Connect with us

පුවත්

පොලිසිය‌ේ ට්‍රැක්ටරය හොරෙන් වගුරු බිමක් ගොඩකරන්න ගිහින් අල්ලයි

Published

on

බෙල්ලන්විල අභයභූමි රක්ෂිතයේ මන්ත්‍රීමුල්ල ප්‍රදේශයේ වගුරු බිමක් නීති විරෝධි ලෙස ගොඩ කිරීමට පැමිණි අංක තහඩු රහිත දෙහිවල පොලිසිිියේ නිලධාරියකුට අයත් යැයි කියන පස් හා අබලි ද්‍රව්‍ය සහිත ට්‍රැක්ටරයක් සමග පුද්ගලයන් දෙදෙනකු  අත්අඩංගුවට ගත් බව අත්තිඩිය වනජීවි කාර්යාලය නිලධාරීන් කියති.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙහිවල හා ගල්කිස්ස බඩෝවිට යන ප්‍රදේශවල පදිංචිව කරුවන් බවද පැවස‌ේ.

මෙම ට්‍රැක්ටරය දෙහිවල පොලීසියේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියකුට අයත් එකක් බවත් දිනපතා ඩීසල් ලබා දෙමින් ‌සැකකරුවන් ‌දෙදෙනා මෙවැනි අකටයුතුකම්වලට යොදවා ඇතැයි අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී හෙළිවී තිබේ.

අංක තහඩු නොමැතිව කිසිදු ලියවිල්ලක් පවා නොමැතිව දෙහිවල ගල්කිස්ස මාර්ගවල ධාවනය කළද පොලිස් නිලධාරීන් එම ට්‍රැක්ටර් රථය හදුනන නිසා නතර කර පරීක්ෂාවට ලක් නොකරන බවත් අනාවරණයවී ඇතැයිද වනජීවී නිලධාරීන් කියා සිටී.

මෙම අංක තහඩු නොමැති ට්‍රැක්ටරය මීට පෙර අවස්ථාවකදී බෙල්ලන්විල විහාරස්ථානය ඉදිරිපිට තෙත් බිමක් ගොඩ කිරීමට පැමිණ සිටි අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළවිට එකවර ට්‍රැක්ටර් රථය පන ගන්වා ඉදිරියට ගෙන වනජීවි නිලධාරීන් පැමිණි කැබ් රථයේ හප්පා බරපතල අලාභ සිදුකර පලායාම සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලීසිය වෙත පැමිණිලි කරනු ලැබ ඇතැයි ද වනජීවි නිලධාරීන් කියාසිටී.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා දේපලද සමග වනසත්ව හා වෘක්‍ෂලතා ආරක්ෂක ආඥා පනතේ 7 වැනි වගන්තියට අනුව වනජීවි අපරාධයක් සිදුකර ඇති බැවින් නීතිමය කටයුතු සදහා අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ බවත් එහිදී ට්‍රැක්ටර් රථය මෙහි විමර්ශන කටයුතු අවසන් වන තුරු මුදා නොහැර අධිකරණය භාරයේ තබන ලෙසටත් සැකකරුවන්ට තම ළගම ඥතීන් දෙදෙනකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇප ලබා දුන්නද කිසිවකු ඉදිරිපත් නොවූයෙන් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබිණැයි වනජීවී කාර්යාලය පවසයි.

.

පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

Published

on

By



විභාග සහතිකපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් ව ඇත්තේ 2024 පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් මැතිවරණ රාජකාරි සඳහා දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය යෙදවීම හේතුවෙන් නොවැම්බර් 14 වැනි දින විභාග සහතික පත්‍ර නිකුත් නොකරන බවය.

ඒ අනුව එදින සියලු සේවා කවුළු හා මාර්ගගත සේවය ක්‍රියාත්මක නොවන බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

Continue Reading

පුවත්

ඡන්දෙ දාන්න යන අයට විශේෂ බස් සහ දුම්රිය සේවා

Published

on

By

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) සිට විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කර තිබේ.

එහි සභාපති රමල් සිරිවර්ධන සදහන් කළේ ලංකා ගමනාගමන මණ්ඩලය විසින් අද (12) සහ හෙට (13) යන දෙදින තුළ විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක බවය.

මේ අතර, දිනපතා ක්‍රියාත්මක දුම්රිය ගමන්වාරවලට අමතරව මැතිවරණය සදහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් දුම්රිය සදහා අතිරේක මැදිරි යොදවා ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉදිපොළ ප්‍රකාශ කලේය.

මේ අතර, ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසා ඇත්තේ, ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මැතිවරණ සේවා වෙනුවෙන් යොදා ගැනීම නිසා හෙට දින මගී තදබදයක් ඇතිවිය හැකි බවය.

Continue Reading

පුවත්

වෛද්‍යවරයකු නැතිව කන්තලේ රෝහලේ සැත්කම් නතර වෙයි

Published

on

By

කන්තලේ මූලික රෝහලේ ශල්‍ය වෛද්‍යවරයකු නොමැති වීම හේතුවෙන් එම රෝහලේ ශල්‍යකර්ම සිදු කිරීම මුළුමනින්ම ඇණ හිට ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම රෝහල් ආරංචි මාර්ග පවසන්නේ රෝහලට අනුයුක්ත විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා අසනීප නිවාඩු ගෙන සිටීමත් මෙම රෝහල සඳහා අලුතින් පත් කළ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා රෝහල වෙත වාර්තා නොකිරීමත් මේ තත්වයට හේතු වී තිබෙන බවය.

මෙම තත්ත්වය මත ශල්‍යකර්ම නිර්දේශ වන හදිසි රෝගීන් ඇතුලු සියලුම රෝගින් ත්‍රිකුණාමල දිස්ත්‍රික් රෝහල වෙත යොමු කිරීමට එම රෝහලේ පාලන අධිකාරිය පියවර ගෙන ඇති අතර දැනට දින කිහිපයක සිට මෙම තත්ත්වය හේතුවෙන් රෝගින් සහ ඔවුන්ගේ සමීපයන් දැඩි අසිරුතාවන්ට ලක් ව තිබේ.

කෙසේ වුවද මෙම රෝහලට නව ශල්‍ය වෛද්‍යවරයකු පසුගිය නොවැම්බර් 05 වැනිදා සිට පත් කොට තිබුණද ඔහු මෙතෙක් එම රෝහලේ වැඩ බාර ගෙන නැති බව කන්තලේ රෝහල් වෛද්‍ය අධිකාරී වෛද්‍ය එන්.පි එදිරිසිංහ මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වෙතද නිල දැනුම් දීමක් කර තිබුණද මෙතෙක් ඊට අදාළව පියවරක් ගෙන නැති බවයි පැවසේ.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කළේ මෙසේ අලුතින් පත් කර ඇති විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යංශය වෙත අභියාචනයක් ඉදිරිපත් කරමින් වෙනත් රෝහලක් ලබා දෙන ලෙස ඉල්ලමක් කර තිබුණද සේවා අවශ්‍යතාව පිළිබඳව සලකා එම අභියාචනය ප්‍රතික්ෂේප කර ඇති බවය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved