Connect with us

පුවත්

පොලීසියෙන් සුපිරි වෙළඳසැල් වලට දැනුම්දීමක්

Published

on

සුපිරි වෙළෙඳසැල් ඇතුළු ඕනෑම අලෙවි ආයතනයක සිදුවන යම් සොරකම් හෝ වෙනත් නීතිවිරෝධී ක්‍රියාවක් සිදුවන්නේ නම් එම පාර්ශව ආරක්ෂක නිලධාරීන් හරහා පාලනය කර පොලීසිය දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවට දැනුම්දෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, භාණ්ඩ සොරකම් කළ වරදට නීතියට පටහැනිව කිසිවෙකුට පහරදීම් සිදුකිරීමට හැකියාවක් නොමැති බවය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා මෙම අදහස් පළ කළේය.

“ඔබගේ ආයතනයේ තිබෙන යම් භාණ්ඩයක් සොරකම් කරනවා ඔබ දුටුවොත් ඔබට ආරක්ෂක නිලධාරීන් ඉන්නවා විශේෂයෙන් සුපිරි වෙළෙඳ සැලක නම්, එම තැනැත්තාව පාලනය කරලා පොලීසියට දැනුම්දීමක් කරන්න. නමුත් එයට විකල්පය පහරදීම නෙමෙයි. කිසිසේත්ම එය අනුමත කරන්න බැහැ. පහරදීමක් කරොත් අවසානයේ සැකකරුවන් ලෙස එම ආයතනයේ සේවය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නවා. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවා. මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකරන්න කියලා මෙවැනි ආයතනවල ඉන්න කළමනාකරුවන්ගෙන් සහ ඉහළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔවුන්ට උපදෙස් දීලා තියෙනවා. ආයතනය තුළ වැරදි කරන අයෙක් සිටියොත් ආරක්ෂක අංශ හරහා යම් පාලනයක් කරලා පොලීසියට දැනුම්දීමක් කරන්න,” යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

සබැඳි පුවත්  :

රිමාන්ඩ් කළ කාර්ගිල්ස් 7 අද යළි අධිකරණයට; CCTV මුදාහැර ඇත්තේ සේවකයෙක්

කාර්ගිල්ස් චණ්ඩි 5ක් අත්අඩංගුවට; 2ක් සොයයි; සේවකයෝ චණ්ඩිවුණේ ඇයි?

පේජ්ලාගේ කාර්ගිල්ස් ගෝලයෝ පහරදී කතක් නිරුවත් කරයි (වීඩියෝ)

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved