Connect with us

පුවත්

පොලිස්පති ධුරය ගැන කාදිනල් හිමිගේ ලිපිය අනුමත කරන්න බෑ – ආනන්ද හිමි

Published

on

ආගමික නායකයන් ආණ්ඩුවට බලපෑම් කිරීම මෙන්ම උපදෙස් දිය යුතු කාරණා තිබුණත් රටේ ආරක්ෂාවට බලපාන පොලිස්පති ධුරය සම්බන්ධයෙන් කරන අතපෙවීම් කිසිසේත්ම අනුමත කළ නොහැකි යැයි අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ පැවැසූහ.

ආගමික නායකයන් මේ අන්දමින් බලපෑම් කිරීමට පටන් ගතහොත් ඉදිරියේදී රජයට කිසිදු තනතුරක් පත්කර ගැනීමට නොහැකි වනු ඇතැයිද ආනන්ද හිමියෝ කියති. 

අන්‍යාගමික නායකයන් මෙලෙස බලපෑම් කරන විට බහුතර බෞද්ධයන්ගේ පැත්තෙනුත් බලපෑම් කිරීමට පටන් ගතහොත් රජයට කිසිවක් කරගත නොහැකි වනු ඇතැයිද උන්වහන්සේ සඳහන් කරති.

පොලිස්පති ධුරය සම්බන්ධයෙන් කාදිනල්තුමා යම්කිසි ලිපියක් ජනාධිපතිවරයාට යවා ඇතැයි දැනගන්නට ඇති බවත්, එය කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් නාරම්පනාවේ ආනන්ද හිමියෝ කියති. 

හිස්ව පවතින පොලිස්පති ධුරයට සුදුසු ජ්‍යෙෂ්ඨයකු පත්කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක් බවද උන්වහන්සේ සඳහන් කරති.

පාස්කු ප්‍රහාරයේ දී සිය රාජකාරිය ඉටු කිරීම පැහැර හැර ඇති බවට චෝදනා එල්ල වී ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති තනතුරට පත් කිරීම ගැන සලකා බැලීම සහමුලින්ම නතර කර දමන ලෙසත් එම තනතුරට ඔවුන්ගේ නම් යෝජනා කිරීම හෝ සලකා නොබලන ලෙසත් ඉල්ලමින් මැල්කම් කාදිනල් රංජිත් හිමි ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඉකුත් 30 වැනිදා ලිපියක් යවා තිබිණි.

(අරුණ)

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved