Connect with us

පුවත්

පාස්පෝට් වලට දින ගන්න ඔන්ලයින් ක්‍රමේ 06දා සිට

Published

on

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට දිනයක් වෙන් කර ගැනීමේ මාර්ගගත ක්‍රමය නොවැම්බර් 06 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

අද (04) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ආගමන විගමන පාලක ජනරාල් (වැඩබලන) ඩී.එම්.ඩී. නිලූෂා බාලසූරිය මහත්මිය පැවසුවේ ආගමන විගමන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙසේ දිනයක් වෙන් කර ගත හැකි වනු ඇති බවයි.

“එක් දිනයක් ලබාගෙන වෙන් කරවා ගැනීම සිදුකරකොට යම් සීමා සහිත ප්‍රමාණයක් තමයි ටෝකන් ප්‍රමාණයක් ලබා දෙන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒ ප්‍රමාණය අවසන් වුණාට පස්සේ ඉදිරි දිනයක් සඳහාත් ඔබට වෙන් කරවා ගැනීමට පුළුවන්. ඒ අනුව ඔබට දවසේ ඕනෑම වෙලාවක, ඕනෑම තැනක ඉඳලා ඕනෑම පුද්ගලයෙකුට මේ වෙබ් අඩවිය හරහා දිනයක් වෙන් කරවා ගැනීමට පුළුවන්. ඒ අනුව නොවැම්බර් මාසේ 6 වැනිදා ඉඳලා මෙම මාර්ගගත ක්‍රමය ක්‍රියාත්මක කරන්න තීරණය කළා. ඒ නිසා නොවැම්බර් මාසේ 6 වැනිදායින් පසුව දිනයක් වෙන් කරවා ගැනීමේ අපේක්ෂාවෙන් පැමිණීමෙන් වළකින ලෙස අපි මහජනතාවට දැනුම් දෙනවා. ඒ වගේම මේ වෙනකොට නොවැම්බර් මාසේ අග වෙනකන්ම අපි දින ලබා දීලා ඉවරයි. ඒ නිසා දෙසැම්බර් මාසේ මුල් දිනයක ඉඳන් ඔබට දිනයක් වෙන් කර ගැනීමේ හැකියාව පවතිනවා,” යැයි ඇය පැවසුවාය.

කෙසේවෙතත්, යම් අයෙකුට හදිසියේ විදෙස්ගමන් බලපත්‍රය ලබා ගැනීමේ අවශ්‍යතාවය පවතින්නේ නම් ඒ සඳහා එම සනාථ කළ හැකි ලිපි ලේඛන රැගෙන පැමිණිය හැකි බවද ඇය පැවසුවාය.

ඒ සඳහා කටයුතු කිරීමට ස්වාධින කමිටුවක්ද ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කර ඇති බවද ඇය දැනුම් දුන්නාය.

“ඇත්තෙන්ම හදිසි අයෙකුට විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ අවශ්‍යතාවට තිබුණාත් මේ ක්‍රමවේදය හරහා ගිහින් දිනයක් ලබා ගැනීම සිදුකළ යුතුයි. ඒ දිනය ලබා ගන්නකොට තමයි එයාට තහවුරු කරන්න පුළුවන් වෙන්නේ මම දිනයක් ලබා ගත්තා නමුත් ඊට කළින් මට විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමේ අවශ්‍යතාවට තියෙනවා කියලා. එහිදී ඔහුට දැඩි අවශ්‍යතාවට සනාථ කරන්න පුළුවන් ලියකිවිලිත් අරගෙන අපේ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන්න පුළුවන්. අපි මේ වෙනකොටත් ඒ වෙනුවෙන් ස්වාධීන කමිටුවක් ස්ථාපිත කරලා තියෙනවා. ඒ කමිටුව හමුවට ඔහගේ අවශ්‍යතාවය සනාථ කරන්න පුලුවන් ලිපි ලේඛන රැගෙන පැමිණෙන් කියලා අපි කියනවා. එහිදී ඔහුට යම් ආකාරයේ සහනයක් ලබා ගන්න පුළුවන්. හැබැයි ඒ වගේම අපි අවධාරණය කරනවා රාජ්‍ය දෙපාර්තමේන්තුවක් විදිහට යම් ආකාරයේ ව්‍යාජ ලේඛන, කූඨ ආකාරයෙන් සැකසූ ලේඛන ඒ අවස්ථාවේදී ඉදිරිපත් කළොත් ඒ සම්බන්ධව අපි නීත්‍යානුකූලව කටයුතු කරන්න නොපමාවම සූදානමින් සිටිනවා.”

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, July 1, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved