Connect with us

පුවත්

පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇති වටිනා ගෘහ නිර්මාණ සංරක්ෂණය කරන්න යයි

Published

on

පාර්ලිමේන්තු සංකීර්ණයේ පවතින වටිනා ගෘහ නිර්මාණ සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරීම සදහා වන මූලික සාකච්ඡාවක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 27දා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ යෝජනාවකට අනුව ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩපිළිවෙලට අදාළ මූලික සාකච්ඡාවට ආයතන කිහිපයකම නියෝජිතයො සහභාගී වූහ.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පවතින වටිනා ගෘහ නිර්මාණ වල ඇති සංස්කෘතික සංකේතාත්මක බව, භූමි අලංකරණය සහ වටපිටාව, ඓතිහාසික සන්දර්භය සහ ජාතික අනන්‍යතාවය යනාදී කරුණු හේතුවෙන් ඒවා අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කෙරිණි. 

ඒවා අනාගත පරපුර සඳහා සංස්කෘතික සංකේතයක් ලෙස ආරක්ෂා කිරීම, නිර්මාණකරුවන්ට නිසි පිළිගැනීමක් ලබාදෙන අතරම ඔවුන්ට හිමි කතෘ හිමිකම් ආරක්ෂා කිරීම මෙන්ම වාස්තු විද්‍යාත්මක හා කලාත්මක වටිනාකම් වලින් ‍යුත් ව්‍යුහයන් විනාශවීමට ඉඩ නොදී සංරක්ෂණය කිරීම උක්ත වැඩපිළිවෙල මගින් අපේක්ෂිතය.

 සාකච්ඡාව සඳහා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව,  ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික කලා මණ්ඩලය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ඊනා ද සිල්වා භාරකාර අරමුදල, ජෙෆ්රි බවා භාරකාර අරමුදල, ජාතික ශිල්ප සභාව, හස්ත කර්මාන්ත මණ්ඩලය සහ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ.

ඒ අනුව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, සෙන්කෝලය, රිදී දොරටුව, තඹ දොරටුව, සිංහ දොරටුව සභා ගර්භයේ සීමාව, පිත්තල කොඩි 18, පොකුරු පහණ, රැස්වීම් ශාලාවේ සිවිලිම, තඹ දොර ඉදිරිපිට සිවිලිම, උත්සව ධජ 18, රේඛා චිත්‍ර, මන්ත්‍රී පිවිසුමේ ලී බිතුසිතුවම, කාර්ය මණ්ඩල ප්‍රවේශයේ බිතුසිතුවම්, ප්‍රභූ ආලින්දයේ සිතුවම්, ගරු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික භෝජනාගාරයේ සිතුවම්, දෙවන මහලේ පොට්ට්‍රේට් ගැලරිය, බිම් මහලේ ඡායාරූප ගැලරිය සහ වෙනත් වැදගත් ඡායාරූප /චිත්‍ර මෙන්ම ප්‍රදර්ශන කුටියේ ඇති පුරාවස්තු සංරක්ෂණය කිරීමට යෝජිතය.

පාර්ලිමේන්තු සංකිර්ණයේ ඇති ගෘහ නිර්මාණ සංරක්ෂණය කිරීම සඳහා කෙටි කාලින, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන විසඳුම් ඇතුළත් යෝජනාවලියක් සැකසිමටත් අදාළ ගෘහ නිර්මාණ පිළිබඳ නිසි ගවේෂණයක් සිදු කොට වෙන් වෙන් වශයෙන් කමිටු කිහිපයක් පිහිටුවිමටත් කථානායකවරයා යෝජනා කළ අතර ඒ සඳහා පිරිසේ එකඟතාවය හිමි විය.

ඒ අනුව සම්පූර්ණ යෝජනාවලිය සහ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා කිරීමට නැවත දෙසැම්බර් 12 වැනිදා යළි රැස්වීමටත් මෙහිදී තීරණය විය.

පුවත්

ජ’පුර දොස්තර දියණිය අල්ලස් කොමිසමේ 2ක් බයකරලා පොලිසිය අල්ලන්න සොයයි

Published

on

By

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේශී සූරසිංහ නැමැත්තියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට සහභාගි වී අධිකරණයෙන් පිටව යමින් සිටි අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරියට (නීති) එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය  මරණ තර්ජන කර ඇති බව කෙසෙල් වත්ත පොලිසිය පවසයි.

අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරිය සහ එම සභාවේ පොලිස් පරීක්ෂකවරයකු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය සහ තවත් දෙදෙනකුට එරෙහිව නඩුවට පෙනී සිටිමින් අධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය ‘‘උඹල දෙන්නා මරනවා’‘ යනුවෙන් තර්ජන කර ඇති බව පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කෙසෙල් වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

පර්පෙචුවල් ට්‍රෙෂරීස්හි ව්‍යාපාර කටයුතු තවත් මාස 6කට දික්කරයි!

Published

on

By

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමේ තීරණය තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ සිදුකරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගත් බවය.

ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රථමික අලෙවිකරුවෙකු වශයෙන් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අද (05) සිට  තවත් මාස 6කින් දිර්ඝ කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

Continue Reading

පුවත්

අර්ජුන සතු “කැප්ටන් කූල්” නම දෝනිට ලියා ගැනීමේ උත්සාහයක!

Published

on

By

1990 දශකයේ දී හිටපු ප්‍රකට ක්‍රීඩා විචාරකයකු වූ බ්‍රිතාන්‍ය ජාතික ටෝනි ග්‍රේග් විසින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග හැඳින්වීමට භාවිත කරන ලද “කැප්ටන් කූල්”‍ යන හැඳින්වීම වෙළෙඳ සන්නාමයක් ලෙස තමන් වෙනුවෙන් ලියාපදිංචි කිරීමට හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයකු වන මහේන්ද්‍ර සිං දෝනි විසින් ඉන්දියාවේ වෙළෙඳ ලකුණු පාලක ජනරාල් කාර්යාලය වෙත අයැදුම්පතක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

මේ බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය විශේෂ වාර්තාවක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. 

අර්ජුනට පසුව තමන්ද මෙම නාමයෙන් හැඳින්වීම නිසා ඔහු මේ ඉල්ලීම කර ඇතැයි පැවසේ.

2025 ජූනි මස 16 වැනි දින දෝනි විසින් කරන ලද මේ ඉල්ලීම ඉන්දියාවේ වාණිජ සහ කර්මාන්ත අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. 

මෙකී සන්නාමය යටතේ ක්‍රීඩා පුහුණු පහසුකම් සැපයීමට අදාළ සේවා සැපයුම අපේක්ෂා කරන බව දෝනිගේ අයැදුම්පත්‍රයේ‍ සඳහන්ය. 

එහෙත් මේ සම්බන්ධයෙන් දින එකසිය විස්සක් තුළ විරෝධතා ඉදිරිපත් කළ හැකි බව ද එම අමාත්‍යංශය කියයි.

මේ පිළිබඳව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය සමඟ සාකච්ඡා කළ ක්‍රිකට් විචාරකයන් කිහිප දෙනකු ප්‍රකාශ කර ඇත්තේ අර්ජුන රණතුංගට අයත් වෙළෙඳ සන්නාමය ලබා ගැනීමට ඉන්දියාවේ හිටපු ක්‍රිකට් නායකයා විසින් කරන ලද ඉල්ලීම පිළිගත නොහැකි බවයි. 

එය වරදක් බවත් ඔවුන් සඳහන් කර ඇත. 

ඇතැමකු සඳහන් කර තිබුණේ අර්ජුන රණතුංගට මෙම හැඳින්වීම ලබා දී තිබුණද ඔහු ඊට අයිතිවාසිකම් කීමට ඉදිරිපත් නොවීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවය.

දැනට 44 වැනි වියේ පසුවන මහේන්ද්‍ර සිං දෝණිට පසුගිය දා ජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සිලය “හෝල් ඔෆ් ෆේම්ස්”‍ යන ගෞරව නාමය ද පුද කරනු ලැබූ බව මේ සම්බන්ධයෙන් පළ කළ බ්‍රිතාන්‍ය ගුවන්විදුලි වාර්තාවේ දැක්වෙයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved