Connect with us

පුවත්

පාතාලය මර්දනය කරන්න දක්ෂ පොලිස් ස්ථානාධිපතිවරුන් ඕනෙ – පොලීසිය

Published

on

යම් යම් පුද්ගලයින් තමන්ගේ ආරක්ෂාව උදෙසා පෞද්ගලික ආරක්ෂකයින්ගේ සේවාව ලබා ගැනීම පිළිබඳව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමුවිය. 

ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 22දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

පෞද්ගලික ආරක්ෂකයින් පිරිවරාගෙන ගමන් කරන ඇතැම් පුද්ගලයින් හේතුවෙන් මහජනතාව යම් යම් පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ දෙන බව කාරක සභා සාමාජිකයෝ පෙන්වා දුන්හ. යම් පුද්ගලයකු  ලබාගන්නා  පෞද්ගලික ආරක්ෂාව පිළිබඳව නීතිමය වශයෙන් පොලීසියට මැදිහත්විය නොහැකි බව කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු මෙහිදී පැවසුහ. කෙසේ වෙතත් එම පෞද්ගලික ආරක්ෂක සේවා වල පිරිස් ආයුධ භාවිත කරන බැවින් යම් නියාමනයක් අවශ්‍ය බව  කාරක සභාව පෙන්වා දෙන ලදී. පුද්ගලයින් පෞද්ගලික ආරක්ෂක සේවා ලබා ගැනීමේදී එම නියාමය කිරිමට අදාල  නිර්ණායක සකස් කිරීමට ආරක්ෂක අමාත්‍යංශයට උපදෙස් ලබාදීම කාරක සභාව තීරණය කරන ලදී.      

පාතාල ආශ්‍රිත ක්‍රියාකාරකම්වල වර්ධනයක් පැවතීම පිළිබඳව ද කාරක සභාව තුල දීර්ඝ ලෙස සාකච්ජා විය. ත්‍රිවිධ හමුදාවේ සේවයේ නියුතු පිරිස් අපරාධ සිදුකිරීම සඳහා යොමුවීමේ වර්ධනයක් පෙන්නුම් කරන බවද කාරක සභාවේදී අනාවරණය විය. එහිදී අපරාධකරුවන් හඳුනාගැනීම පිළිබඳව යම් දුර්වලතාවයක් පවතින බව පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය. තම ප්‍රදේශ තුළ සිටින අපරාධකරුවන්  හඳුනාගැනීමට දක්ෂ පොලිස් ස්ථානාධිපතිවරුන් සිටීනම් අපරාධ සිදුවීමට පෙරම එය වළක්වා ගත හැකි බවත් ඒ හේතුවෙන් දක්ෂ පොලිස් ස්ථානාධිපතිවරුන් හඳුනාගෙන ඔවුන්ව අදාළ ප්‍රදේශවලට සේවය සඳහා යොමු කිරීමට අවධානය යොමුකර  ඇති බව පොලිස්පතිවරයා  වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

මත්ද්‍රව්‍ය පාලනය කිරීම සම්බන්ධයෙන් ද කරක සභාව තුල දීර්ඝ ලෙස සාකච්ඡා විය.  පාසල් දරුවන් ඉල්ලක්ක කර මත් පෙති මගින් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු කිරීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ක්‍රියා කරන බව පොලිස් නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ. මත්ද්‍රව්‍ය පාලනයේදී මුලිකවම සිදු කළ යුත්තේ රට තුලට එම මත්ද්‍රව්‍ය පැමිණීම වැළක්වීම බවද ඔවුහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුහ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපොළ රාජසන්තක කිරීම වැනි නීති දැඩිව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයද කාරක සභාවේදී  සාකච්ජා විය.

රිය අනතුරු හේතුවෙන් විශාල ජිවිත සංඛ්‍යාවක් රටට අහිමි වන බව සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. 30 වසරක මෙරට පැවති යුද්ධයෙන් මියගියේ රණවිරුවන් 29,000ක් බවත්, පසුගිය වසර 10 තුළ මාර්ග අනතුරුවලින් පමණක් පුද්ගලයින් 27,000ක් පමණ මියගොස් ඇති බවද සභාපතිවරයා මෙහිදී සිහිපත් කළේය. ඒ අනුව මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය කරන රියදුරන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය උපකරණ හැකි ඉක්මනින් මිලදී ගෙන දිවයින පුරා පොලිස් ස්ථාන වෙත ලබාදීමට කටයුතු කරන ලෙස සභාපතිවරයා  උපදෙස් ලබාදුන්නේය.

දේපොළ කොල්ලකෑම්වල වර්ධනයක් සිදුව ඇති බවත් ඉන් බහුතරයක්  මිනිසුන්ගේ නොසැළකිලිමත්  බව නිසා සිදුවන බව පොලිසීය කාරක සභාව හමුවේ කරුණු දක්වමින් පෙන්වා දෙන ලදී. පුද්ගලයින් තමන්ගේ නිවාස ,ගොඩනැගිලි  හා අනෙකුත්  දේපොළ  සම්බන්ධයෙන්  වඩාත් අවධානයෙන් පසුවීම  ඉතා වැදගත් බවද පොලීසිය පෙන්වා දෙන ලදී.

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved