බැංකු පොලී අනුපාත මේ දක්වා අඩු නොකළ වාණිජ බැංකු සම්බන්ධයෙන් මහ බැංකුවේ දැඩි අවධානය යොමු කරවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
පසුගියදා මහ බැංකුව විසින් බැංකු පොලී අනුපාතික අඩු කරමින් නිකුත් කළ චක්‍රලේඛයට අනුව තවමත් බැංකු පොලී අනුපාත අඩු නොකළ වාණිජ්‍ය බැංකු හා මූල්‍ය ආයතන කෙරෙහි මහ බංකුවේ දැඩි අවධානය යොමු කරවන බව එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.
මහ බැංකුව මෙම බැංකු පොලී අනුපාතික අඩු කරනු ලැබුවේ ජනතාව පත්ව සිටින දැඩි පීඩාකාරී තත්ත්වය පිලිබඳ සලකා බලා බැවින්, සියළුම රාජ්‍ය හා පෞද්ගලික වාණිජ්‍ය බැංකු මෙන්ම මූල්‍ය ආයතන ආදියද එම චක්‍රලේඛයට අනුගතව විය යුතුයි යන්න රජයේ ස්ථාවරය බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මහ බැංකුවේ චක්‍රලේඛයට අනුව බැංකු පොලී අනුපාතය 13.5 පවත්වාගෙන යන ලෙස දක්වා තිබේ.
කෙසේවුවද, ප්්රධාන රාජ්‍ය බැංකු වන ලංකා බැංකුව (15.04) හා මහජන බැංකුව ද (15.59) අවම පොලී අනුපාතය මෙතෙක් පවත්වාගෙන යාමට සමත්ව නොමැත.
එසේම ප්‍රධාන වානිජ බැංකු වන සෙලාන් බැංකුව (16.5), පෑන් ඒ්ෂියා (15.64), DFCC (15.46), NDB (15.10), නේෂන්ස් ට්‍රස්ට් (14.20), සම්පත් බැංකුව (14.83) හා හැටන් නැෂනල් බැංකුව (13.91) තවමත් වැඩි පොලී අනුපාතයක් පවත්වාගෙන යනු ලබයි.
එබැවින් ක්ෂණිකවම එම බැංකු පොලී අනුපාත අඩුකිරීමට දැඩි හා සෘජු සොයා බැලීමක් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
වර්තමානයේ බැංකු විසින් පවත්වාගෙන යන පොලී අනුපාත.