Connect with us

පුවත්

පාසල් සිසුන් විශාල ප්‍රමාණයකට සුවිශේෂී අවස්ථාවක්

Published

on

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ මෙවර සිසුන් හත්දහසකට ණය ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

මේ සඳහා මෙම මස 9 වැනිදා සිට 20 වැනිදා දක්වා අයැදුම්පත් කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව පැවසේ.

උපරිම රුපියල් ලක්ෂ පහළොවක් දක්වා කාණ්ඩ පහක් යටතේ මෙවර ණය ලබා ගැනීමට හැකි වන අතර උසස් අධ්‍යාපන ආයතන දහඅටක උපාධි පාඨමාලා සඳහා සිසුන්ට අයැදුම් කළ හැකි බව සඳහන්ය.

රුපියල් ලක්ෂ පහළොවක් ලබා දෙන්නේ ඉංජිනේරු පාඨමාලා සඳහා වන අතර, විද්‍යා පාඨාමාලා සඳහා රුපියල් ලක්ෂ දොළහක්ද තොරතුරු තාක්ෂණ පාඨාමාලා සඳහා රුපියල් ලක්ෂ දහයක්ද වශයෙන් ණය හිමිකම ලබා ගත හැකි වේ.

කළමනාකරණ පාඨමාලා සඳහා හිමිවන ණය මුදල රුපියල් ලක්ෂ දහයක් වන අතර සමාජ විද්‍යා පාඨාමාලා වෙනුවෙන් රුපියල් ලක්ෂ අටක් හිමිවේ.

මෙම ණය මුදල ලබා ගැනීම සඳහා මෙවර ඇපකරුවන් දෙදෙනකු අනිවාර්ය කර තිබීමද විශේෂත්වයකි.

මව හෝ පියා පළමු ඇපකරුවා ලෙස අත්සන් කළ යුතු වන අතර දෙවැනි ඇපකරුවා ණය මුදල අනුමත කෙරෙන බැංකුවේ අවශ්‍යතාව අනුව ඉදිරිපත් කළ යුතු වේ.

ඇපකරුවන්ගේ අවශ්‍යතාව මෙවර අනිවාර්ය කර ඇත්තේ මෙතෙක් ණය ලබාගෙන ඇති සිසුන් දෙසිය අනූ දෙදෙනෙක් ණය මුදල ගෙවීම පැහැර හැර තිබීම නිසා බව පැවසේ.

මෙවර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ අටවැනි වරට වන අතර මෙවර අයැදුම් කළ හැකි වන්නේ පසුගිය 2022 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට පමණක් බව දැනුම්දී ඇත.

කැබිනට් තීරණ

පොදු ප්‍රවාහනට ළඟදීම මෙට්‍රෝ බස් 100ක්

Published

on

By

පොදු ප්‍රවාහනයේ නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙට්‍රෝ බස් රථ 100ක් ධාවනයට එක්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සුවපහසු, දියුණු තාක්ෂණයෙන් යුතු එම බස් රථ හඳුන්වා දීමට 2025 අයවැය මඟින් ද යෝජනා වුණි.

ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව, මාකුඹුර, කඩුවෙල, කඩවත සහ මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සේ මගී ප්‍රවාහනය සඳහා මෙම පහත් පිවිසුම් සහිත බස් රථ එක්වෙනු ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ යෝජනාව සැලකිල්ලට ගෙන 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ස්ථාපිත කර යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

කැබිනට් තීරණ

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න (UPDATE)

Published

on

By

ඊයේ (ජූනි 02) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :


(පෙර පුවත 2025 ජූනි ප.ව.12.49 )

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved