පිරිමින් සම්බාහනය ගැහැනුන්ට තහනම් යැයි පළව ඇති පුවත සම්පූර්ණයෙන් ම අසත්‍ය බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (17) පැවසීය.
අමාත්‍යවරයා කියා සිටින්නේ ආයුර්වේද කොමසාරිස් ජනරාල් යනුවෙන් තනතුරක් කොහෙවත් නොමැති බවත්, එම නිසා අදාළ පුවත පල කර ඇත්තේ එම පුද්ගලයා පදනම් කරගෙන බැවින් එය අසත්‍ය බවයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.
ඔහු වැඩිදුරටත් මෙසේද කීය.
“මෙවැනි අසත්‍ය ප්‍රකාශ සමාජගත කිරීම වැරැදියි.
එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බව ආයුර්වේද කොමසාරිස්වරයා ප්‍රකාශ කළා.
ඉතාම සාවද්‍ය පුවතක්.
මේක සංචාරක ව්‍යාපාරයටත් බලපානවා. දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය අභිවෘද්ධිය වෙනුවෙන් පියවර ගනිමින් සිටින මොහොතේ මෙවැනි පුවත් පළකිරීම ගැන කනගාටුයි.
මේ අතර මේ සංවාදයට මුල්වූ සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙසේ පැවසීය.
“මෙවැනි අසත්‍ය ප්‍රකාශ විවිධ අවස්ථාවලදි ඉදිරිපත් වෙනවා. මොකක්ද මේ මාධ්‍ය සදාචාරය. මේ ගැන අපි විටින් විට කතා කර තිබෙනවා. නමුත් පවත්නා නීති ප්‍රතිපාදන තුළවත් ඊට අදාළව ක්‍රියාකරලා නැහැ. මෙවැනි අසත්‍ය පුවත් නිසා ජාතික පුවත්පත්වල වටිනාකම පවා අහිමි වෙනවා. මේ ගැන අවධානය යොමු කරන්න. සත්‍යය ප්‍රකාශ කරනවා නම් කිසිම ගැටලුවක් නැහැ. අමු අමුවේ අසත්‍ය ප්‍රකාශ කරනකොට ඒකට ඉඩ දීලා වගකිව යුතු අයත් නිහඬව ඉන්නවා නම් මාධ්‍ය සදාචාරය ගැන කතා කිරීම වැඩක් නැහැ. පුවත්පත් මණ්ඩලයට ගියාම කනගාටුව පළ කරන්නෙ අටවැනි පිටුවේ. ඒකත් ගිනිපෙට්ටියක් තරමට. නියත වශයෙන්ම මේ සම්බන්ධයෙන් යම් ක්‍රියාමර්ගයක් ගත යුතුයි.”
මේ පුවත මුලින්ම පළ කර තිබුණේ අරුණ පුවත්පත මගිනි.
එසේම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ ඖෂධ 28ක් ඉන්දීය සමාගමක් හරහා ලංකාවට ගෙනඒමට සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා උත්සාහ කරන බව මුලින්ම හෙළිකරනු ලැබුවේ එම පුවත්පත විසිනි.
කෙසේවුවද, රඹුක්වැල්ල මහතා කෞෂිකා ෆාර්මසූටිකල් නම් සමාගමක් හරහා මෙම ඖෂධ ගෙනඒමට පසුගියදා ඉන්දියාවට ගොස් තිබූ අතර ඒ සඳහා බර පැන දරා තිබුණේද අදාළ සමාගම විසින් බවට කසුකුසුවක් පැවැතිණි.
සබැඳි පුවත්
පිරිමි සම්බාහනය කිරීම කතුන්ට තහනම් !