Connect with us

පුවත්

පෑලියගොඩ වෙඩි තැබීමක් !

Published

on

පෑලියගොඩ කලු පාලම අසළ නිවසකට කඩා වැදුණු ගිනි අවි  රැගත් පුද්ගලයන් දෙදෙනකු එහි සිටි පුද්ගලයකුට වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා කියයි.

සිද්ධියෙන් බරපතළ තුවාල ලද පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත

වෙඩික්කරුවන් යතුරුපැදියකින් පැමිණි ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි

පුවත්

මේ මාසයේ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයක් නෑ

Published

on

By

මේ මාසයට අදාළව ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකිරීමට ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් තීරණය කර තිබේ.

එම සමාගම් සඳහන් කළේ, පෙර පැවති මිලටම මේ මාසයේදීත් ගෑස් සිලින්ඩරයක් අලෙවි කෙරෙන බවයි.

Continue Reading

පුවත්

ජල සම්පාදන මණ්ඩලයට හැකර් ප්‍රහාරයක්

Published

on

By

ජාතික ජල සම්පාදන මණ්ඩලයේ කෙටි පණිවිඩ සේවාවට කිසියම් අනවසර ඇතුළු වීමක් දක්නට ලැබේ.

එම ඇතුළු වීම හරහා අදාළ කෙටි පණිවිඩ ද්වාරයේ පාලනය ඔවුන් සියතට ගෙන ඇති අතර පාරිභෝගිකයන් රැසකට මේ වනවිට කෙටි පණිවිඩ යවා තිබේ.

ඒවායේ දැක්වෙන්නේ ඔවුනගේ දත්ත නැවත ලබාගැනීම සඳහා බිට්කොයින් එක හමාරක මුදලක් ගෙවන ලෙසය.

එම මුදල බැර කළ යුතු අන්තර්ජාල ගිණුම් ලිපිනයක්ද දක්වා තිබේ.

එම පණිවිඩය මගින් මේ සම්බන්ධයෙන් තමන්ට දෝෂාරෝපණය නොකරන ලෙසත් වරද රජයේ බවත් සටහන් කර තිබේ.

Continue Reading

පුවත්

පානදුරේ වැරදුනු කුරුමානම

Published

on

By

පානදුර, වලාන, ගැමුණු මාවත ප්‍රදේශයේ අද (02) උදෑසන 8ට පමණ වෙඩිතැබීමක් සිදුව ඇතැයි පොලීසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩිතැබීම සිදුකර ඇතත් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙඩිතැබීමේ උත්සාහය ව්‍යර්ථ වී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved