Connect with us

පුවත්

පැටීගේ ඝාතන ලැයිස්තුවේ ප්‍රසිද්ධ ගායකයෙක් සහ රංගන ශිල්පියෙක් ?

Published

on

පාතාල ලෝකයේ‍ ප්‍රබල නායකයන් ලෙස සැළකෙන ප්‍රංශයේ සැඟව සිටින කංජිපානි නමැත්තා සහ ඩුබායි හි සැඟව සිටින ලොකු පැටී නමැත්තා මෙරටට ජනප්‍රිය ගායකයකු සහ රංගන ශිල්පියකු ඇතුළු හත්දෙනකු ඝාතනය කිරීමට සැලසුම් සකස් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇතැයි ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

එම වාර්තාවට අනුව ජනප්‍රිය ගායකයා සහ රංගන ශිල්පියා ඇතුළු හත්දෙනා පාතාලයන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඒවා යළි නොදුන්නේ යැයි කියමින් ඝාතනය කිරීමට සැලසුම් සකස් කර තිබෙන බව පැවසේ.

ඝාතන ලැයිස්තුවේ සිටින බව කියන මෙම ගායකයා සහ රංගන ශිල්පියා ඇතුළු කිහිපදෙනකු මීට වසර කිහිපයකට ඉහත දී පාතාල පාර්ශවයක් සංවිධානය කළ උත්සවයකට සහභාගිවීමට ඔවුන් සැඟව සිටින රටටද ගොස් තිබේ.

මෙම ඝාතන සැලැස්ම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පවසා තිබුණේ මෙවැනි ආරංචියක් පැතිරයමින් පවතින බවය.

ඒ අනුව මෙම සැලැස්මේ ඇත්ත නැත්ත සොයාබැලීමට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් යොදවා කරගෙන යන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබුණි.

පුවත්

රනිල්ගේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂගෙන් ඡායාරූප ශිල්පියකුට මරණ තර්ජන

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තමාට දුරකතන මගින් මරණීය තර්ජන සිදුකළ බවට එම මාධ්‍ය අංශයේ මේ වනවිට සේවය කරන ඡායාරූප ශිල්පියකු කහතුඩුව පොලිසිය වෙත ඊයේ (12) පැමිණිල්ලක් සිදුකර ඇත.

මෙම තර්ජනය පෙරේදා (11) රාත්‍රියේදී සිදුව තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වීමෙන් පසු කළ සොයාබැලීමකදී ජනාධිපති මාධ්‍ය අංශයේ තිබූ ඩ්‍රෝන කැමරාවක් ඇතුළු උපකරණ කිහිපයක් අස්ථානගතව ඇති අතර ඒ සම්බන්ධයෙන් ආයතන මට්ටමින් විගණනයක්ද අරඹා තිබිණි. 

කෙසේ වෙතත් එම විමර්ශනය සිදුවන අතරතුර පෙරේදා රාත්‍රියේ ජනාධිපති මාධ්‍ය අංශයේ ඡායාරූප ශිල්පියාට දුරකතන ඇමතුමක් ගත් හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ ගැන තොරතුරු දෙන්නේ තමන් බවත් තමාව කෑලි කෑලිවලට කපා දමන බවත් කියමින් තර්ජනය කළ බව ඡායාරූප ශිල්පියා පොලිසිය හමුවේ සඳහන් කර ඇත. 

මෙම පැමිණිල්ලට අදාළ වැඩිදුර විමර්ශන කහතුඩුව පොලිසිය විසින් සිදුකෙරේ.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

2024 එයාර් ෂෝ චයිනා ඇර‍ඹේ

Published

on

By

2024 එයාර් ෂෝ චයිනා හෙවත් 15වැනි චීන ජාත්‍යන්තර ගුවන් සේවා හා අභ්‍යවකාශ ප්‍රදර්ශනය අද (නොවැම්බර් 12) දකුණු චීනයේ ග්වංඩොං පළාතේ ජූහායි නගරයේදී ආරම්භ විය.

රටවල් හා කලාප 47ක සමාගම් 1,022ක් එක්ව සිටින මෙවර ප්‍රදර්ශනයේදී, නවීන තාක්ෂණික නිෂ්පාදන රැසක් මහජනයා හමුවේ එළිදැක්වීමට නියමිතය.

නොවැම්බර් 17 වැනිදා දක්වා පැවත්වෙන මෙම ප්‍රදර්ශනයේ සෑම දිනකම හමුදා ජෙට් යානා ඇතුළු ගුවන් කරණම් කණ්ඩායම් විසින් සංදර්ශනද පැවැත්වීමට නියමිතය.

මේ අතර, චීනයේ චංග හය චන්ද්‍ර ගවේෂණ යානය මගින් පෘථිවියට රැගෙන එන ලද චන්ද්‍රයාගේ ඈත කොටසේ සාම්පල හා එම යානයේ “ආපසු පැමිණීමේ කැප්සියුලය” ඇතුළු ප්‍රදර්ශන භාණ්ඩ රැසක් ද මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.

Continue Reading

පුවත්

දෙසැ 30ට පෙර ගිනිඅවි භාරදෙන්නැයි දේශපාලඥයින්ට, ඉහළ නිලධාරීන්ට කියයි

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්‍ෂ නායකයින් හා දේශපාලන සංවිධානවලට මෙන්ම, රජයේ විධායක තනතුරු දැරූ නිලධාරීන් වෙත විවිධ කාලවකවානුවලදී නිකුත්කල ගිණිඅවි නැවත භාරදෙන ලෙස දැනුම් දීම

පසුගිය කාලවකවානුවලදී පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට, පළාත් සභා මන්ත්‍රී වරුන්ට, විවිධ දේශපාලන පක්‍ෂ නායකයින්ට, දේශපාලන සංවිධානවලට මෙන්ම, විවිධ තනතුරු දැරූ රජයේ විධායක නිලධාරීන්ට ජීවිත ආරක්‍ෂාව සඳහා ශ්‍රී ලංකා පොලිසියෙන් හා යුද්ධ හමුදාවෙන් නිකුත්කර තිබු පිස්තෝල, රිවෝල්වර් හා පතුරොම් තුවක්කු සැලකිය යුතු ප්‍රමාණයක් ඇති බව නිරීක්‍ෂණය වී ඇතැයි ආරක්‍ෂක අමාත්‍යාංශය පවසයි.

එබැවින්, මෙම ගිණිඅවි 2024 දෙසැම්බර් මස 30 වන දිනට පෙර ලඟම තිබෙන පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන මෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය අදාල පුද්ගලයින් වෙත එම අමාත්‍යංශය දැනුම් දෙයි. 

මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක මෙසේ ද දැක්වේ :

“තවද, මෙම නිකුත්කර ඇති ගිණිඅවි ලබාදුන් පුද්ගලයින්ගේ නාම ලේඛණයක් ශ්‍රී ලංකා පොලිසිය සතු වන අතර, ශ්‍රී ලංකා පොලිසිය විසින් එම නාම ලේඛණයේ නම් සඳහන් පුද්ගලයින්ගේ තොරතුරු විමසා ගිණිඅවි පොලිසිය භාරයට ගැනීමට සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් කටයුතු කිරීමට උපදෙස් ලබා දී ඇත. එබැවින්, නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් කරනු ලබන විමසිම් සඳහා සහයෝගය ලබාදීමට කටයුතු කරන ලෙසත්, තවද දැනටමත් එම ලේඛණයේ නම් සඳහන් පුද්ගලයින් ගිණිඅවි රජයට භාරදී ඇත්නම් ඒ බවද, සනාථ කරන ලේඛණ පොලිස් නිලධාරීන්ට ලබාදීමෙන් මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීමට සහයෝගය ලබාදෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය ඉල්ලා සිටිනු ලැබේ.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved