Connect with us

පුවත්

පැෆරල් ජනපතිවරණ නිරීක්ෂණය අදියර තුනකින් 

Published

on

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පැෆරල් සංවිධානය අදියර තුනක් යටතේ මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරත වන බව එම සංවිධානයේ සභාපති රෝහණ හෙට්ටිආරච්චි මහතා කියයි

ඒ අනුව පූර්ව මැතිවරණ නිරීක්ෂණ, මැතිවරණ දින නිරීක්ෂණ සහ සහ පශ්චාත් නිරීක්ෂණ ක්‍රියාවලියක් ලෙස එය ක්‍රියාත්මක කිරීමට නියමිත බවද පැවසේ.

 හෙට්ටිආරච්චි මහතා කියා සිටින්නේ මේ වන විටද ජනාධිපතිවරණය සඳහා පූර්ව මැතිවරණ නිරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි.

එසේම තැපැල් ඡන්ද පැවැත්වීමේ සිට නිරීක්ෂණ කණ්ඩායම් ඒ සඳහා සහභාගී වන බවත්, අවම වශයෙන් 1500ත් 2000ත් අතර පිරිසක් ඒ සඳහා යොදවන බවත්ය.

මැතිවරණ දිනයේ නියෝජිතයන් 4000ක් ඡන්ද මධ්‍යස්ථාවලට යෙදවීමට නියමිත අතර, ඊට අමතරව අවම වශයෙන් 1000ක පමණ පිරිසක් සහභාගී වන ජංගම කණ්ඩායම් 200ක් නිරීක්ෂණ කටයුතුවලට එක් කිරීමට සැලැසුම් කර ඇති බවද පැවසේ.

ඡන්ද ගණනය කරන ස්ථාන සඳහා 100ත් 200ත් අතර පිරිසක් යෙදවීමට අපේක්ෂා කරන අතර ඊට අමතරව මෙවර ජනාධිපතිවරණය සඳහා, සමාජ මාධ්‍ය නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇතැයි ද හෙට්ටිආරච්චි මහතා කියා සිටී.

 බොහෝ විට සමාජ මාධ්‍ය තුළින් වෛරී ප්‍රකාශ, වැරදි තොරතුරු සහ වැරදි අර්ථකථන සමාජගත කරන හෙයින් ඒවා පාලනය කිරීම සඳහා පැෆරල් සංවිධානයත්, මැතිවරණ කොමිෂන් සභාව සහ හෑෂ්ටැග් නමැති තරුණ සංවිධානයත් එක්ව ඒවා නිරීක්ෂණය කිරීමට හා එවැනි දේ සම්බන්ධයෙන් ඒ අවස්ථාවේදීම අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවද  මේ අතර වාර්තා වේ.

පුවත්

සෞඛ්‍ය ඇමතිත් කඩන මැතිවරණ නීති

Published

on

By

සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ලිපි ශීර්ෂය නිල වශයෙන් භාවිත කරමින්,අපේක්ෂකයෙකුගේ ප්‍රචාරණ රැස්වීමක් සඳහා කැඳවීම මැතිවරණ නීතියට අනුකූලදැයි වහා සොයා බලන ලෙස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ලිපියක් යොමු කරමින් රවී කුමුදේශ් මහතා සඳහන් කළේ ජනාධිපති අපේක්ෂකයෙකුගේ හෙට (12) හවස පැවැත්වෙන ප්‍රචාරණ රැස්වීමක් සඳහා මෙම කැඳවීම සිදු කර තිබෙන බවය.

සෞඛ්‍ය අමාත්‍යාවරයා ලෙස නිල බලය පාවිච්චි කරමින්, නිල වගකීම් ඇති නිලධාරීන් ජනාධිපති අපේක්ෂකයකු සහභාගි වන රැස්වීමකට සහභාගී කරවීම මැතිවරණ නීති වලට අනුකූලද යන්න රවී කුමුදේශ් මහතා ලිපියක් යොමු කරමින් විමසා සිටී.

සෞඛ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව විමසන සැබෑ රැස්වීමක් නම්, එය වෛද්‍ය ප්‍රජාව සමග පමණක් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරන්නේ කෙසේද යන්න විමසන කුමුදේශ් මහතා පසුගිය වසර දෙකකට වඩා වැඩි කාලයක් සෞඛ්‍ය ප්‍රතිසංස්කරණ ගැන පැවසිමට ඉල්ලු එකම අවස්ථාවක් හෝ ලබා නොදුන් බව පෙන්වා දෙයි.

එලෙස එකම අවස්ථාවක් හෝ ලබා නොදුන් සෞඛ්‍යා අමාත්‍යවරයා මෙලෙස එකවර ප්‍රතිසංස්කරණ පිළිබඳව කතා කිරීමේ උවමනාවක් පැමිණ තිබෙන බව අදාළ ලිපියෙන් සඳහන්ය.

සෞඛ්‍ය ප්‍රතිසංස්කරණ ගැන සෞඛ්‍යා අමාත්‍යවරයාට සෞඛ්‍ය අමාත්‍යාංශයේදී විමසිමට නොහැකි ඇයි දැයි එහිදී කුමුදේශ් මහතා වැඩිදුරටත් විමසා සිටියි.

Continue Reading

පුවත්

අන්තරේ කැඳවුම්කරු ඇප මත මුදා හැරේ

Published

on

By

කොළඹ – කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැති විරෝධතාවයක් අතරතුර ඊයේ (10) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු සැකකරුවන් ඇපමත මුදාහැර තිබේ.

ඔහුන් 10 දෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත කොටුව මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් මුදාහැරි බව වාර්තා වේ.

මෙලෙස ඇප මත මුදා හැර ඇත්තේ, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්, බොරලැස්ගමුවේ විමලානන්ද හිමි සහ සීවලී හිමි ඇතුළු සැකකරුවන් 10 දෙනෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් යන අයට එරෙහිව මාළිගාකන්ද අධිකරණයේ පවරා ඇති නඩුව සඳහා මෝසමක් ගොනු කරමින් ඉදිරිපත් වන ලෙසද මහෙස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කලේය.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට එරෙහිව සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉදිකිරීමට එරෙහිව ඔවුන් එම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

මැතිවරණ පනත, මංමාවත් පනත මෙන්ම පොලිස් ආඥා පනත උල්ලංඝනය කරමින් ඔවුන් මෙලෙස උද්ඝෝෂණය කරමින් පෙළපාළියක් ආකාරයෙන් ගමන් ගත් බවත් කොටුව සහ කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානාධිපතිවරුන් අධිකරණයට දැනුම්දී තිබේ.

එම උද්ඝෝෂකයින් රාජකාරි නිමවා නිවෙස් වෙත යන සේවකයන්ට අවහිර වන ලෙස සම්පූර්ණයෙන්ම පාරක් අවහිර කරමින් ගමන් ගත් බවත් රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවත් පොලීසිය අධිකරණයට දන්වා තිබුණි.

මෙම සැකකරුවන් කිසිදු අපේක්ෂකයෙකුට සහාය දීමක් සිදුකර නොමැති බවද අනාවරණය විය.

මැතිවරණ සමයේ විරෝධතා පෙළපාලි සඳහා කිසිදු ඉඩක් නොමැති හෙයින් ඒ බව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියකු එම ස්ථානයට පැමිණ දැනුම් දී තිබේ.

නමුත් විරෝධතාකරුවන් පාගමන යෑමට සැරසීමත් සමග මංමාවත් අවහිර කරමින් සාපරාධී බලහත්කාරය පෑම මත ඔවුන්ව අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

මහපොළ ශිෂ්‍යාධාරය වැඩි කරන ලෙස ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ඔවුන් උද්ඝෝෂණය කළ බව සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ මඩුල්ල අධිකරණයෙන් කළ ඉල්ලීම සහ දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය ඔවුන්ව අප මත මුදා හරිනු ලැබුවේය.

Continue Reading

පුවත්

දුම්රිය කිහිපයක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

Published

on

By

කාර්මික දෝෂවලට ලක්වීම හේතුවෙන් දුම්රිය කිහිපයක් මේ වනවිට තාවකාලිකව ධාවනයෙන් ඉවත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, දුම්රිය බලවේග කට්ටල 12ක් මෙලෙස ධාවනයෙන් ඉවත් කර ඇති බවය.

එම බලවේග කට්ටල අලුත්වැඩියා කටයුතු සඳහා රත්මලානේ පිහිටි දුම්රිය අංගණය වෙත යොමුකර ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත්, එහි පවතින කාර්මික නිලධාරීන්ගේ හිඟය හේතුවෙන් එම අලුත්වැඩියා කටයුතු ප්‍රමාද වන බව එම ප්‍රකාශකයා පැවසීය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved