Connect with us

පුවත්

පැය 8ක කුඩු මෙහෙයුමෙන් සැකකරුවන් 285ක් අල්ලයි!

Published

on

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදාහරින්නන් ඉලක්ක කරමින් පොලිසිය, ත්‍රිවිධ හමුදාව හා බුද්ධි අංශ ඒකාබද්ධව පළමු වරට ඊයේ සිදුකළ පැය අටක මෙහෙයුමකින් හඳුනාගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු 285 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර, දකුණ හා උතුරු පළාත්වල හඳුනාගත් ස්ථාන හා ජාවාරම්කරුවන් ඉලක්ක කරමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක වූයේ ඊයේ (29) අලුයම 04 සිට 12 දක්වා කාලය තුළය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් සහ ගංජා කිලෝග්‍රෑමය බැගින් හමුවී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවැසීය.

මේ වැටලීමේදි විදෙස්ගත මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමගින් සමීප සම්බන්ධතා පවත්වමින් පළාත් අතර මහා පරිමාණයෙන් ජාවාරම් හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන 60 දෙනෙකු ඇතුළු 260 දෙනෙකු ඉලක්කය වූ බව මෙම මෙහෙයුමට සම්බන්ධ වූ උසස් නිලධාරියකු පැවැසීය.

එකී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 60 දෙනාගෙන් 10 දෙනෙකු පමණක් නිවෙස්වල සිටි බවත්, ඔවුන් මත්ද්‍රව්‍ය ද සමගින් අත්අඩංගුවට ගත් බවත් එම නිලධාරියා කීවේය.

මෙම වැටලීම සිදුවන අවස්ථාවේදී ගුවන් හමුදාව ගුවන් මගින් හඳුනාගත් ප්‍රදේශ නිරීක්ෂණය කර තොරතුරු යාවත්කාලීන කළ අතර පොලිසිය හා විශේෂ කාර්ය බළකාය ඩ්‍රෝන කැමරා මගින් එම ස්ථාන නිරීක්ෂණය කර ඇත. 

එමෙන්ම මෙම මෙහෙයුම සඳහා පොලිස් නිල සුනඛයන්ද සම්බන්ධ කරගෙන ඇති අතර නාවික හමුදාව මුහුදු සීමාව අවට විශේෂ සෝදිසි මෙහෙයුමක්ද දියත් කර ඇත.

එක් එක් ස්ථානවල වැටලීම් සඳහා පොලිසිය, යුද හමුදාව, විශේෂ කාර්ය බළකාය හා බුද්ධි අංශවල නිලධාරීන් 15 ක පමණ පිරිසක් යොදවා තිබුණු අතර සමස්ථ වැටලීමට නිලධාරීන් 2500 කට අධික පිරිසක් සම්බන්ධ කරගෙන ඇත.

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ගේ උපදෙස් මත සති හතරක පමණ කාලයක සිට යෙදූ රහසිගත සැලසුමකට අනුව පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ බුද්ධි අංශ සම්බන්ධ කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉලක්ක කරමින් මේ ආකාරයෙන් මෙහෙයුමක් දියත් කළ පළමු අවස්ථාව මෙය බවත් මෙහි දෙවන මෙහෙයුම මීටත් වඩා බරපතළ වනු ඇති බවත් ආරක්ෂක අංශ සඳහන් කරති.

(අරුණ)

පුවත්

යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා

Published

on

By

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට අද (02) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දුන්නේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ මෙම අධි චෝදනා භාරදීම සිදුවුණි.

ඉන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද විනිසුරුවරයා නියම කළේය.

ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියම කළේය.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතීඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට සමාන්තර තවත් නඩුවක් අංක එක මහාධිකරණයේ ලබන 11 වනදා කැඳවීමට නියමිත බව සඳහන් කළේය.

එම නඩුවේ ලේඛන හා මෙම නඩුවේ ලේඛන එක හා සමාන බව පෙන්වා දුන් රජයේ නීතිඥවරයා අදාළ ලේඛනවල යම් අඩුපාඩුවක් තිබේ නම් ඒවා තමන්ට දැනුම් දෙන ලෙස විත්තියේ නීතිඥවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් අධිකරණය හමුවේ පැවසුවේය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි සම්පත් මෙන්ඩිස් සහ අනිල් සිල්වා යන ජනාධිපති නීතිඥවරු කියා සිටියේ අදාළ ලේඛන පරීක්ෂා කර යම් අඩුපාඩුවක් තිබේ නම් අධිකරණයට දැනුම් දෙන බවය.

ඉන් අනතුරුව මෙම නඩුව අගෝස්තු මස 4 වනදා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියම කළේය.

2009 වසරේ මාර්තු මස 31 වනදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වන දා අතර කාලසීමාව තුළ අනීතික ලෙස උපයාගත් රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා තුනක් යටතේ නඩු පවරා තිබේ.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, July 1, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved