Connect with us

පුවත්

පොලිය අඩු නොකර වැඩ වරද්දගත්ත හදන බැංකු ‌මෙන්න

Published

on

බැංකු පොලී අනුපාත මේ දක්වා අඩු නොකළ වාණිජ බැංකු සම්බන්ධයෙන් මහ බැංකුවේ දැඩි අවධානය යොමු කරවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

පසුගියදා මහ බැංකුව විසින් බැංකු පොලී අනුපාතික අඩු කරමින් නිකුත් කළ චක්‍රලේඛයට අනුව තවමත් බැංකු පොලී අනුපාත අඩු නොකළ වාණිජ්‍ය බැංකු හා මූල්‍ය ආයතන කෙරෙහි මහ බංකුවේ දැඩි අවධානය යොමු කරවන බව එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

මහ බැංකුව මෙම බැංකු පොලී අනුපාතික අඩු කරනු ලැබුවේ ජනතාව පත්ව සිටින දැඩි පීඩාකාරී තත්ත්වය පිලිබඳ සලකා බලා බැවින්, සියළුම රාජ්‍ය හා පෞද්ගලික වාණිජ්‍ය බැංකු මෙන්ම මූල්‍ය ආයතන ආදියද එම චක්‍රලේඛයට අනුගතව විය යුතුයි යන්න රජයේ ස්ථාවරය බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මහ බැංකුවේ චක්‍රල‌ේඛයට අනුව බැංකු ප‌ොලී අනුපාතය 13.5 පවත්වාගෙන යන ලෙස දක්වා තිබේ.

කෙසේවුවද, ප්‍්‍රධාන රාජ්‍ය බැංකු වන ලංකා බැංකුව (15.04) හා මහජන බැංකුව ද (15.59) අවම පොලී අනුපාතය මෙතෙක් පවත්වාගෙන යාමට සමත්ව නොමැත.

එසේම ප්‍රධාන වානිජ බැංකු වන සෙලාන් බැංකුව (16.5), පෑන් ඒ්ෂියා (15.64), DFCC (15.46), NDB (15.10), න‌ේෂන්ස් ට්‍රස්ට්  (14.20), සම්පත් බැංකුව (14.83) හා හැටන් නැෂනල් බැංකුව (13.91)  තවමත් වැඩි පොලී අනුපාතයක් පවත්වාගෙන යනු ලබයි.

එබැවින් ක්ෂණිකවම එම බැංකු පොලී අනුපාත අඩුකිරීමට දැඩි හා සෘජු සොයා බැලීමක් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

වර්තමානයේ බැංකු විසින් පවත්වාගෙන යන පොලී අනුපාත.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved