Connect with us

පුවත්

පාස්ටර් ජෙරම්ගේ සල්ලි උණ්ඩියෙල් ක්‍රමේට රට; මහින්දට සම්බන්ධයක් නෑ

Published

on

බුදුන් වහනසේට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් කලැයි යන චෝදනා මත අත්අඩංගුවට ගැනීටම සොයන දේවගැති ජෙරම් ප්‍රනාන්දුට අයත් වත්කම් හා දේපොළ උපයාගත් ආකාරය සම්බන්ධව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

අධිකරණය මගින් දේවගැති ජෙරම් ප්‍රනාන්දු සම්බන්ධ විදෙස් ගමන් තහනමක් ගැනීමට පෙරදින ඔහු සිංගප්පූරුව බලා ගිය අතර, යළිත් ලබන ඉරිදා මෙරටට එන බව දැනුම් දී ඇත.

ජෙරම් ප්‍රනාන්දු තම දේශන පවත්වන කටුනායක, වේයන්ගොඩ පාරේ මිරකල් ඩෝම් නමැති ආගමික මධ්‍යස්ථානය සඳහා මුළු තක්සේරු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 09ක් බව අනාවරණය වී ඇත.

මෙම අක්කර හතරක ඉඩම ලබාදී ඇත්තේ එම සභාවේ සාමාජිකත්වය ලබාගෙන සිටින ව්‍යාපාරිකයකු හා ඔහුගේ බිරිඳ විසිනි.

මෙම සභාව වෙත ලන්ඩන්, යුරෝපය, ඇමරිකාව, හොංකොං, ඩුබායි, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, බංග්ලාදේශය යන රටවල්වල දේවගැතිවරුන් යාච්ඤා මෙහෙයන් සඳහා මෙරටට පැමිණෙන අතර එම රටවලින්ද මෙම ආයතනය වෙත ආධාර මුදල් ලැබෙන බවද හෙළිවී තිබේ.

මෙම සභාව වෙත ආධාර ලෙසින් ලබාදෙන මුදල් සඳහා රිසිට්පත් ලබානොදෙන බවත්, ආධාර සඳහා ගෙවිය හැකි අවම මුදල රුපියල් ලක්ෂ පහක් බවත් හෙළිවී ඇත.

ජෙරම්ගේ ගඩොල් ගලක් ලක්ෂ පහයි

මෙම ආයතනය වෙත ලැබෙන මුදල් උණ්ඩියල් ක්‍රමයට ඩුබායි, කටාර් හා එංගලන්තයෙ ඇති ගිණුම්වල තැන්පත් කරන බව විමර්ශනවලදී තොරතුරු ලැබී ඇති බවද පැවසේ.

ගල්කිස්සේ හා හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ මිල අධිකම නිවාස දෙකක් දේවගැතිගේ පවුලේ අයගේ නමින් මිලදීගෙන ඇතැයි හෙළිවී තිබේ.

මහින්දලා සම්බන්ධ නෑ

මේ අතර, තමන් ඌබර්ට් එන්ජල් හෝ ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරුන් මුණ ගැසී ඇත්තේ එක් වතාවක් පමණක් බවත් ඔවුන් සමඟ කිසිඳු සම්බන්ධතාවයක් තමන්ට නොමැති බවත් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.

තමන් එක්වතාවක් ඔවුන් මුණ ගැසුනේ දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ කාර්යාලය නිල වශයෙන් කළ ඉල්ලීමක් නිසාවෙන් බව රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ.

ඌබර්ට් එන්ජල් සහ ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරුන් සමඟ සම්බන්ධතාවයක් තිබෙන බවට එල්ල වන චෝදනාවට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මේ බව පවසා ඇත.

සබැදි පුවත්
අධිකරණ නියෝගයට පෙර ජෙරම් පැන්න රට හෙළිවෙයි!

ජෙරම්ගේ ප්‍රකාශය සම්පූර්ණයෙන් හෙළා දකිනවා – කතෝලික සභාව 

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(03) යළිත් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව අද(03) පස්වරු 2ට රැස්වීමට නියමිතව තිබේ.

චෝදනාවලට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම අද (03) සිදු කෙරෙනු ඇත.

නීතීපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාල දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 09 වැනිදා ඉදිරිපත් කිරිමට තීරණය කලේය.

ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වැනිදා සිදු කිරිමට නියමිතය.

ඉන් පසු 16 වැනිදා සිට දිනපතා පෙරවරු 9.30 සිට පරික්ෂණ කමිටුව රැස්විමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved