අද (23) පෙරවරු 9.30ට ආරම්භ කළ පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 10.00ට අත්හිටුවීමට කථානායකවරයා තීරණය කළේය.
ඒ විපක්ෂයේ සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමක් අනුවය.
අද පැවැත්වීමට නියමිතව තිබූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කිරීමට විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීම සඳහා සභාව එලෙස කල්තබා තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ විපක්ෂයේ පක්ෂ නායකයින් සමඟ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණගැසී තිබේ.
කථානායකවරයාගේ නිල කාමරයේ දී එම හමුව සිදුව ඇති අතර, එහිදී මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගෙන ඒම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
(අරුණ)