Connect with us

පුවත්

පේරාදෙණියේ පස් කන්දකට යටවී අයෙක් මරුට

Published

on

පේරාදෙණිය නගරයේ සිදුවූ නායයාමකින් පුද්ගලයෙකු මියගොස් වෙළඳ සැල් හතරකට හානි සිදුව තිබේ.

මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා සඳහන් කළේ ඊයේ රාත්‍රි නායයෑම සිදුව ඇති බවයි.

මියගොස් ඇත්තේ 68 හැවිරිදි පුද්ගලයෙකි.

නායයෑම හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී තිබේ.

ඔහු ප්‍රකාශ කළේ පවතිත අවදානම් තත්ත්වයත් සමග අවට වෙළඳසැල් හා ගොඩනැගිලි කිහිපයක පිරිස් එම ස්ථානයෙන් ඉවත් කළ බවයි.

වැලිගල්ල හා ගෙලිඔය අතර පාරට ගසක් කඩා වැටිලා

මේ අතර නුවරඑළිය කොළඹ ප්‍රධාන මාර්ගයට වැලිගල්ල හා ගෙලිඔය අතරදී ගස් කඩා වැටීමෙන් වාහන ධාවනය ඇණහිට තිබේ.

පොලිසිය පැවසුවේ, බලංගොඩ සීලගම ප්‍රදේශයෙන් පස් කඳු වැටීම හේතුවෙන් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය තවදුරටත් ඇණහිට තිබේ.

අත්තනගලු ඔය අසල ජනතාවට නිවේදනයක්  

වර්ෂාවත් සමග අත්තනගලු ඔය දෙපස ජනතාව අවධානයෙන් සිටින්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස් පී සී සුගීෂ්වර මහතා පවසයි.

දිවයින පුරා වැසි තත්ත්වයේ වර්ධනයක් 

මේ අතර දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වීමක් අද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම සබරගමුව බස්නාහිර වයඹ උතුරුමැද සහ ඌව පළාත්වලට අද පස්වරු එකෙන් පසුව මිලි මීටර් 100 ක පමණ .තද වැසි ඇතිවිය හැකි බවයි.

උතුරු හා නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේ දී ද වැසි ඇතිවිය හැකි බව කාලගුණ අණාවැකියේ සඳහන් ය.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළංවලින්  හා අකුණු අනතුරුවලින් ආරක්ෂා වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මේ අතර බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතර, රත්නපුර ,ගම්පහ හම්බන්තොට හා  මාතලේ දිස්ත්‍රික්කවලට පැනවූ නායයෑමේ අනතුරු ඇගවීම් නිවේදනය අද පස්වරුව දක්වා දීර්ඝ කර තිබේ.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved