Connect with us

පුවත්

පොහොට්ටුවේ මංගල රැළිය අවලංගුයි; ෆොන්සේකාත් මඟහරියි

Published

on

මෙවර පළාත් පාලන මැතිවරණයට සමගාමීව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතව තිබු ජන රැළිය අවලංගු කර ඇතැයි වාර්තා වේ.

අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ අවධානය යොමුකරමින් ජන රැළිය නොපැවැත්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා කියා සිටී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා,

“පළාත් පාලන මැතිවරණය පිළිබඳව පළමු මංගල රැස්වීම අපි අනුරාධපුරයෙන් තියන්න 24 වනදා යොදාගෙන තිබුණා. නමුත් පස්සේ අපි පක්ෂයේ නායකයෝ සාකච්ඡා කරලා නඩු දිනයේදී මොකක්ද දෙන තීන්දුව කියලා බලලා රැස්වීම තියමු කියලා අපි තීන්දු කළා. ඒ නිසා අපි තීන්දු කරා 24 තියන්න තිබුණු රැස්වීම මාර්තු මාසයේ මැද හරියේ තියන්න. ඒ සඳහා අවශ්‍ය සියලුම සාකච්ඡාවල් අපි සැලසුම් කළා. ඒ අනුව අපි දැවැන්තම රැස්වීම. ඔය ජනතා විමුක්ති පෙරමුණ, සජබය, අරවයි මේවයි ඔක්කොම තිබුණු රැස්වීම්වලට වැඩිය මංගල රැස්වීම හැටියට මාර්තු මාසයේ මැද හරියේ සල්ගාදු පිටියේ, අපිට පුරුදු තැන දැවැන්ත රැළියක් පවත්වලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශක්තිය පෙන්වන්න. සමහරු කියනවා වැටිලා තියෙනවා, රැස්වීමක් තියාගන්න බෑ, ගමට යන්න බෑ කියලා, ඒ සියලුම දේවල්ව;ට පිළිතුරු දෙන්න මහා රැස්වීමක් අනුරාධපුරයේ පවත්වනවා.”

ෆොසේකා මඟහරියි

මේ අතර, සමගි ජනබලවේගයේ කැලණිය ආසන සංවිධායක සරත් ෆොන්සේකා මහතා හෙට (25) පැවැත්වීමට තිබූ ජන රැළියක්ද අවලංගු කර ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේවුවද, එහි ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු කියා සිටියේ ෆොන්සේකා මහතා අදාළ රැස්වීම පැවැත්වීම කළක සිට මඟ හරිමින් සිටි බවත්, වත්මන් අධිකරණ තත්ත්වය දඩමීමාකරගෙන එය සම්පූර්ණයෙන්ම අවලංගු කර ඇති බවයි.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved