Connect with us

පුවත්

පොහොට්ටුවේ දැන් තියෙන්නේ නැට්ට විතරයි

Published

on

මෙතෙක් කලක් මැතිවරණය එනතුරු බලා සිටියේ පාලකයන් වුනත් මෙවර ජනාධිපතිවරණය දිනය එන තුරු බලා සිටියේ මේ රටේ පොදු ජනතාව බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ජනතාව බලාපොරොත්තු වූ ඡන්දය දිනය සැප්තැම්බර් 21 වැනිදාට පැමිණ තිබෙන බවත් ඔහු සඳහන් කලේය.

මහා බැංකුව කඩපු රනිල් හිරේ දානකල් මට නින්ද යන්නේ නෑ කියපු මහින්දානන්ද මෙන්ම රනිල් හොරා කියපු දිනේෂ් ගුණවර්ධනලා රනිල් ළඟ සිටියත් රටේ ජනතාව ජාතික ජන බලවේගය සමග එක්වී සිටින බව එහිදි තවදුරටත් අදහස් දැක්වු ටිල්වින් සිල්වා මහතා පවසා සිටියේය.

“ එළඹෙන ජනාධිපතිවරණයේ දී වැඩිම ඡන්ද ප්‍රතිශතය ලබා දෙන්නෙත් අනුර සහෝදරයාව ජයග්‍රහණය කරන්නෙත් හම්බන්තොට ජනතාව බව අපිට විශ්වාසයි.මේ සැරේ ජනාධිපතිවරණය අමුතුම එකක්. එක පැත්තක් හොඳටම පැහැදිලියි. ඒ පැත්තේ මුහුණු ජනතාවට හොඳට පැහැදිලියි. ඒ තමයි ජාතික ජන බලවේගයේ මාලිමාව පැත්ත. අනෙක් පැත්ත ගන්නකෝ. නටුව ඉතිරි වුණු පොහොට්ටුව කියලා එකක් තියෙනවා. පෙති නැහැ; හැළිලා. අනෙක් පැත්තෙ ඉන්නවා රනිල්ගෙන් රට බේරා ගන්න ගෝඨාභයට ඡන්දෙ දෙන්න කියපු පස්සේ ඒ රනිල්වම ජනාධිපතිවරයා කරපු පොහොට්ටුවේ හොරු ටික. රනිල්ගෙන් රට බේරා ගන්න ආපු ලොකුම කට්ටිය දැන් ඉන්නේ රනිල් ළඟ. රනිල්ට අගමැතිකම දෙන්න අපිට පිස්සුද කියලා අහපු පිරිසත් දැන් රනිල් ළඟ. මහා බැංකුව කඩපු රනිල් හිරේ දානකල් මට නින්ද යන්නේ නෑ කියලා කියපු මහින්දානන්ද අලුත්ගමගේ දැන් රනිල් ළඟ. රනිල් හොරා කියපු දිනේෂ් ගුණවර්ධනත් දැන් එතන.නායක හොරු එක පැත්තකින් එකට එක්වෙනකොට අද අපේ රටේ ජනතාව ජාතික ජන බලවේගය සමග එක්වී හමාරයි. වට්ටපු රට ගොඩගැනීම අපිට තිබෙන එක වගකීමක්. අනෙක් වගකීම තමයි ඒ රට ගොඩනැගීම. අනෙක් එක අපේ රට ලෝක අවමානයෙන් ගලවා ගන්න ඕනෑ. ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ තමයි අපේ සටන් පාඨය.

මෙතෙක් කල් රට පාලනය කරපු පාලකයෝ අපිට උරුම කර දී තිබෙන්නේ මිනිස්කම නැති, සහකම්පනයක් නැති රටක්. ඒ නිසා අපි ඔක්කෝම එකතුවෙලා හදමු දරුවන්ට, කාන්තාවන්ට, වැඩිහිටියන් ඇතුළු අපි හැමෝටම ආදරයෙන්, ආරක්ෂාවෙන් ජීවත් වෙන්න පුළුවන් රටක්. දැන් මාලිමාව කියන්නේ තවත් එක් දේශපාලන ව්‍යාපාරයක් නොවෙයි; මහා ජනතා බලයක්; මහා ජනතා ව්‍යාපාරයක්. මුළු රටම පුනරුදය කරා ගෙනයන මහා සාගරයක් බඳු දේශපාලන බලවේගයක්. රනිල්ලා, සජිත්ලා, රාජපක්ෂලා මොන අවලාද, මඩ බොරු, ප්‍රචාර අපට එරෙහිව දියත් කළත් ජාතික ජන බලවේගය ආපසු හැරවිය නොහැකියි. මෙය ජයග්‍රහණය දක්වා ඉදිරියටම යනවා. අපි ඔක්කෝම එකතුවෙලා මේ රට හදමු; ගොඩනගමු. අපේ රටේ හිටියේ ජනාධිපති උතුමාණන්ලා, ජනාධිපති ශ්‍රීමතානන්ලා. අපිව වහල්ලු කරන උතුමාණන්ලා, ශ්‍රීමතානන්ලා අපිට එපා. අපිට ඕන නම කියලා නැතිනම් සහෝදරයා කියලා අමතන්න පුළුවන් නායකයෙක්. ඒ තමයි අපේ අනුර සහෝදරයා. අපි ගෙයින් ගෙට යමු. කතා කරමු. ජනතාව අතර වැඩ කරමු. ජයග්‍රහණය කරා පෙරට යමු”

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved