Connect with us

පුවත්

ක්‍රිෂ් ගිනිගන්න හේතුව අනාවරණය වෙයි (Update)

Published

on

කොළඹ පිහිටි උසම ගොඩනැගිල්ල ලෙසින් සැලකෙන ‘ක්‍රිෂ්’ ගොඩනැගිල්ල අවස්ථා දෙකකදී ගිනිගැනීමට ලක්වීම සම්බන්ධයෙන් ගිනිනිවන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට මූලික විමර්ශන ආරම්භ කර ඇත.

එහිදී ‘ක්‍රිෂ්’ ගොඩනැගිල්ල ගිනිගැනීමට ලක්විය හැකි කරුණු කිහිපයක් ඔවුන් විසින් අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ අදාළ ගොඩනැගිල්ලේ යකඩ කොටස් ගෑස් කටර් (gas cutter) උපයෝගී කරගනිමින් අනාරක්ෂිතව කපා ඉවත්කිරීම මෙම ගිනිගැනීමට ප්‍රධාන හේතුව බවයි.

ඒ අනුව නැවත එලෙස ගෑස් කටර් උපයෝගී කරගනිමින් යකඩ කපා ඉවත් නොකරන ලෙස අදාළ අංශවලට ගිනිනිවන දෙපාර්තමේන්තුව විසින් උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම මේ සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක්ද  කැඳවා තිබේ.

‘ක්‍රිෂ්’ ගොඩනැගිල්ලේ 35වන මහල පෙරේදා (6) ගිනිගත් අතර, පසුව ඊයේ (7) 24වන මහලේ ද ගින්නක් ඇතිවිය.

ඒ හේතුවෙන් ගින්න නිවීම සදහා ගිනිනිවන රථ 3 බැගින් රථ 6ක් අවස්ථා දෙකේදීම යොදාගැනීමට ගිනිනිවන දෙපාර්තමේන්තුවට සිදුවිය.

මේ අතර ‘ක්‍රිෂ්’ ගොඩනැගිල්ලේ ආරක්ෂාව මේ වනවිට තරකර ඇති අතර, ඒ සඳහා පොලිස් නිලධාරීන් 20කගෙන් යුත් කණ්ඩායමක් යොදවා ඇති බව වාර්තා වේ.


(පෙර පුවත 2025 පෙබරවාරි 08 පෙ.ව.7:20)

පිට පිට ගිනිගත් ක්‍රිෂ් ආරක්ෂා කරන්න පොලිසියෙන් 20ක් දාලා

පිට පිට දින දෙකකදී ගිනි ගැනීමට ලක් වූ කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ල ආශ්‍රිත ආරක්ෂාව තර කර ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, පොලිස් නිලධාරීන් 20කට ආසන්න පිරිසක් ඒ සඳහා අනියුක්ත කර ඇති බවයි.

ගිනි ගැනීම් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවක් ලබා ගැනීමට නියමිත බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඉදිකෙරෙමින් පවතින කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ඊයේ (07) සහ පෙරේදා (06) ගිනි ගැනීම් වාර්තා වුණි.

ක්‍රිෂ් ගොඩනැගිල්ලේ 24 වැනි මහලේ ඊයේ හටගත් ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති අතර ඒ සදහා යොදා ගෙන තිබු ගිනි නිවිම් සේවා රථ සංඛ්‍යාව 6කි.

පෙරේදා පස්වරුවේ ද ක්‍රිෂ් ගොඩනැගිල්ලේ 35 වැනි මහලේ ගින්නක් හටගත් අතර එය 34 වැනි මහල කරා ද ව්‍යාප්ත විය.

ගින්න නිවා දැමුණේ, පැය ගණනාවක මෙහෙයුමකින් අනතුරුවයි.

පුවත්

හෙලිකොප්ටර්  අනතුරෙන් මියගිය ගණන 6ක් දක්වා ඉහළට (UPDATE)

Published

on

By

බෙල් 212 හෙලිකොප්ටර්  අනතුරෙන් මියගිය ගණන 6ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.11.26 )

බෙල් 212 අනතුරෙන් හමුදාවේ 5ක් මරුට

අද (09) උදෑසන හදිසි ගොඩබෑමකදී මාදුරුඔය ජලාශයට කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සාමාජිකයින් 5 දෙනෙකු මියගොස් තිබේ.

අදාළ හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩාවැටීමෙන් අනතුරු එහි ගමන්ගත් සියලුදෙනා බේරාගෙන රෝහල්ගත කර තිබුණි.

එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.

මාදුරුඔය පීරා බෙල් 212 සොයන මෙහෙයුම… #Accident1st #bell212 #Helicopter #crashe #MaduruOya

Posted by Accident 1st on Thursday, May 8, 2025

(වීඩියෝ :Accident 1st)


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.10.10 )

හෙලිකොප්ටරයේ සිටි 12දෙනා බේරාගනී

මාදුරුඔය ජලාශයට කඩා වැටුණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයේ ගමන්කල සියලු දෙනා බේරාගෙන තිබේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා සඳහන් කළේ, හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ සිට මාඳුරු ඔය ප්‍රදේශයේ සංදර්ශනයකට  පියසාර කරමින් සිටියදී එය කඩා වැටී ඇති බවය.

එහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ගමන් කර තිබූ අතර ඔවුන් සියලුදෙනාම බේරාගත් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසීය. 


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.9.12 )

හෙලිකොප්ටර් යානයක් කඩා වැටේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් කඩාවැටී ඇති බව වාර්තා වේ.

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පුහුණු සැසියක් අතරතුර ගුවන් ගත වූ යානයක් මෙසේ කඩා වැටී ඇත.

එම යානය මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බවද තවදුරටත් වාර්තා වෙයි.

Continue Reading

පුවත්

කොළඹ වරායේ ප්‍රති නැව්ගත කිරීම් ඉහළට

Published

on

By

ඉන්දු පාකිස්ථාන යුධ තත්වය හේතුවෙන් කොළඹ වරාය කාර්යබහුල වී තිබේ.

වරයා හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ , ඒ සඳහා උපරිම කාර්යක්ෂමතායෙන් යුතුව මුහුණ දීමට පියවර ගෙන ඇති බවය.

යුධමය වාතාවරණයත් සමග ඉන්දීය නෞකා පකිස්ථානය වෙත යාමත් පාකිස්ථාන නෞකාව ඉන්දියාව වෙත යාමත් අත්හිටුවා තිබේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඒ සමගම ප්‍රති නැව්ගත කිරීම් ඉහළ ගොස් ඇති බවයි.

Continue Reading

පුවත්

දීර්ඝ සතිඅන්තය සහ වෙසක් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්

Published

on

By

සතිඅන්ත දීර්ඝ නිවාඩුව සහ රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් අද (09) සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කොළඔ කොටුව සහ බදුල්ල අතර මෙන්ම කොළඔ කොටුව සහ කන්කසන්තුරේ අතර මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමෙන්තුව සඳහන් කළේය.

ඒ අනුව අද සිට ලබන 13වනදා දක්වා මෙම විශේෂ දුම්රිය සේවය ක්‍රියාත්මක වෙයි.

වැඩි විස්තර පහතින්,

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved