Connect with us

පුවත්

පාතාලේ කප්පම් ඉල්ලන දුරකථන අංක 4ක් ගැන පරීක්ෂණයක්

Published

on

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට ව්‍යාපාරිකයන්ට දුරකථන ඇමතුම් ලබාදී තර්ජනය කරමින් කප්පම් ලබාගැනීමේ ජාවාරමක නිරත පුද්ගලයෙක් ගැන පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අදාළ විමර්ශනය සිදුකරන නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අනාවරණ කරගෙන ඇත්තේ, මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු මීට වසර හතරකට පමණ පෙර විදෙස්ගත වූ 32 හැවිරිදි පුද්ගලයෙක් බවයි.

ඩුබායි හි රැඳී සිටින මෙම ජාවාරම්කරුවන්, කප්පම් ලබාගැනීම් සිදුකිරීම සඳහා මෙරට වෙනත් පුද්ගලයන් භාවිත කරමින් දුරකථන අංක කූට ක්‍රමවේදයක් ඔස්සේ යොදාගන්නා බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

එහිදී ඔවුන් තාක්ෂණික ක්‍රමවේදයක් මගින් විවිධ පුද්ගලයන්ට ඒ ඒ පුද්ගලයන් භාවිත කරන දුරකථන අංකයෙන්ම ඇමතුම් ලබාදී ඇතැයි අනාවරණ වී ඇත.

ඒ අදාළ දුරකථන සමාගම මගින් ලැබෙන ඇමතුමක් බවට ඒත්තු ගැන්වීම සඳහා.

එලෙස ඇමතුම ලබාදී, දිනුම් ඇදීමකින් ත්‍යාගයක් දිනා ඇති බවත් එය පිරිනැමීම සඳහා දුරකථන අංකයට කෙටි පණිවුඩයක් මගින් ලැබෙන OTP අංකය ලබාදෙන ලෙසත් පවසන බව අනාවරණ වී ඇත.

අනතුරුව OTP අංකය මගින් දුරකථනයේ සියලුම විස්තර ලබාගෙන එම දුරකථන අංකයට අදාළව ඊ- සිම්පතක් ලබාගන්නා ජාවාරම්කරුවන් එය භාවිත කරමින් කප්පම් ලබාගැනීම සිදුකරන බව පොලීසිය පවසයි.

එලෙස ජාවාරම සඳහා බහුලව යොදාගෙන ඇති දුරකථන අංක 4ක් පොලීසිය විසින් මේ වනවිට හඳුනාගෙන ඇත.

ඒ අනුව,

076 944 91 26
071 564 97 53
076 413 26 85
074 149 75 54

යන දුරකථන අංකවලින් දුරකථන ඇමතුමක් ලැබුණහොත් වහාම ඒ සම්බන්ධයෙන් ආසන්න පොලිස් ස්ථානය දැනුම්වත් කරන ලෙස විමර්ශන නිලධාරින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පුවත්

Company 65ක් හැමදාම වරායෙන් බඩු පන්නවා.ආණ්ඩුවත් හොරුන්ව රකිනවා (වීඩියෝ)

Published

on

By

රේගුව හරහා පරීක්ෂා නොකර බහාලුම් පිට කිරීමට අදාළව නිකුත් වූ ජනාධිපති විමර්ශන කමිටු වාර්තාව සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීම සහ මෙම වංචාවට සම්බන්ධ සමාගම් හිමියන්ගේ නම් හෙළිදරව් නොකර සිටීමට රජය ගන්නා උත්සාහය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් විශේෂ අනාවරණයක් සිදුකරන ලදී.

ඊයේ (06) දින එම පක්ෂය විසින් සංවිධානය කර තිබූ විශේෂ මාධ්‍ය හමුවේදී අදාළ තොරතුරු පිළිබඳ අනාවරණය විය.

එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා, 

2025 07 06 දින පැවති මාධ්‍යය හමුවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා දැක්වූ අදහස් #flsplanka #PeoplesPower #viralvideoシ

Posted by Front Line Socialist Party on Sunday, July 6, 2025

Continue Reading

පුවත්

එස්.එම්. චන්ද්‍රසේ­නට පිටින් කෑම ගේන්න අවසර නැහැ

Published

on

By

රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍ර­සේන මහ­තාට පිට­තින් ආහාර දීමට කළ ඉල්ලීම බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව විසින් ප්‍රති­ක්ෂේප කර තිබේ.

රක්ෂිත බන්ධ­නා­ගාරගත කළ රැඳ­වූ­ව­කුට පිට­තින් ආහාර ගෙන ඒමට ඉල්ලී­මක් කළ යුත්තේ එම රැඳ­වූ­වාගේ පවුලේ සාමා­ජි­ක­යකු වුවද මෙම ඉල්ලීම කර තිබුණේ එස්.එම්. චන්ද්‍ර­සේන මහ­තාගේ හිටපු ලේක­ම්ව­ර­යකු විසිනි.

ඔහු පවුලේ සමී­ප­ත­ම­යකු නොවන නිසා එම ඉල්ලීම බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්­තුව විසින් ප්‍රති­ක්ෂේප කර තිබේ.

මේ අතර  බන්ධ­නා­ගාර වෛද්‍ය­වරු සිදු කළ පරි­ක්ෂා­වේදී ඔහු යහ­පත් සෞඛ්‍ය තත්ත්ව­යෙන් පසුවූ බවට ද අනා­ව­ර­ණය වී තිබේ.

මේ හේතුවෙන් ඊයේ (06) දිනයේ ද හිටපු අමාත්‍යවරයා  බන්ධ­නා­ගා­ර­යෙන් ලබා­දෙන ආහාර කෑමට ගෙන ඇතැයි බන්ධ­නා­ගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

Continue Reading

පුවත්

වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අත්අඩංගුවට

Published

on

By

ජයවර්ධනපුර රෝහලේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින, වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පසුගියදා අල්ලස් කොමිසමේ නිලධාරිනියකට තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වේ.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved