Connect with us

පුවත්

පොලීසියේ ලොකු පුටු මාරුවක්

Published

on

නියෝජ්‍ය පොලිස්පති එම්.ඒ.ඒ.ආර්. ප්‍රේමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු දිසාවේ සිට බස්නාහිර පළාත (උතුරු දිසාව) භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකිරීම සඳහා ස්ථාන මාරුකර තිබේ.

නියෝජ්‍ය පොලිස්පති පී. අම්පාවිල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා ස්ථාන මාරුකර ඇත.

ඔහු ඊට පෙර පොලිස් මූලස්ථානයට අනුයුක්තව මුදල් විශුද්ධිකරණ හා සම්බන්ධ විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා මුල්‍ය බුද්ධි ඒකකය 02 සහ පිරමීඩ ආකාරයේ තහනම් යෝජනා ක්‍රම සහ අතත්‍ය මුදල් පිළිබඳව විමර්ශනය කිරීම පිණිස මහ බැංකුවේ ස්ථාපිත කර ඇති විශේෂ විමර්ශන ඒකකයන්හි රාජකාරි අධීක්ෂණ තනතුරේ කටයුතු කලේය.

ඊට අමතරව පහත සඳහන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියක ස්ථාන මාරු කිරීමද මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව ජාතික පොලිස් කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ.

නියෝජ්‍ය පොලිස්පති ඩී.පී. චන්ද්‍රසිරි මහතා ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ප්‍රවර්ථන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරුකර ඇත.

නියෝජ්‍ය පොලිස්පති (රාජකාරී ඉටුකරන) ඊ.එම්.ජී.ජේ. සේරම් මහතා ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සිට ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා ස්ථාන මාරුකර තිබේ.

කාන්තා නියෝජ්‍ය පොලිස්පති (රාජකාරී ඉටුකරන) බිම්ෂානි ජාසිංආරච්චි මහත්මිය පොලිස් මුලස්ථානයේ (බඳවාගැනීම් හා පුහුණු දිසාව) සිට ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා ස්ථාන මාරුකර තිබුණි.

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved