Connect with us

පුවත්

පොලිස්පති ධූරය නිසා මැති සබය ඇවිලෙයි

Published

on

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වු මැති සබය අද(26) යම් උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව පිළිබඳ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (26) රජයේ නිල ස්ථාවරය ප්‍රකාශ කලේය.

අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රකාශය මගින් අවධාරණය කළේ වැඩ තහනමට ලක්කර ඇති පොලිස්පතිගේ නියෝගය බල රහිත කිරීම සඳහා කථානායකවරයාට මැදිහත් වන ලෙසයි.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය අතරතුරද මැති සබයෙන් විවිධ බාධා එල්ල වු අතර ඉන්පසු පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් ඒ සම්බන්ධයෙන් සිය ප්‍රතිචාර දැක්වූහ.

ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවේ ඇතිවූයේ දැඩි උණුසුම්කාරි තත්ත්වයකි.

ඒ සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා දැක්වූයේ මෙවන් අදහසක්,

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන රටේ උත්තරීතර නීතිය පිළිපදින්නේ නැතුව, එය මඟහැරලා අපිට අහිතකර තීන්දු ආවොත් ඒවට විරුද්ධ වෙන්නයි.. පක්ෂපාතී තීන්දු ආවොත් ඒවා ප්‍රශංසා කරන්නයි.. ව්‍යවස්ථාවට පටහැනිව හිතන හිතන විදියට තීන්දු තීරණ ගන්න පුලුවන්ද? ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක් ලබාදුන් පොලිස්පතිවරයා සිවිල් ඇඳුමෙන් ඇවිත් පොලීසිය පාලනය කරනවා.. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි..”

ඊට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තේනනකෝන් මහතා කියා සිටියේ විපක්ෂනායවරයා සඳහන් කළ පරිදි මේ මොහොතේ පොලිස්පතිවරයා කිසිඳු ලෙසකින් සිවිල් ඇඳුමෙන් හෝ නිල ඇඳුමෙන් සැරසී රාජකාරි නොකරන බවයි.

මේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා,

“මෙවැනිම තත්ත්වයක් ඉතිහාසයේ තිබුණා.. පූජිත් ජයසුන්දර මහතාව අනිවාර්ය නිවාඩු යැව්වා… මොකක්ද වුණේ එතකොටත් පොලිස්පතිධූරය හිස්වෙලා තිබුණේ නැහැ.. එතකොට කවුද සී.ඩී වික්‍රමරත්න මහතාව පත්කළේ.. කොහොමහරි එයාව පත්කරලා වැඩබලන් ගියා… එතකොටත් පොලිස්පතිධූරය හිස්වෙලා තිබ්බේ නැහැ.. ඉතින් මේ තත්ත්වයත් ඒකට අදාළයි ඒ තත්ත්වයමයි මේ.. ඉතින් ජනාධිපතිවරයෙකු ලෙස තමුන්ගේ යුතුකම් කොටස කරන්න බැරිනම් කරුණාකර ඉල්ලා අස්වී ජනාධිපතිධූරයේ කටයුතු ඉදිරියට කරගෙන යාමට අගමැතිවරයාට අවස්ථාව ලබාදෙන්න…”

පක්ෂ විපක්ෂ මත විමසුම්වලින් අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙලෙස අදහස් පළකලේය.

“මම කිසිඳු වැරදි තීරණයක් ගත්තේ නැහැ.. නියමිත ව්‍යවස්ථානුකූලව, නිවැරැදිව, බොහොම සාක්ෂාත්ව හිතලා බළලා තමයි තීන්දු තීරණ අරන් තියෙන්නේ.. ඔබතුමන්ලට වැරදි වෙන්න පුලුවන් ඒ වුණාට හෘද සාක්ෂියට එකඟව තමයි මේ තීරණ ගත්තේ.. පොලිස්පතිතුමාගේ සේවය තහනම් කරලා තියනවා.. ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහ පාර්ලිමේන්තුවේ එකඟතාව මත මේ නිළධාරින් ගැන වෙනම හැඳින්වීමක් තියනවා 41 සී වගන්තිය යටතේ.. ඒ අනුව අදාළ නිළධාරීන්ගේ තනතුර හිස් කරනවානම් විශේෂ වැඩපිළිවෙලක් තියනවා.. ඒ වැඩපිළිවෙල යටතේ තමයි කටයුතු කරන්න ඕන.. නැත්තම් ශේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තීරණයක් ගන්න ඕන.. මං හිතන විදියට ජනාධිපතිතුමාටත් මේ සම්බන්ධයෙන් තීන්දු තීරණයක් ගන්න බැහැ.. මේක වැරදි නම් ඔබතුමාලා උසාවියට ගිහින් නිවැරැදි කරගන්න…”

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved