Connect with us

පුවත්

පොලිස් ඇමැති කතරගම යද්දි සොමිපාලයි මුණුබුරයි මාරු වෙලා

Published

on

පාතාල නායක අංගොඩ ලොක්කා රුහුණු කතරගම මහා දේවාලයට පූජා කරන ලද පවුම් 38ක් බරැති රන් තැටිය අතුරුදන් කිරීමේ සිද්ධියට නීතිපති නියෝග මත අත්අඩංගුවට ගැනීමට නියමිත ප්‍රධාන කපුවා සහ ගබඩාව භාර කපුවා කතරගමින් අතුරුදන් වී ඇතැයි වාර්තා වේ.

වත්මන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හා මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පෙරේදා (09) කතරගම මහා දේවාලය වැඳපුදා ගැනීමට පැමිණි අවස්ථාවේ ප්‍රධාන කපු මහතා එයට සහභාගි වී නැතැයි ද පැවසේ.

ඒ මොහොතේ දේවාලයේ සිට ඇත්තේ කපුවන් තිදෙනකු පමණකි.

අත්අඩංගුවට ගැනීමට නියමිත ප්‍රධාන කපුවා සහ ගබඩාව භාර කපුවා දකුණු පළාතෙන් පිටව ගොස් වෙනත් පළාතක ආරක්ෂිතව සිටින බවත්, දේශපාලන සහාය මැද නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත්වීමේ සූදානමක් ඇති බවත් දේවාලයේ කපුමහතෙකු ඉහළ නිලධාරීන් දැනුවත් කර ඇත.

නීතිපතිවරයා විසින් මෙසේ අත්අඩංගුවට ගැනීමට උපදෙස් ලබා දී ඇත්ත‌ේ කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල රත්නායක හා එම දේවාලයේ ගබඩාව භාර කපු ධුරන්දර ප්‍රධාන කපුරාලගේ මුණුබුරා වන සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපු මහතාවය.

මූලාශ්‍රය – අරුණ

සබැඳි පුවත්
කතරගම මහ කපු සොමිපාල අත්අඩංගුවට ගන්න සොයයි

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved