Connect with us

පුවත්

පේරාදෙණිය ලෝකයේ හොඳම 1000 අතරට

Published

on

ඇමරිකා එක්සත් ජනපදයේ යූ.එස්.නිවුස් ආයතනයේ විශ්ව විද්‍යාල  ශ්‍රේණිගත කිරීම් අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලය ලෝකයෙන්ම 901 වන ස්ථානයට පත්ව ඇතැයි එහි උපකුලපති මහාචාර්ය එම්.ඩී.ළමාවංශ මහතා පවසයි.

එවන් ස්ථානයක් හිමිවූ මෙරට පළමු විශ්ව විද්‍යාලය පේරාදෙණිය වූ බව ද උපකුලපතිවරයා කීවේය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ පේරාදෙණිය විශ්ව විද්‍යාලීය සමරු හා සිහිවටන අලෙවි මධ්‍යස්ථානය විවෘත කිරී‍මේ අවස්ථාවට අද (23) ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් එළිදක්වන ලද සමරු තිළිණ, සිහිවටන, විශ්ව විද්‍යාලයේ ලාංජන සහිත ඇදුම් ආදිය ‍අලෙවි කිරීම මෙම ස්ථාන‍යේදී සිදුවේ.
නව මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ ඒ මහතා, විශ්ව විද්‍යාල දෙළොස්දහසක් සහ උසස් අධ්‍යාපන ආයතන තිස්දහසක් පමණ යොදාගනිමින් මෙම වර්ගීකරණය කොට ඇතැයි ද ප්‍රකාශ කළේය.

ලොව විශ්ව විද්යාල ශ්‍රේණිගත කර ඇත්තේ විශිෂ්ටත්වයේ දර්ශක දහ තුනක් හරහා ඔවුන්ගේ කාර්ය සාධනය මත පදනම් ව බව කී උපකුලපතිවරයා,  එම දර්ශක  ගෝලීය පර්යේෂණ කීර්තිය, කලාපීය පරියේෂණ කීර්තිය, ප්‍රකාශන, සම්මන්ත්‍රණ ආදියෙන් අන්තර්ගත වූ බව ද කීවේය. 

එමෙන්ම සාමාන්‍යකරණය කළ උපුටා දැක්වීම් බලපෑම, සම්පූර්ණ උපුටා දැක්වීම්, උපුටා දක්වන ලද මුළු ප්‍රකාශනවල ප්‍රතිශතය ජාත්‍යන්තර සහයෝගිතාව කෙරෙහි  ද මෙම වර්ගීකරණයේදී විශේෂ අවධානයක් යොමු කොට ඇතැයි ද සඳහන් කළේය.

මෙවැනි ශ්‍රේණිගත කිරිමට පත්වූ මෙරට එකම විශ්ව විද්‍යාලය පේරාදෙණීය වූ බව කී උපකුලපතිවරයා ඒ වෙනුවෙන් දායකවූ ආචාර්යය මණ්ඩලය, අනධ්‍යයන කාර්යය මණ්ඩලය උපාධි අපේක්ෂක සිසුන් ඇතුලු සියලු දෙනාට කෘතවේදී වන බව ද තව දුරටත් සඳහන් කළේය.

(අද)

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved