Connect with us

පුවත්

පෙම්වතාව හමුදා පෙම්වතිය විසින් පැහැරගෙන

Published

on

පෙම් සබඳතාවයකට පිටුපෑ තරුණයකු පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් ආරක්ෂක හමුදා තරුණියක ඇතුළු සිව්දෙනෙකු අද (05) අලුයම  අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව ප්‍රදේශයේ පදිංචි සිව්දෙනෙකු බව පොලීසිය සඳහන් කළේය.

සැකකරුවන් ඊයේ (04) පස්වරුවේ අළුබෝමුල්ල පින්වත්ත අතුරු මාර්ගයේදී ත්‍රිරෝද රථයකින් පැමිණ පැහැර ගැනීම සිදුකළ බවට තරුණයා සහ ඔහුගේ මව විසින් කළ පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලීසිය පවසයි.

පැහැරගැනීමට ලක්වූ තරුණයා සහ පැහැරගත් බව පැවසෙන තරුණිය පෙම්වතුන්ව සිට ඇති බවත්, තරුණිය විවාහ කරගැනීම සඳහා තරුණයා අකමැත්ත පළකිරීම හේතුවෙන් පැහැරගැනීම සිදුව ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වු බව පොලීසිය සඳහන් කළේය.

තරුණයාව පැහැරගෙන ගොස් පාළු නිවසක සඟවාගෙන සිට නැවත මුදාහැර ඇති බව ද පොලීසිය පැවසීය.

පැහැරගැනීම සඳහා සැකකරුවන් පැමිණි ත්‍රීරෝද රථය සහ රියදුරු සොයා පොලිසිය පරීක්ෂණ සිදු කරමින් සිටී.

අත්අඩංගුවට ගෙන ඇති තරුණිය ආරක්ෂක හමුදාවේ රාජකාරි කරන බවත්, පැහැරගැනීමට ලක්වූ තරුණයා පෞද්ගලික සමාගමක සේවය කරන බවත් පොලීසිය පැවසීය.

සැකකරුවන් අද (05) පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

පුවත්

ලුණු හිඟය බේකරි නිෂ්පාදනවලටත් බලපායි

Published

on

By

ලුණු හිඟය හේතුවෙන් තම කර්මාන්තයට බලපෑම් එල්ලවී ඇති බව බේකරි හිමියන් පවසයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ ලුණු ගැටලුව පිළිබඳ අමාත්‍යවරයාවද දැනුවත් කර ඇති බවය.

“මේ වනවිට ලුණු පිළිබඳ විශාල ප්‍රශ්නයක් මතුවෙලා ඇතිවෙලා තියෙනවා. අමාත්‍යවරයාත් අපි දැනුවත් කරලා තියෙනවා. අමාත්‍යවරයා කිව්වා අපට අවශ්‍ය ප්‍රමාණය ලබාදෙනවා කියලා. ඒ බලාපොරොත්තු ඇතුව තමයි මේ ඉන්නේ මොකද බේකරිවලට ඕනේ ලුණු කැට නෙමයි ගොඩක් පාචිච්කරන්නේ ලුණු කුඩු. ලුණු කුඩුවල හිඟියක් තමයි තියෙන්නේ. පංගුවක් බේකරි නිෂ්පාදන සඳහා ලුණු කුඩු අවශ්‍ය වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතිය වෙනකොට මේ ප්‍රශ්නය විසඳෙයි කියලා.” 

Continue Reading

පුවත්

මර්වින්, ප්‍රසන්න ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Published

on

By

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පස්දෙනෙකු එළැඹෙන 26 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඔවුන් අද (19) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩු සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Continue Reading

පුවත්

විජයග්‍රහණයේ 16වන ජාතික සැමරුම – සජීවී විකාශය

Published

on

By

දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය මේ වනවිට ආරම්භ වී තිබේ.

බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වෙන මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වීමට නියමිතය.

උත්සවය සඳහා ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද සහභාගී වීමට ද නියමිතව තිබේ.

මේ අතර ජාතික රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් අද පස්වරු 4 සිට බත්තරමුල්ල පාර්ලිමේන්තුව ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

වීඩියෝ – ජාතික රූපවාහිනිය

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved