Connect with us

පුවත්

පාසල් යුනිෆ‌ෝම් ඇඳගෙන නිල් චිත්‍රපට හැදූ උපාධි යුවලක් අත්අඩංගුවට

Published

on

පාසල් සිසුවියක් ලෙස ව්‍යාජ ලෙස රංගනයක යෙදෙමින් අසභ්‍ය දර්ශන රූගත කර අන්තර්ජාලයට මුදාහැරීමේ ජාවාරමක නිරතව සිටි යුවළක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 28ක කාන්තාවක් සහ වයස අවුරුදු 29ක පිරිමි පුද්ගලයෙකි.

ඔවුන් නිත්‍යානුකූලව විවාහය ලියාපදිංචි කර ඇති අතර විවාහ උත්සවය ද එළඹෙන වසරේ සිදුකිරීමට නියමිතව ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති දෙදෙනාම උපාධිධාරීන් වීම විශේෂත්වයකි.

මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් තමන් මෙලෙස අසභ්‍ය වීඩියෝ නිෂ්පාදනය කර අන්තර්ජාලයට මුදාහැරීමට කටයුතු කළ බව ඔවුන් පොලීසියට පවසා ඇත.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් ඉන් මාසයකට රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් උපයා ඇති බවය.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී අසභ්‍ය වීඩියෝ නිෂ්පාදනය සඳහා යොදාගත් උපකරණ සහ පරිගණකයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

එහිදී අදාළ රූගත කිරීම් සඳහා යොදාගත් බව කියන පාසල් නිල ඇඳුම්, ටයි ඇතුළු දේවල් ද පොලීසිය සොයාගෙන ඇත.

කලක් තිස්සේ මෙලෙස මෙම ජාවාරම සිදුකර ඇති සැකකාරිය සහ සැකකරු විසින් සකස් කර ඇති අන්තර්ජාල ගිණුමේ පරිශීලකයින් 4,400ක් පමණ සිටින අතර ඔවුන්ගේ වීඩියෝ නැරඹුම් වාර මිලියන 8.7ක් පමණ ඇති බවද අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර සැකකරු පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

යුවළක් පිළිමතලාව ප්‍රදේශයේ ලැඟුම්හලක අසභ්‍ය දර්ශන රූගත කරන බවට කඩුගන්නාව පොලිස් ස්ථානයේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණරත්න මහතාට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්ඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි මත මුදාහැර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කඩුගන්නාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

(අද දෙරණ)

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved