Connect with us

පුවත්

පොදු විවාහ වයස් සීමාවක් ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් යෝජනාවක්

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපති අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ මුලිකත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රැස්විය.

මේ අවස්ථාව සමගින් සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මින් ද සහභාගිවී සිටියහ.

මෙදින රැස්වීමේ මූලික අරමුණ වූ සංසදය සඳහා දසවන පාර්ලිමේන්තුවට අදාළ වන ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම සම්බන්ධයෙන් සංසදයේ සාමාජික
මන්ත්‍රීවරියන් සමඟ සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සංසදයේ සභාපති අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් ලංකාවේ විවාහවන වයස් සීමාව සංශෝධනය කිරීම පිළිබඳවද සංසදයේ අවධානය යොමු කරන ලදී.

ලංකාවේ දැනට පවතින විවිධ විවාහ නීති අනුව පවතින විවාහවන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට අවශ්‍ය සංශෝධන සකස් කිරීම සඳහා සිවිල් සංවිධාන සහ අදාළ පාර්ශ්වයන්ගේ යෝජනා ලබාගැනීමටත් ඒ ඔස්සේ අවසන් නිර්දේශ සංසදය මගින් සකස් කිරීමත් යෝජනා විය. එමෙන්ම “ළමයා” යන්න නිවැරදි ලෙස අර්ථකතනයක් ලබාදීමට අවශ්‍ය සංශෝධන සිදු කිරීමටද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය යොමු විය.

එමෙන්ම නවවැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග කාන්තා අභිවෘද්ධිය නගා සිටුවීම සහ සවිබල ගැන්වීම වෙනුවෙන්  පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි විජේරත්න මහත්මිය විසින් ඉදිරිපත්කළ සංශෝධන කළ යුතු කරුණු ඇතුළත් පනත් කෙටුම්පත් නැවත ඉදිරිපත් කිරීමටත් යෝජනා කෙරිණි. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ හිටපු සභාපති  සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් ගෙන ආ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් සඳහා වන සංශෝධන තව දුරටත් අධ්‍යනය කර ඒ සඳහා නව යෝජනා ඇතුළත් කරමින් නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට තීරණය විය. එම සංශෝධන සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජික මන්ත්‍රීවරියන්ට අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙස සංසදයේ සභාපතිවරිය වැඩි දුරටත් පැවැසීය.

එමෙන්ම කාන්තාවන් සවිබල ගැන්වීම උදෙසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු
සිදුකිරීමට මෙම දසවැනි පාර්ලිමේන්තුව තුලින් බලපොරොත්තුවන බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිවරිය මෙහිදී ප්‍රකාශ කලාය.

මේ අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන දීප්ති වාසලගේ, (නීතිඥ) තුෂාරි ජයසිංහ, ඔෂානි උමංගා, (ආචාර්ය) කෞශල්‍ය ආරියරත්න,
ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, (නීතිඥ) ගීතා හේරත්, (නීතිඥ) හිරුණි විජේසිංහ, (නීතිඥ) අනුෂ්කා තිලකරත්න, (නීතිඥ) සාගරිකා අතාවුද, එම්.ඒ.සී. එස්. චතුරි ගංගානි, නිලුෂා ලක්මාලි ගමගේ, ඒ. එම්. එම්. එම්. රත්වත්තේ, (නීතිඥ) නිලන්ති කොට්ටහච්චි, (නීතිඥ) හසාර ලියනගේ, අම්බිකා සාමිවේල්, (නීතිඥ)
ලක්මාලි හේමවන්ද්‍ර, යන මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පුවත්

අමාත්‍යාංශ ලේකම්වරුන් 4කට අනුමැතිය

Published

on

By

අමාත්‍යාංශ ලේකම්වරුන් සිව් දෙනෙකුගේ පත්කිරීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවී තිබේ.

ඒ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 09දා  එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී යි.

ඒ අනුව, බලශක්ති අමාත්‍යාංශයයේ ලේකම් ලෙස මහාචාර්ය කේ. ටී. එම්. උදයංග හේමපාල මහතාගේ පත්වීම, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ලෙස කේ.එම්.ජී.එස්.එන්. කළුවැව මහතාගේ පත්වීම, කම්කරු අමාත්‍යාංශයයේ ලේකම් ලෙස එස්.එම්. පියතිස්ස මහතාගේ පත්වීම සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මියගේ පත්වීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවී ඇත.

Continue Reading

පුවත්

කිඹුලාවල උණුසුම් වෙයි (වීඩියෝ) 

Published

on

By

මාර්ග සංවර්ධන අධිකාරියේ පිරිසක් පැමිණ කිඹුලාවල පාර දෙපස ඇති කඩ ඉවත්කිරීමට උත්සාහ කිරීම නිසා එහි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

මෙම ඉදිකිරීම් නීති විරෝධී බව පවසමින් අදාළ නිලධාරීන් පිරිස මාර්ග දෙපස ඇති මෙම කඩ ඉවත්කිරීමට පියවර ගෙන තිබේ.

එහිදී ඔවුන් විසින් කඩ කිහිපයක් කඩා ලොරියකට පටවා ගැනීමත් සමග දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් හට ගැනුණි.

මෙම තත්ත්වය පාලනය කිරීම සදහා පොලීසිය ද පැමිණ තිබේ.

ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් පටවාගනු ලැබූ භාණ්ඩ නැවත වෙළෙදුන් හට ලබාදීමට කටයුතු කර ඇත.

 

©️ -වීඩියෝ – Madyawediya

Continue Reading

පුවත්

දකුණු ආසියාවේ විශාලතම “වැට් බදු” මුදල් වංචාවේ මහමොළකරුගේ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

Published

on

By

දකුණු ආසියාවේ විශාලතම “වැට් බදු” මුදල් වංචාවේ මහමොළකරුට බරපතල වැඩ සහිත වසර 20ක සිර දඬුවම් හා දඩ නියම කරමින් අද (11) අධිකරණ තීන්දුවක් ලබාදීම සිදුවිය.

දකුණු ආසියාවේ සිදුවූ විශාලතම වැට් බදු වංචාව ලෙස සැලකෙන 2004 වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සිදු වූ රුපියල් බිලියන 3.9ක වැට් බදු වංචාවයි.

මෙම වැට් බදු වංචා නඩුවේ මහ මොළකරු වන අටවන විත්තිකාර  මොහොමඩ් කාමිල් කුතුබ්දීන් (Mohamed Kamil Kuthubdeen)  නම් ව්‍යාපාරිකයාට බරපතල වැඩ සහිත වසර 20ක සිර දඬුවම් හා දඩ නියම කරමින් කොළඹ මහාධිකරණය විසින් ලබා දුන් තීන්දුව අනුමත කරමින්   අභියාචනාධිකරණය විසින් දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තහවුරු කළේය.

දඬුවම් නියම වූ විත්තිකරුවකු වූ මොහොමඩ් කුතුබ්දීන් විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත්දා ඉදිරිපත් කළ මෝසමක් සම්බන්ධයෙන්  තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

අර්ජුන ඔබේසේකර, සෝභිත රාජකරුණා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.

ඉකුත්දා මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්  ශනිල් කුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමන්ට මහාධිකරණය විසින් පැනවූ දඬුවම තහවුරු කරමින් අභියාචනාධිකරණය විසින් දී තිබෙන තීන්දුව යළි සලකා බලන ලෙස විත්තිකරු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබෙන ඉල්ලීම පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නේය.

වැට් බදු වංචා කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ මෙම පෙත්සම්කරු ඇතුළු තිදෙනෙකු  අභියාචනාධිකරණයට ගොනු කර තිබූ අභියාචනාවල තීන්දුව අභියාචනාධිකරණය විසින් දැනටමත් ප්‍රකාශයට පත්කර ඇති බවත් ඒ තුළින් විත්තිකරුවන්ට මහාධිකරණය විසින් පැනවූ දඬුවම අනුමත කර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දී තිබුණි.

එහෙත් අදාළ නඩු තීන්දුව නැවත සලකා බලන ලෙස ඉල්ලා මෙම විත්තිකාර අභියාචකයෙකු වන මොහොමඩ් කුතුබ්දීන් විසින් 2024 වසරේ ජූලි මස අභියාචනාධිකරණයට යළි පෙත්සමක් ගොනු කර ඇති අතර එම  පෙත්සම සම්බන්ධයෙන් නියෝගයක් ලබා දීම අභියාචනාධිකරණය විසින් කල්තබා ඇති බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඉකුත් නඩු දිනයේ පෙන්වා දී තිබුණි.

අභියාචනාධිකරණය හමුවේ අදාළ පෙත්සම ගොනු කර තිබෙන විත්තිකරු මහාධිකරණ නඩු විභාගය මගහැර රටින් පලා ගොස් සිටි අයෙකු බවත් ඔහුට මෙම තීන්දුව යළි සලකා බලන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා එහිදී තර්ක කර තිබුණි.

එබැවින් විත්තිකරු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම නිෂ්ප්‍රභ කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.

එම කරුණු සම්බන්ධයෙන් අද දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ ජනක් ද සිල්වා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අභියාචනාධිකරණය විසින් තීන්දුවක් ලබාදී තිබියදී එය යළි සලකා බලන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුට නීතිමය හැකියාවක් නොමැති බව සඳහන් කර සිටියේය.

එය අධිකරණ ක්‍රියාදාමය අව භාවිතාවට ලක් කිරීමක් යැයි චෝදනා කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙවැනි ක්‍රියා සඳහා නීතියෙන් අවසර හිමි නොවන බවත් සඳහන් කර සිටියේය.

ඒ අනුව මෙම විත්තිකරුට මහාධිකරණය මගින් පනවන ලද සිර දඬුවම් හා දඩ මුදල් තහවුරු කරමින් අභියාචනාධිකරණය විසින් දැනටමත් ප්‍රකාශයට පත් කරන තීන්දුව තහවුරු කරන බවත් මෙම නඩුකරය සම්බන්ධයෙන් තවදුරත් ඉල්ලීම් සලකා බැලීමට අවශ්‍ය නොවන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේය.

2002 වසරේ නොවැම්බර් මස 15 වනදා සහ 2004 වසරේ දෙසැම්බර් මස 15 වනදා අතර කාලසීමාව තුළ දකුණු ආසියාවේ විශාලතම බදු වංචාව ලෙස සැලකෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයවිය යුතු රුපියල් බිලියන 3.9 වැට් බදු මුදල්  වංචා කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 20 බැගින් දඬුවම් හා දඩ මුදල් නියම කර තිබුණි.

මෙසේ දඬුවම් නියම වූ විත්තිකරුවන් තුන්දෙනාම අධිකරණය මගහැර පළා ගොස් සිටි අතර පසුව ඔවුන් එම දඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට අභියාචනා පෙත්සම් ඉදිරිපත් කළත් අභියාචනාධිකරණය ඒවා ප්‍රතික්ෂේප කර මහාධිකරණය විසින් පැනවූ දඬුවම තහවුරු කර තිබුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved