Connect with us

පුවත්

පොසොන් පුන් පොහොය අදයි

Published

on

අනුබුදු මිහිඳු මාහිමියන් ශ්‍රී ලංකාවට වැඩම කොට සම්බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය අදට (3) යෙදී තිබේ.

ශ්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නේදී පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූත පිරිසේ ලංකාගමනය සිදු වූ අතර, එතැන් සිට නිර්මල බුදු දහම මෙරට ස්ථාපිත විය.

නව බෞද්ධ ප්‍රබෝධයක් මෙන්ම සමාජ විපර්යාසයක් සහ ආධ්‍යාත්මික විප්ලවයක්ද එමඟින් මෙරට සිදු විණි.

එනයින් ලක්දිව බුදු සසුනේ ආරම්භයටත්, බෞද්ධ ශිෂ්ටාචාරයේ පදනම සකස් වීමටත් මූලික වූ අග්‍රතම ජාතික පූජෝත්සවය මෙය වන අතර, මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිව බුද්ධ ශාසනය පිහිටුවීම, දෙවැනි පෑතිස් රජු ඇතුළු 40,000ක පමණ පිරිසකට චුල්ලහත්ථිපදෝපම සූත්‍රය සහ දෙවියන්ට සමචිත්තපරියාය සූත්‍රය දේශනා කිරීම ඇතුළු ලක්දිව වැදගත් සිදුවීම් රැසක් පොසොන් පොහෝ දිනය හා බැඳී පවතී.

බුදු හිමියන් සම්බුද්ධත්වයට පත් වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩ හිඳිමින් ධර්මය මෙනෙහි කරද්දී ප්‍රථම වරට බුදු සිරුරෙන් සවනක් බුදුරැස් විහිදීම සහ තෙවැනි ධර්ම සංඝායනාව පැවැත්වීමද සිදුව අත්තේ පොසොන් පොහොය දිනයන්හිදීය.

පුවත්

දුමින්ද යළි රිමාන්ඩ්

Published

on

By

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ජූනි මස 05 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාව පසුගිය දා අත්අඩංගුවට ගත්තේය.

‍රන් ආලේපිත මෙම ටී 56 වර්ගයේ ගිනිඅවිය පසුගිය අඟහරුවාදා (20) හමුවූ අතර, ඒ සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු මේ වනවිට සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලට අදාළව අනාවරණය කරුණු මත හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාව අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉන්පසුව ගල්කිස්ස වැඩබලන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (29) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පසුව අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත ඔහුව බන්ධනාගාර රෝහලට යොමුකර තිබු අතර විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව යළිත් මැගසින් බන්ධනාගාරය වෙත යොමු කර තිබුණි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

පලායන අය හඹාගෙන යාමට පොලීසියෙන් නව බලඝණයක්

Published

on

By

පලායන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වහා ස්ථානගතවීමට හැකි යතුරුපැදි බලඝනයක් රාජකාරියේ යෙදවීමට පොලීසිය පියවර ගෙන තිබේ.

පලායන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වහා ස්ථානගතවීමට හැකි පරිදි මෙන්ම සාමය කඩවන ආකාරයේ සිදුවන යම් අපරාධයක් වැළැක්විය හැකි ක්ෂණික ළඟාවීමකට මේ බලඝනයට හැකිය.

මේ අතර අවි බලයක් සහිත පොලිස් කණ්ඩායම් ක්ෂේත්‍රයට මුදාහැරීම දකුණු පළාතට කාලෝචිත අවශ්‍යතාවයක් බව හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ මූලිකත්වයෙන් විශේෂිත සංවිධානත්මක යතුරුපැදි බලඝනයක් රාජකාරි යෙදවීමට පියවර ගෙන ඇත.

තංගල්ල පොලිස් කොට්ඨාසයෙන් සහ මාතර පොලිස් කොට්ඨාසයෙන් එක්කල සංග්‍රාමික යතුරුපැදි 8 ක්, Highway යතුරුපැදි 15ක් මේ සඳහා ඇතුළත් වන අතර නිලධාරීන් 46ක පමණ ප්‍රමාණයක් අනුයුක්ත කර තිබේ.

මෙම පිරිස දැනුවත් කිරීමේ හමුව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි

Continue Reading

පුවත්

මහින්දානන්දට සහ නලීන් ප්‍රනාන්දුට සිර දඬුවම්

Published

on

By

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ එවකට හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වරදකරු කළේය.

ඒ අනුව හිටපු වෙළඳාමැති නලින් ප්‍රනාන්දු මහතාට බරපතළ වැඩසහිත වසර 25ක සිරදඬුවම් නියම කළ අතර හිටපු ඇමති මහින්දානන්ද අලුත් ගමගේ මහතාට බරපතළ වැඩසහිත වසර 20 සිර දඬුවම් නියම කළේය.

තීන්දුව නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ යේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය, මෙම විත්තිකරුවන් තම ධුරයේ බලතල අයුතු ලෙස පරිහරණය කරමින් වැරදි ක්‍රියාවක් සිදුකර ඇති බව සඳහන් කළාය.

මෙම වරද හේතුවෙන් මහජන බදු මුදලින් අයකරගෙන තිබූ රුපියල් මිලියන 53කට අධික මුදලක් රජයට අහිමි වී ඇති අතර, ඉන් මහ ජනතාවට විශාල පාඩුවක් සිදුවූ බවත් ඇය පෙන්වා දුන්නාය.

එම නිසා මෙවැනි වැරදි සිදුකිරීමට සූදානම් වන පුද්ගලයින්ට පාඩමක් කියාදෙන ආකාරයේ සහ දූෂණ විරෝධී පුද්ගලයින් අභිප්‍රේරණය වන ආකාරයයේ තීන්දුවක් ලබාදෙන ලෙසත් අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේන් වීරමන් මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කළහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved