Connect with us

පුවත්

“පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවෙකු බිහි කිරීමට ආණ්ඩුව අළුත් තිර රචනයක” (වීඩියෝ)

Published

on

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙරට හමුදා බුද්ධි අංශයට චෝදනා නගමින් යුද හමුදාවේ හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ ආණ්ඩුවේ සූදානමක් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

යුධ හමුදා බුද්ධි අංශය ඊට මැදිහත් වුණේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව බලයට ගෙන එම වෙනුවෙන් බවට චෝදනාව එල්ල කිරීමට ආණ්ඩුව සැරසෙන බව හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අද (03) පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම,

”මේජර් ජනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගන්න නම් අසාද් මවුලානාගෙන් ප්‍රකාශයක් ලබාගන්න ඕනේ. නමුත් අසාද් මවුලානාට ප්‍රකාශයක් ලබාදීමට ලංකාවට පැමිණෙන්න විදිහක් නැහැ විදස් ගමන් තහනමක් තිබෙන නිසා. පොලීසියට සිද්ධ වෙනවා ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට අරන් කල්මුණේ මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරන්න. ඒ නිසා ඔහුගෙන් ප්‍රකාශයක් ගැනීමට විතරක් නෙවෙයි සැලැස්ම වෙලා තියෙන්නේ කෙළින්ම මහේස්ත්‍රාත්වරයා ඉදිරියට ඉදිරිපත් කරලා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වැනි වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් සිද්ධ කරන්න. හැබැයි මේ වැඩේ කරගන්න බැහැ මේ විදෙස් ගමන් තහනම තිබෙන නිසා ආණ්ඩුවේ පාස්කු නාටකය ඉදිරියට ගෙනයාමට මේ විදෙස් ගමන් තහනම බාධාවක්. පොලීසියට උපදෙස් ලැබෙනවා ඉහළින් අසාද් මවුලානාගේ නීතිඥයෙක් විදෙස් ගමන් තහනම ඉවත් කරගැනීමට උසාවියට මෝසමක් ඉදිරිපත් කරයි පොලීසිය ඒකට විරුද්ධ නොවී සිටිය යුතුයි. ඒ අනුව පසුගිය ජනවාරි 21 වැනිදා ආණ්ඩුව විසින්ම සූදානම් කළ නීතිඥවරයා කල්මුණේ මහේස්ත්‍රාත් උසාවියේ මෝසමක් ඉදිරිපත් කරලා අසාද් මවුලානාට එරෙහිව තිබෙන විදෙස් ගමන් තහනම ඉවත් කරන්න කියල අධිකරණයෙන් ඉල්ලීමක් කරනවා. ඉහළින් ලැබුණ උපදෙස් නිසා මේ විදෙස් ගමන් තහනම ලබාගන්න සයින්දමරුදු පොලීසියේ නිලධාරීන් එහිදී විරෝධය පළකරන්නේ නැහැ. ඒ අනුව අසාද් මවුලානාට තිබෙන විදෙස් ගමන් තහනම උසාවිය විසින් ඉවත් කරනු ලබනවා.”

”පාස්කු ප්‍රහාරය සිදුකළේ ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ කියල චැනල් 4 නාලිකාව චෝදනාවක් එල්ල කළා අපිට මතකයි. නමුත් ඒ චෝදනාව අතාර්කික පදනම් විරහිත චෝදනාවක් කියන එක ඉමාම් කමිටු වර්තාවේ ඉතාම තාර්කිකව පෙනුම් කළා කියන එක අපි පසුගිය ඔක්තෝම්බර් මාසයේ මේ රටට හෙළිකළා. ඒ ඉමාම් කමිටු වාර්තාව සකස් කළේ කීර්තිමත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු, විශ්‍රාමික ගුවන් හමුදාපතිවරයෙකු සහ ජනාධිපති නීතිඥවරයෙකු කියන එකත් යළි අපි සිහිපත් කරන්න ඕනේ. අපි ඒ හෙළිදරව්ව කළාට පස්සේ තමන් හදාගත්තු බොරුව අතේ පත්තු වුණු නිසා අලුත් බොරුවක් හදාගැනීමේ උත්සාහයක පහුගිය කාලයේ ආණ්ඩුව දීලා හිටියා. නමුත් තාර්කිකව අලුත් බොරුවක් හදාගන්න බැරිවුණ නිසා අර චැනල් 4 බොරුවම ඉදිරියට අරගෙන ගිහිල්ලා මේ පාස්කු ප්‍රහාරය කළේ ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ නිලධාරීන්, ඒ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන එන්නයි කියල චෝදනාව නගලා එවකට හමුදා බුද්ධි අංශ ප්‍රධානීයා විදිහට කටයුතු කරපු මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් මේ වන විට ආණ්ඩුව තුළ තිබෙනවා.” 

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved