Connect with us

පුවත්

“පාතාලය තුරන් කරන්න ඉතා හොඳ සැලැස්මක් තියෙනවා”

Published

on

සංවිධානාත්මක අපරාධ කල්ලි, සමාජයෙන් තුරන් කිරීම ඉතා හොඳ සැලැස්මක් මත සිදුකරමින් පවතින බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේය.

මාධ්‍ය වෙත අදහස් දැක්වමින් ඒ මහතා සඳහන් කළේ, පසුගිය මාස තුන හතර තුළ පාතාල සාමාජිකයින් 800කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවය.

ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගෙන ඇති බවත් පසුගිය මාස දෙකහමාරක කාලය තුළ කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැති බවත් පැවසු පොලිස්පතිවරයා මෑතක සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් පොලීසිය කටයුතු කරමින් සිටින බව ද පැවසීය.

පාතාලයෙන් මේ වනවිට හතරෙන් තුනක් පාලනය කර ඇති බවත් ඉතිරි වී සිටින ටික දෙනෙක් මේ වනවිට සංදර්ශන පවත්වන බවත් පැවසු පොලිස්පතිවරයා, මෙහෙයුම් තවත් තීව්‍ර කරමින් ඔවුන් පාලනය කරන බව ද කියා සිටියේය.

විදෙස් රටවල සිටින අපරාධකරුවන් සම්බන්ධයෙන් ද මේ වනවිට අවධානය යොමුව ඇතැයි පැවසු පොලිස්පතිවරයා, මහජනතාවට මේ සම්බන්ධයෙන් කිසිවිටෙකත් බියක් ඇති කරගත යුතු නැතැයි ද පැවසීය.

පවතින තත්ත්වය ක්‍රමානුකූලව වෙනස් කරමින් සිටින බවත් ඇතැම් සිදුවීම් සිදුවුවත් එය පාලනය අවශ්‍ය පියවර ගන්නා බවත් මහජනතවාට ඒ සඳහා සහාය ලබාදිය හැකි බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පාතාලය විනාශකළ යුතු බව දැක්වෙන පෝස්ටර් දෙමටගොඩ, මහරගම, නුගේගොඩ සහ මාතර ප්‍රදේශවල ඊයේ (14) ප්‍රදර්ශනය කර තිබිණි.

එම පෝස්ටර්වල “පාතාලයේ හැම එකාම මධූෂ් ගිය තැනට යන්න සැරසියල්ලා” ලෙසත් ” කැඳ ඉම්රාන්ගේ පවුලේ උන්ටත් එම දඬුවමමයි” ආදී වශයෙන් සටහන් කර තිබෙනු දක්නට ලැබිණි.

මෙම බැනර් සහ පෝස්ටර් ප්‍රදර්ශන කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පොලිසීය දැනටමත් විමර්ශන ආරම්භකර ඇති බව පොලිස්පතිවරයා මාධ්‍යයට ප්‍රකාශ කළේය.

“නැවත වතාවක් මියගිය දරුණු ගනයේ අපරාධකරුවන්ට කවුද පණදෙන්න උත්සාහ කරන්නේ කියන එක ගැන පරීක්ෂණයක් පවත්වනවා. ඒ වගේම දින කිහිපයකට පසුව නගරයේ නොයෙක් ස්ථානවල තිබිලා පාතාලයට ප්‍රතිවිරුද්ධ ආකාරයේ පෝස්ටර් කිහිපයකුත් ප්‍රදර්ශනය වෙලා තියෙනවා. මේ සංවිධානාත්මක අපරාධ කල්ලි අතර මරාගැනීමේ සටහනක් තමා තියෙන්නේ. එක් කණ්ඩායමකින් එක් අයෙක් මැරෙද්දි අනෙක් අය සතුටු වෙනවා. මේ රංගනය අවසන් රංගනය. මේකට කිසිසේත්ම ඉඩ තියන්නේ නෑ.

දැඟලුවොත් දඟලන අයට අවශ්‍ය ප්‍රතිඋත්තර පොලීසියෙන් ලැබෙයි. තමන්ගේ පාඩුවේ රටේ නීතියට ගරු කරලා හැමෝම ජීවත්විය යුතුයි. පෝස්ටර් ගසා ගැනීමෙන් අදහස් ප්‍රකාශ කිරීමෙන් ප්‍රදර්ශනය කරන්න එපා තමන් පාතාලයෙක් කියලා. එහෙම වුණොත් වැඩ වරදී”

පුවත්

කරදියාන කසළ අංගනයේ ගින්නක්

Published

on

By

පිළියන්දල කරදියාන කසළ අංගනයේ ගින්නක් හටගෙන ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.

ගින්න නිවීම සඳහා මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ජල බව්සර් හතරක්, ගිනි නිවීමේ රථ දෙකක් සහ ගිනිබටයන් 15කුත් කණ්ඩායමක් ඒ සඳහා යොමු කර ඇති බව එහි ස්ථාන භාර නිලධාරී දුල්සිරි කුමාර මහතා පැවසුවේය.

Continue Reading

පුවත්

වෛද්‍ය මහේෂි තවදුරටත් රිමාන්ඩ්

Published

on

By

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය තවදුරටත් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු ඇප මත මුදාහරන ලෙසද අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය. 

Continue Reading

පුවත්

බදු නිසා මැණික් හා ස්වර්ණාභරණ අපනයනය ආදායම 25%කින් පල්ලම් බැහැලා

Published

on

By

2023 වසරේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 477 ක මැණික් හා ස්වර්ණාභරණ අපනයනය කෙරුණද, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය මත බදු පැනවීමෙන් පසුව ඉකුත් වසරේදී (2024) එක්සත් ජනපද ඩොලර් මිලියන 360 දක්වා අපනයන සියයට 25 ක විශාල පහත වැටීමක් සිදුවූ බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරියආරච්චි මහතා කියයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

කටුනායක බණ්ඩා රනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති VAT Refund Counter (වැට් බදු ආපසු ගෙවීමේ කවුළුව) පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට මෙම මාධ්‍ය හමුව පැවැත්වුණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවලින් පසුව ඉකුත් වසරේ (2024) ජනවාරි මස පළමුවැනිදායින් පසුව මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය මත බදු පැනවීම සිදු කෙරුණු බවත්, ඒ අනුව, සංචාරකයන්ට මැණික් හා ස්වර්ණාභරණ විකිණීමේදී, රළු මැණික් ආනයනය කිරීමේදී සියයට 18 ක වැට් බද්දක්ද, රත්තරන් ආනයනය කිරීමේදී සියයට 45.14 ක බදු පනවා ඇති බවත් ඔහු කීවේය.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් පතල් කැණීමේ බලපත්‍ර 8,000 ක පමණ ප්‍රමාණයක් නිකුත් කර තිබෙන බවත්, මෙම පතල්වලින් සියයට 50 ක් පමණ ලාභ ලබන බව උපකල්පනය කළහොත් ඔවුන් වසරකට එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 කට වඩා වටිනා මැණික් නිෂ්පාදනය කළයුතු බවත් ඔහු පැවැසීය.

මැණික් නිෂ්පාදනය මෙරට නිල අපනයනය බවට පත් කිරීමට හැකි වුවහොත් මැණික් හා ස්වර්ණාභරණ අංශයේ රටේ දෙවැනි විශාලතම අපනයනය වනු ඇතැයි ද ඔහු පැවැසුවේය.

මැණික් හා ස්වර්ණාභරණ සඳහා සියයට 18 ක වැට් බදු පැමිණවීමෙන් පසුව මෙරට මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය සැලකියයුතු ලෙස පහත වැටී ඇති බවත්, ඇතැම් රටවල මැණික් හා ස්වර්ණාභරණ මිලදී ගැනීමෙන් පසු වැට් බදු නැවත ඔවුන්ට ගෙවීම ආදී තරගකාරී කටයුතු මෙරට මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය පහත වැටීමට හේතුවී ඇති බවත් ඔහු පැවැසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved