Connect with us

පුවත්

පොත් ප්‍රදර්ශනේදී මාධවේදියෙක් අත්අඩංගුවට

Published

on

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ඊයේ (03) පස්වරුවේ මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා අත්තනෝමතික ලෙස පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මීට හේතු වී ඇත්තේ පොත් ප්‍රදර්ශන භූමියේ ඇති සරසවි පොත් හලේ ප්‍රදර්ශනය කුටිය ඉදිරිපිට සිදුවූ පහරදීමේ සිදුවීමකි.

සරසවි පොත් කුටියේ ආරක්ෂාවට සිටි ආරක්ෂකයෙකු හා තරුණයෙකු බහින්බස්වීමක් සිදුවී අදාළ ආරක්ෂකයා මෙම තරුණයාට පහරදීමට පටන්ගෙන තිබේ.

එය දුටු තමන් ඊට විරෝධය පලකර පොත් ප්‍රදර්ශනයට පුද්ගලයන් පැමිණෙන්නේ ගුටිකෑමට නොවන බව පැවසුවත් එය නොතකා මෙම ආරක්ෂකයා තරුණයාට තවදුරටත් පහරදුන් බව කල්ප ගුණරත්න මහතා පවසයි.

පසුව අදාළ සිදුවීම කල්ප ගුණරත්න මහතා වීඩියෝ කරන අතරතුර එම ස්ථානයට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය භාර පොලිස් නිලධාරී සී.අයි. නියෝමාල් මහතා පැමිණි අවස්ථාවේ සරසවි පොත් හලේ ආරක්ෂකයන් පවසා ඇත්තේ කල්ප ගුණරත්න මහතා වීඩියෝ කිරීම හේතුවෙන් මෙම ස්ථානයේ කළබලයක් ඇතිවූ බවය.

අනතුරුව ඔහු සතු පැරණි මාධ්‍ය හැඳුනුම්පත් දෙකක් බලහත්කාරයෙන් තමන් සන්තකයට ගෙන වලංගු මාධ්‍ය හැඳුනුම්පතක් නොමැති බව පවසා නියෝමාල් නැමැති පොලිස් නිලධාරියා කල්ප ගුණරත්න මහතාව කුරුඳුවත්ත පොලීසියට රැගෙන ගොස් තිබුණි.

කුරුඳුවත්ත පොලීසියේදී ඔහුම පැමිණිල්ලක් පොලිස් පොතේ ලියා කල්ප ගුණරත්න මහතාට අපූරු චෝදනාවක් ගොනුකර තිබේ.

ඒ BMICH පරිශ්‍රයේ ඔහු මහජන සාමය කඩවන අයුරින් කටයුතු කළ බවය.

ඒ අනුව පැය තුනකට අධික කාලයක් කල්ප ගුණරත්න මහතාට මෙම පොලිස් නාටකය නිසාවෙන් පොලිස් කූඩුවේ සිටීමට සිදුවූ අතර පසුව මාධ්‍ය නීති සංසදයේ නීතිඥවරුන් පැමිණ පොලිස් ඇප ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇත.

නියෝමාල් නැමැති මෙම නිලධාරියා සරසවි පොත්හලේ ආරක්ෂකයාගෙන් පහරකෑමට ලක්වූ තරුණයා පිළිබදව කිසිවක් විදු නොකළ පසුබිමක එම තරුණයාම පොලීසියට පැමිණ අදාළ සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ වන විටත් පහර කෑමෙන් ඔහුගේ හිසට බරපතළ තුවාල සිදුව ඇති බව වාර්තා වේ.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved