN අංකය අනිවාර්යයි

Published

on

By

2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සඳහා සංශෝධන කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව පොලිය මත රඳවා ගැනීමේ බද්ද අය කිරීමෙන් නිදහස් කිරීම සඳහා වසරකට රුපියල් මිලියන 1.8ක් නොඉක්මවන තක්සේරු ආදායමක් සහිත සියලු නේවාසික තැන්තපත්කරුවන් සඳහා ස්වයං ප්‍රකාශනයක් හඳුන්වා දීමට සහ සියලුම වර්ගයේ බැංකු ගිණුම් විවෘත කිරීම සඳහා බදු හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට යෝග්‍ය සංශෝධන සිදුකිරීමට අනුමැතිය හිමිව ඇත.

2025 වසරේ අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි රඳවා ගැනීමේ බදු අනුපාතය 5% සිට 10% දක්වා ඉහළ නැංවීම සඳහා වන නීතිමය ප්‍රතිපාදන 2025 අංක 2 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මඟින් හඳුන්වා දී තිබේ.

බදු අය කරනු ලබන වාර්ෂික ආදායම් සීමාව වන රුපියල් මිලියන 1.8ක ප්‍රමාණය නොඉක්මවන ආදායමක් සහිත පුද්ගලයන්ගෙන් ද රඳවා ගැනීමේ බදු අය කර ගැනීමට කටයුතු කිරීම හේතුවෙන්, එවැනි තැන්පත්කරුවන් සහ අඩු ආදායම්ලාභී පුද්ගලයන් අපහසුතාවට ලක් වන බව නිරීක්ෂණය වී ඇති බව රජය පවසයි.

එකී ගැටලුව සඳහා විසඳුමක් ලෙස බදු නිදහස් සීමාවට වඩා පහළ මට්ටමක ආදායම් සහිත පුද්ගලයන්ට ස්වයං ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට යෝජනා කර තිබේ.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Continue Reading

පුවත්

පනත් කෙටුම්පතක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට

Published

on

By

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන)” නැමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු ප්‍රතිපාදනයකට පටහැනි බවට නිගමනය කිරීමට කිසිදු කරුණක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වූ බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර ඇති අතර ඒ අනුව පෙත්සම්කරු විසින් පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බව අධිකරණයට දැනුම් දී ඇති බවත් ඒ අනුව, පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දී පෙත්සමේ ඉදිරි කටයුතු අවසන් කර එය නිෂ්ප්‍රභ කර ඇති බවත් කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 

Continue Reading

පුවත්

හිටපු කාන්තා කටයුතු ඇමතිණියට නඩු

Published

on

By

කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ සමයේ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර එච්.එම්. චන්ද්‍රවංශ නැමැත්තාව වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන ආකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා බලපෑම් කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් හිටපු ඇමතිනී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.

2019 ජනවාරි 14 වැනිදා සහ 2019 ජනවාරි 31 කාලය අතර කාල සීමාව තුළ එම සිදුකිරීමෙන් අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් චෝදනා 1ක් යටතේ මෙම නඩුව ගොනුකර ඇත.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 08 දෙනකු නම් කර තිබේ.

නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 25ක් ද නඩුව සමග ඉදිරිපත් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved