Connect with us

පුවත්

පාතාල කල්ලි මර්දනයට විශේෂ කමිටුවක්

Published

on

මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවලට අදාළව පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත්කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නියෝග පරිදි පොලිස්පති විසින් එම තීරණය ගෙන ඇත.

ඒ අනුව මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධව පොලිස් මූලස්ථානයට හා අමාත්‍යාංශයට වාර්තා කිරීම සඳහා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සභාපතිත්වයෙන් සහ පහත සඳහන් නිලධාරීන් ගෙන් සමන්විත කමිටුවක් මෙලෙස පත් කෙරුණි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – බස්නාහිර පළාත – ටී.එම්.ඩබ්.ඩී තෙන්නකෝන් මහතා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – උතුරු පළාත – කේ.පී.එම් ගුණරත්න මහතා

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – දකුණු පළාත – එස්.සී මැදවත්ත මහතා.

අණදෙන නිළධාරී –  විශේෂ කාර්ය බලකාය – ඩබ්.එස්.ඊ ජයසුන්දර මහතා.

නියෝජ්‍ය පොලිස්පති – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව – එස්.පී රණසිංහ මහතා.

නියෝජ්‍ය පොලිස්පති – මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය – ඔෂාන් හේවාවිතාරණ මහතා.

නියෝජ්‍ය පොලිස්පති – විශේෂ කාර්යාංශය – ටී.සී.ඒ. ධනපාල මහතා.

අධ්‍යක්ෂක – කොළඹ අපරාධ කොට්ඨාසය – එන්. සිල්වා මහතා.

පුවත්

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කල් දැමීමේ සූදානමක්?

Published

on

By

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර දෙකකින් කල්දැමීමට කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාලිත රංගේ බණ්ඩාර මහතා,

“දැන් මේ බංකොලොත් භාවයෙන් මුදාගන්න තියෙනවා, රටේ ආර්ථිකය හදන්න තියෙනවා, IMF සහ ජාත්‍යන්තර සංවිධාන සමග අපේ එකඟතාවයන් තියෙනවා. මේ එකඟතාවයන් අපි කඩකරගත්තොත් නැවතත් අපි යන්නේ අර 2022 තිබුණ තැනට. ඉතින් අපි දැන දැන එතැනට ගිහිල්ලා විනාශ වෙනවා ද ? එහෙම නැත්නම් පොදු එකඟතාවයකට ඇවිල්ලා අවුරුදු දෙකකට මේ දෙකම දික් කරනවා ද ? ජනාධිපතිතුමාට ඉන්න පෙරේතකමට නෙමෙයි. අපියි මේ කියන්නේ . පාර්ලිමේන්තු ඡන්දයකට ගිහිල්ලා ආපහු නාස්ති කරන්න එපා. දෙකම අවුරුදු දෙකකට කල් දාන්න, ඒ අවුරුදු දෙක ඇතුළත මේ ප්‍රශ්න ටික නිරවුල් කරගෙන මැතිවරණයට යන්න පුළුවන්.”

Continue Reading

පුවත්

“එක මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට එන්නේ ගිලන් රථයක එල්ලිලා”

Published

on

By

වාහන නොමැතිකම හේතුවෙන් මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් රැසක් තමාට පැමිණිලි කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

ඔහු පවසන්නේ, වාහනයක් නොමැති නැගෙනහිර පළාතේ මන්ත්‍රීවරයකු බොහෝ අවස්ථාවල කොළඹට පැමිණෙන්නේ ගිලන් රථයක නැගී බවය.

මන්ත්‍රීවරයා රෝහල් බලධාරීන්ට අමතා කොළඹට එන ගිලන් රථයක නැගී පැමිණෙන බවත්, තවත් මන්ත්‍රීවරුන් පොදු ප්‍රවාහන සේවයෙන් කොළඹට පැමිණෙන බවත් කතානායකවරයා විසින් සඳහන් කරන ලදී..

මේ අතර තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබාදෙන ලෙසට මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම ජනාධිපතිවරයාට මේ සතියේ භාර දෙන බවද ඔහු පැවසීය.

තමන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබාදෙන ලෙසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 116 දෙනෙක් සංදේශයක් භාරදෙමින් කතානායකවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කර තිබුණි..

එම ඉල්ලීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ අනුමැතිය දැනටමත් පළවී තිබේ.

Continue Reading

පුවත්

අහුංගල්ල පුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු වැලිඔයේදී අත්අඩංගුවට

Published

on

By

අහුංගල්ල, ලෝකන්වත්ත ප්‍රදේශයේදී පසුගිය 08 වනදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, වැලිඔය වෙහෙරතැන්න, බෝගස්වැව ප්‍රදේශයේදීයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කරන්නේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ වව්නියාව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු 23 හැවිරිදි වෙහෙරතැන්න බෝගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අදාළ වෙඩි තැබීමේ සිද්ධියේ යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.   

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved