Connect with us

පුවත්

පාස්කු ප්‍රහාරයෙන් පසු තහනම් කළ බලපත්‍ර නැවත ලබාදෙයි

Published

on

පාස්කු ප්‍රහාරයේ සහරාන් කල්ලියට පුපුරන ද්‍රව්‍ය ලබාදුන් පුද්ගලයන් හඳුනා ගෙන එම බලපත්‍ර තහනම් කර තිබූ නමුත් කෙටි කාලයකදී නැවත ඔවුන්ට එම බලපත්‍ර ලබා දී තිබූ බව සමස්ත ලංකා පුපුරන ද්‍රව්‍ය අලෙවිකරුවන්ගේ සංසදයේ සභාපති සූර්ය කුමාර විජේරත්න මහතා පවසයි.

සමස්ත ලංකා පුපුරන ද්‍රව්‍ය අලෙවිකරුවන්ගේ සංසදය මහනුවර පේරාදෙණිය තානායමේ ඊයේ (07) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සූර්ය කුමාර විජේරත්න මහතා මේ බව සඳහන් කලේය.

පුපුරන ද්‍රව්‍ය ආනයනය කිරීමේදී, බෙදා හැරීමේදී සහ බලපත්‍ර නිකුත් කිරීමේදී රුපියල් බිලියන ගණනක වංචාවක් සිදුව තිබෙන බව සභාපතිවරයා පවසයි.

තවද ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්න සුදුසුකම් පරීක්ෂා නොකර පුපුරන ද්‍රව්‍ය බලපත්‍ර ඔහුගේ හා දේශපාලනඥයන්ගේ හිතවතුන්ට නිකුත් කර ඇතැයි සඳහන් කලේය.

ඔහු මෙහිදී ඉල්ලා සිටියේ පසුගිය රජය සමයේ පුපුරන ද්‍රව්‍ය අලෙවි කිරීමට බලපත්‍ර නිකුත් කිරීමේදී සිදුව ඇති වංචා සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත්කර පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙසය.

හිටපු ලේකම්වරයා නිකුත් කළ බලපත්‍රවලට අදාළව මහනුවර සහ මහව ප්‍රදේශවල මේ වනවිට ගබඩා ඉදිකෙරෙමින් පවතින බවත් නුසුදුසු පුද්ගලයන්ට මෙම බලපත්‍ර ලබා දී ඇති බවට හිටපු ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කිරීමට අවස්ථා කිහිපයකදී උත්සහ කළ ද ඊට අවස්ථාව ලබා නොදුන් බවත් සභාපතිවරයා පැවසුවේය.

මෙම ගැටලුව මාධ්‍ය හමුවේ හෙළිදරව් කිරීමට නොහැකි වාතාවරණයක් පසුගිය කාලයේ රටේ පැවති බව පැවසු සුර්ය කුමාර මහතා එසේ ආරක්ෂක ලේකම්වරයාට හෝ රජයේ ඇමැතිවරයෙකුට ප්‍රසිද්ධියේ චෝදනා කළේ නම් තම බලපත්‍රය අහෝසි කිරීමට ඉඩ තිබූ බවද අවධාරණය කර සිටියේය.

වංචා හා දූෂණ පිටුදැකීමට උත්සහ කරමින් සිටින වත්මන් ජනාධිපතිවරයා යටතේ සමස්ත ලංකා පුපුරන ද්‍රව්‍ය අලෙවිකරුවන්ගේ ගැටලුවලට විසඳුමක් ලැබෙතැයි අපේක්ෂා කරන බව ද ඔහු තවදුරටත් පැවසීය.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved