Connect with us

පුවත්

පැරසිටමෝල් විශවී 7 හැවිරිදි දැරියක් මරුට!

Published

on

උණ රෝගයට ගොදුරුව සිටි හත් හැවිරිදි දැරියකට පැරසිටමෝල් අධි මාත්‍රාවක් ලබා දීම නිසා ඇය මරණයට පත්ව ඇති බව ගම්පොළ රෝහල් හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක විසින් සිදු කළ මරණ පරීක්ෂණයකදී අනාවරණය විය.

මෙසේ මියගොස් ඇත්තේ උඩහේන්තැන්න උඩුවැල්ල තාමරවල්ලි ජනපදයේ පදිංචි රන්කොත්පේඩි ගෙදර ශාමලී තරුෂි නමැති දැරියයි.

ඇය උඩුවැල්ල කනිෂ්ඨ විද්‍යාලයේ 2 වසර පන්තියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවකි.

ඇගේ දෙමව්පියන් විසින් ගම්පොළ කුරුඳුවත්ත රෝහලින් ඇයට දෙවරක් බෙහෙත් රැගෙන දී තිබිණි.

වෛද්‍යවරයා විසින් ලබාදී ඇති නියමිත මාත්‍රාව වෙනුවට රෝහලේ ඖෂධහලෙන් සටහන් කොට ලබාදී ඇති වැඩිහිටි මාත්‍රාවක් ළමයාට ලබාදීම නිසා මෙම අධි මාත්‍රාව ළමයාට ලැබී තිබෙන බව හෙළි වී තිබේ.

කුරුඳුවත්ත රෝහලෙන් දිනකට රෝගීන් හයසියයක් පමණ ප්‍රතිකාර සඳහා පැමිණෙන අතර ඔවුන්ට ඖෂධ ලබාදීමට සිටින්නේ එක් ඖෂධවේදියකු බව පැවසේ.

එසේම පෙති වර්ග දැමීමට රෝහලට අවශ්‍ය දවටන හෝ කවර නොමැති අතර එම ඖෂධ වර්ග ලබා දෙන්නේ පරණ ලයිට් බිල් හෝ කඩදාසිවල දවටමිනි.

රෝගීන් වැඩි නිසා පැනඩෝල් වැනි බොහෝ බෙහෙත් වර්ග කලින්ම කොළවල ඔතා සකස් කර තබා රෝගීන්ට දීම සිදුකරන්නේ ඖෂධ ගන්නා ආකාරය ද සටහන් කර තැබීමෙනි.

වැඩිහිටියන්ට අවශ්‍ය මාත්‍රාවන් එසේ ලියා තිබුණද ළමයින් පැමිණ විට එම කොළයේ පිට පැත්තේ එම මාත්‍රාව ලියා දීම සිදුකර තිබේ.

ඒ ආකාරයට හත් හැවිරිදි මෙම දරුවාට ද ඖෂධ ලබාදී ඇති අතර දෙමාපියන් සිදුකර ඇත්තේ එම කොළයේ ඇතුළත සටහන් කර තිබූ වැඩිහිටි මාත්‍රාව මෙම ළමයාට දීමය.

මේ ආකාරයට දරුවාට උණට බෙහෙත් ගත්තද පසුව බඩේ අමාරුවක් සෑදී ඇති අතර දෙමව්පියන් 22 දින යළි එම දරුවා ගම්පොළ රෝහලට රැගෙනවිත් ඇත්තේ ඉතා අසාධ්‍ය තත්ත්වයට පත් වීමෙනි.

එහිදී දරුවා දැඩි සත්කාර ඒකකයට යොමු කිරීමට වෛද්‍යවරු පියවරගෙන තිබුණද ගම්පොළ, පේරාදෙණිය,නාවලපිටිය හෝ මහනුවර රෝහල්වල එම ඇඳන් හිස්ව නොතිබූ නිසා දරුවා රාගම රෝහලට රැගෙන යාමට කටයුතු කර ඇත.

ඒ අතර දරුවා දැඩි ලෙස දැඟලීම නිසා පියාගේ කැමැත්ත රැගෙන දරුවා නිර්වින්දනය කොට ඇති අතර එදින රාත්‍රී 7:30 ට පමණ දරුවා ගම්පොළ රෝහලේදීම මිය ගොස් තිබේ.

ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දරුවාගේ සිරුර මහනුවර මහ රෝහල වෙත 23 දින රැගෙන ගිය අතර එහිදී අනාවරණය වී ඇත්තේ අක්මාවට සිදුවූ බරපතළ හානි නිසා දරුවා මියගොස් ඇති බවයි.

එහිදී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීනි සී.යූ. වික්‍රමසිංහ මහත්මිය මියගිය දැරියගේ ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රසායනාගාර පරීක්ෂණයකට ද යොමු කර තිබිණි.

ගම්පොළ රෝහල් හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක මහතා ගම්පොළ රෝහලේ දී මරණ පරීක්ෂණ කටයුතු සිදු කළ අතර එහිදී කුරුඳුවත්ත පොලිසියේ පොලිස් කොස්තාපල් 73444 තේනුවර මහතාගේ මෙහෙයවීම මත මියගිය දැරියගේ පියා වන එරංග සමීර කරුණාරත්න ( 32 හා මව වන ජයසිංහගේ මල්ලිකා රාජපක්ෂ යන අය සාක්ෂි ලබා දෙන ලදී .

මෙහිදී මරණ පරීක්ෂකවරයා මෙම මරණයට හේතු ලෙස උණ රෝගයට අධිමාත්‍රාවෙන් පැනඩෝල් ලබාදීම නිසා අක්මාවට හානි වීම හා රෝහල් ගතකර සිහිනැති කර සිටියදී මිය යාම යන කරුණු දක්වා තිබිණි.

(අරුණ)

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved