Connect with us

පුවත්

පාසල් ආශ්‍රිත ලාදුරු පරීක්ෂාවන් නැවැත්වීමට යයි

Published

on

ඉදිරියේ දී පාසල් ආශ්‍රිතව ලාදුරු රෝගී පරීක්ෂාවන් සිදුනොකිරීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පවසයි.

දරුවන්ගේ මානසික තත්ත්වය පිළිබඳ අවදානය යොමුකරමින් එම පියවර ගෙන ඇති අතර භාහිර ස්ථානවල සිදුකරන පරීක්ෂණ සහ ආශ්‍රිතයින් හඳුනාගැනීමේ ක්‍රියාවලිය අඛණ්ඩ සිදුකෙරෙන බව ඔහු සඳහන් කරයි.

“ළමයින්ගේ බහුතරයකට 80%කට වඩා තියෙන්නේ බෝනොවන ලාදුරු. ඊළඟ කාරණය තමයි අපි ඒ වගේ ළමයෙක්ව ලාදුරු රෝගියෙක් කියලා හඳුනාගන්න, ඒ අදාළ පාසලේදී පරීක්ෂාව කරන විට දී ඒ ළමයාට ලොකු මානසික පීඩනයක් ඇතිවෙනවා. මොකද අපි ඇවිල්ලා PHI මහත්වරු, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහත්වරු, දොස්තර මහත්වරු ඇවිල්ලා බලන්නේ, ඒ ළමයාගේ ලාදුරු හඳුනාගත්ත නිසා කියලා ලොකු බයක් තියෙනවා. අපි ළමයාගේ අනන්‍යතාවය හෙළි කරන්නේ නැහැ. නමුත් ඉතාම කලාතුරකින් අවස්ථාවලදී වෙනම ඒ ළමයාව හඳුනා ගැනීමක් වෙන්න පුළුවන්. සෞඛය අමාත්‍යාංශයේ ලාදුර මර්දන ව්‍යාපාරය තීරණය කළා මින් පසු අපි ලාදුරු තියෙන ළමයෙක් හමුවුණා කියලා, ළමයාගේ පාසලට ගිහින් ලාදුරු රෝගීන් ඉන්නව ද කියලා පරීක්ෂා කරන්නේ නැහැ. අපි විශේෂ අවස්ථාවලදී විතරක් කරනවා. ඒක බොහෝම කල්පනාවෙන් තොරාගත් අවස්ථාවලදී විතරයි කරන්නේ. සමස්තයක් වශයෙන් අපි කරන්නේ නැහැ ඒක,” යැයි ඔහු පවසා තිබේ.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved