Connect with us

පුවත්

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන මනූෂ, හරීන් හා කාදිනල්ගෙන් ප්‍රශ්න කරන්න – ඥානසාර හිමි

Published

on

පාස්කු ප්‍රහාරය පිටුපස මහ මොළකරුවකු සිටින බවට ප්‍රකාශයන් කළ මනුෂ නානායක්කාර, හරින් ප්‍රනාන්දු සහ කාදිනල් හිමියන්ගෙන් වහාම ප්‍රශ්න කළ යුතු බව බොදුබල සේනා සංවිධානය පවසයි.

එම සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ (20) මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ වත්මන් ආණ්ඩුව බලයට පත් වී හය මාසයක් ගත වී ඇතත් මෙතෙක් පාස්කු ප්‍රහාරය පිළිබඳව යාවත්කාලීන කිරීමක් සිදු කර නොමැති බවය.

“පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරලා මනුෂ නානායක්කාර, හරින් ප්‍රනාන්දු ප්‍රකාශයක් කළා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මහ මොළකරුවෙක් ඉන්නවා කියලා. එතැන් සිට තමයි මහ මොළකරු පිළිබඳ ප්‍රබන්ධය ඉදිරියට ආවේ. මනුෂ නානායක්කාර, හරින් ප්‍රනාන්දු සහ කාදිනල් හිමියන් දිගින් දිගටම මහ මොළකරුවෙක් ගැන හොයන්න ගත්තා. හැබැයි අද වෙනකන් ඔවුන් තිදෙනාගෙන් යම් සාක්ෂියක් හරි ප්‍රකාශයක් ලබාගෙන තියෙනවද? මහ මොළකරුවා කියන ප්‍රබන්ධ කතාවත් එක්ක අසාද් මවුලානා චැනල් ෆෝ නාලිකාවට කිව්වා ඔව් මම දන්නවා මේ සිද්ධිය කියලා. ඔහුගෙන් සාක්ෂි ගත්තෙත් නැහැ. ඔහු යුරෝපයට ගිහින් නොයෙක් විදියේ කතා කියන්න පටන් ගත්තා. දැන් මේ ආණ්ඩුව බලයට ඇවිත් මාස හයක් වෙනවා. අවම තරමින් මහ මොළකරු ගැන හෝ අලුත් තොරතුරක් ගැන කිසිම ආකාරයක යාවත්කාලීන කිරීමක් හෝ සිදු කළේ නැහැ. අසාද් මවුලානා ලංකාවට එන්නේ නැතුව චැනල් ෆෝ නාලිකාවෙන් විශාල හෙළිදරව්වක් කළාට පස්සේ දැන් හය මාසයක් ගත වෙලා තියෙනවා. ඔහු යුරෝපයේ ඉන්නේ. ඔහු ගෙන්වා ගන්න ගත්ත ක්‍රියාමාර්ගය මොකද්ද මේ ආණ්ඩුව? සහරාන්ගේ කණ්ඩායමේ අයි එස් අයි එස් ත්‍රස්තවාදී සැකකරුවන් 24දෙනෙක් තවමත් ජීවතුන් අතර ඉන්නවා. ඔවුන් අත්අඩංගුවේ. ඔවුන්ගෙන් කිසිම කෙනෙක් අසාද් මවුලානා කියන කතාව තහවුරු කරන්න එක වචනයක්වත් පවසා තිබේද? එහෙම ලස්සන කතාවක් කියලා තිබ්බා සහරාන්ගේ කණ්ඩායම බුද්ධි නිලධාරියෙක් මුණ ගැහෙන්න වෑන් රථයකින් ආවා කියලා අසාද් මවුලානා කිව්වා. ඒක ඇත්ත නම් රියැදුරු යොදා ගන්න පුළුවන්නේ සාක්ෂියකට. ඔහු තවමත් බන්ධනාගාරයේ ඉන්නවා. ඒ රියැදුරාගෙන් අහන්න බැරිද අසාද් මවුලානා මොනවා හරි කිව්වද මහ මොළකරු ගැන කියලා. එහෙම බවක් අපිට පේන්නත් නැහැ. ඒ විතරක් නෙවේ සහරාන්ගේ බිරිද ඉන්නේ ජීවතුන් අතර. ඒ නිසා මොවුන්ගෙන් ප්‍රශ්න කරන්න. මම සමග මේ ගැන වාද කරන්න එන්න. මම වාද කරනවා කරුණුත් එක්ක. මම අභියෝග කරනවා.”

මූලාශ්‍රය – අරුණ

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved