Connect with us

පුවත්

පුංචි ඡන්දය පවත්වන දිනය ගැන බිමල්ගෙන් ඉඟියක්

Published

on


පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස දෙවන සතියේ හෝ හතරවන සතියේ පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් කටයුතු කරනු ඇති බවට තමා විශ්වාස කරන බව බිමල් රත්නායක අමාත්‍යවරයා පවසයි.

යාපනය ප්‍රාදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

සියලු පක්ෂ එක්ව පළාත් පාලන ආයතන ඡන්දය පැවැත්වීම සඳහා වු පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

“සියලුම පක්ෂවල නායකයින්ගේ එකඟතාවයෙන් ආණ්ඩුව පැත්තෙන් පළාත් පාලන ඡන්දය නැවත පැවැත්වීමට අදාළ වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. දැනට අධිකරණය තුල එයට පෙත්සම් ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියෙනවා යම්කිසි පාර්ශවයන් කිහිපයක්. නමුත් අපි විශ්වාස කරනවා මැතිවරණ පැවැත්වීමට එකෙන් විශේෂ බාධාවක් වෙන එකක් නෑ කියලා. නඩු තීන්දුව උසාවිය තීන්දු කරන වෙලාවක ලබා දෙන්න. නමුත් එයට සීමිත දින ගණනක් තමා උසාවියට තිබෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අප්‍රේල් මාසයේ දෙවන සතිය තුළ හෝ හතරවන සතියේ හෝ මැතිවරණ කොමිසම මගින් මැතිවරණය පවත්වයි කියලා. මොකද අපි ඡන්ද කල් දාන්නේ නැතිව උතුරු පළාතේ සහ ලංකාවෙම මේ ප්‍රාදේශිය සභා ඡන්ද පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා.”

පුවත්

සියලු බන්ධනාගාර ප්‍රධානීන්ව කොළඹට කැඳවයි

Published

on

By

දිවයිනේ සියලු බන්ධනාගාර ප්‍රධානීන් කොළඹට කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

අද(23) උදෑසන 8.30ට අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

පැය දෙකකට අධික කාලයක් එම සාකච්ඡාව පවත්වා තිබේ.

දිවයිනේ සියලු බන්ධනාගාර අධිකාරිවරුන්, කොමසාරිවරුන් මෙන්ම සහකාර කොමසාරිස්වරුන් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

වර්තමානයේ බන්ධනාගාර තුළ මතුව ඇති අර්බුදකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී ඇත.

බන්ධනාගාර ආශ්‍රිත ඉදිරි කටයුතු පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී පැමිණි නිලධාරීන් දැනුවත් කර තිබේ.

Continue Reading

පුවත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස්ට වරෙන්තු

Published

on

By

රුපියල් ලක්ෂ 369කට ආසන්න ආදායම් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා පවරා තිබූ නඩුවකට අදාළව අද (23) දින අධිකරණයේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළේය.

2010 සහ 2012 වසරවලට අදාළව ගෙවීමට නියමිත ආදායම් බදු නොගෙවීම් සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් ඉකුත් 2023 වසරේදී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා තිබුණි.

මෙම නඩුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකාර සජින් වාස් ගුණවර්ධන මහතා අධිකරණයේ පෙනී සිටියේ නැත.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි දිනේෂ් පෙරේරා මහතා සඳහන් කර සිටියේ, වගඋත්තකරුට සිතාසි භාරදී තිබුණද ඔහු අධිකරණයට පැමිණ නොමැති බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය අදාළ සැකකරු අත්අඩංගුව ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කිරීමට නියම කළාය.

Continue Reading

පුවත්

ආචාර්ය හර්ෂණ මුදල් ලේකම් ධූරයට

Published

on

By

හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය ඒ බව සඳහන් කර ඇත.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි මහින්ද සිරිවර්ධන මහතා පසුගිය දා එම ධූරයට සමුදුන් අතර ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස වැඩභාර ගැනීමට නියමිතය.

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වත්මන් රජයේ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසින් කටයුතු කළේය.

මහින්ද සිරිවර්ධන මහතාගේ විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ මුදල් අමාත්‍යංශ ලේකම් ධූරය පිරවීම වෙනුවෙන් සූරියප්පෙරුම මහතා පසුගිය සතියේ දී සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබුණි. 

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved