Connect with us

පුවත්

“පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා මම දන්නවා, හැබැයි මාධ්‍යට කියන්නේ නෑ”

Published

on

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු කවුරුන්ද යන්න තමන් දන්නා බවත් තමන් ඒ තොරතුරු මාධ්‍යට නොව ජනාධිපතිවරයා ඇතුළු ආරක්ෂක බලධාරීන්ට හෙළිකිරීමට සූදානම් බවත් බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමි මේ බව පැවසුවේ ඊයේ (06) මහනුවරදී මල්වතු – අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“පාස්කු ප්‍රහාරය, බලන්න ගෙනිච්ච අනවශ්‍ය මානය. මේකෙ මහමොළකාරයෙක් ඉන්නවාය කිව්වා. දැන් හොයනවාද මහමොළකාරයා ? මම වගකීමෙන් කියනවා මම දන්නවා මහමොළකාරයා. මම දන්නවා මහමොළකාරයා. හැබැයි ඒක මාධ්‍යට කියන්නේ නෑ. 

ඒක මාධ්‍යට කියනවා, රටේ ජනාධිපතිටයි ආරක්ෂාව භාරව ඉන්න මහ එවුන්ටයි කියලා. මහමොළකාරයා ගැන මම දන්නවා, මහමොළකාරයාගේ පැටිකිරිය දන්නවා, මහමොළකාරයා ඇසුරු කරපු අය දන්නවා, මහමොළකාරයා හිටපු තැන දන්නවා, මහමොළකාරයා සහරාන්ලාව පුහුණු කරපු අන්දම දන්නවා, ඔහුව ගයිඩ් කරපු හැටි දන්නවා මරාගෙන මැරෙන්න. ඉතින් ඒ නම් ගම් ඔක්කොමත් එක්ක මම අදාළ බලධාරීන්ට කියනවා මිසක් මේක අප්පුහාමිටයි කරුණාවතී අම්මාටයි කියලා වැඩක් නෑනෙ … 

අද වෙද්දී විශාල භීතියක් නිර්මාණය වෙමින් තියෙනවා ආරක්ෂක අංශ තුළ නැගෙනහිර පළාත සම්බන්ධයෙන්. කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ සම්බන්ධයෙන් කරුණු කියලා තිබ්බා. වර්තමාන ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් ආරක්ෂක අයවැය විවාදයේදී ලංකාවේ ස්ථාන තුනක බරපතළ ගැටලුවක් ඇති බව අනාවරණය කරලා තිබ්බා. ඉතින් මම හිතන්නෙ මේ මොහොත නෙවෙයි අපි දන්න සමහරක් තොරතුරු මාධ්‍ය මගින් රටට කියන්න. මොකද රටේ ප්‍රධානීන්, වගකිවයුත්තන් අවධානයෙන් තබන්න ඕනෙ නිසා – අපට තවත් ප්‍රවෘත්තියක් මවන්න නෙවෙයිනෙ වුවමනාව තියෙන්නෙ – ඒ අදාළ බලධරයින් දැනුවත් කරන්න මම අපේක්ෂාවෙන් ඉන්නවා. ඒක ජනාධිපතිවරයා වෙන්න පුළුවන්, ආරක්ෂක ලේකම්වරයා වෙන්න පුළුවන්. මොකද රට කලබල කරන්න බෑ මේ වෙලාවෙ. මොකද එකක්, දළදා ප්‍රදර්ශනයට දින දීලා තියෙනවා. විශේෂයෙන් දළදා ප්‍රදර්ශනය ඇතුළු ඒ කටයුතු සම්බන්ධයෙන් ආරක්ෂාව ගැන වඩාත් සැලකිලිමත් වෙන්න කියන කාරණය ගැන මහානායක හාමුදුරුවන්ගෙන් ඉල්ලීමක් කළා මේ වෙලාවෙ”

පුවත්

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

By

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට පහසුකම් සැලසීම පමණක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved