Connect with us

පුවත්

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 92ක් ඇත්තටම සහය දෙනවද?

Published

on

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් විශාල සංඛ්‍යාවක් සහය ලබා දීම තුළ මැතිවරණ ජයග්‍රහණය ස්ථිර නම් , ජනාධිපතිවරයා මැතිවරණය පැවැත්වීමට විවිධ බාධා එල්ල කරමින් සිටින්නේ මන්දැයි මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රශ්න කර සිටී.

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට අද (01) පෙරවරුවේ එක්වෙමින් ඒ මහතා සදහන් කළේ මීට දින කිහිපයකට පෙර පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අනූ දෙකක් ජනාධිපතිවරයාට සහාය දෙන බවට ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කළත්, ආරංචි මාර්ග වල කියවුනේ එම හමුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ලෙස කැඳවා ඇති බවය.

එසේම ඇතැම් මන්ත්‍රීවරුන් රැස්වීම අතරතුර නැගිට පිටවී ගිය බවත් වාර්තා වෙන බව ඔහු සඳහන් කලේය.

එම නිසා එම සමස්ත පිරිස ජනාධිපතිවරයාට සහාය දෙන බවට තහවුරු කිරීමට නොහැකි බවයි මන්ත්‍රීවරයා පවසයි.

මන්ත්‍රීවරුන් මාරු වුවද එම මංත්‍රී සංඛ්‍යාව ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සඳහා බලනොපාන බවත්,මන්ත්‍රීවරුන්ගේ ක්‍රියා කලාපය සහ ඔවුන් ජනතාව සමග කටයුතු කරන ආකාරය මත ජනතාව තීන්දු ගන්නා බවත් ඔහු මෙහිදී පැවසීය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ යනු පොහොට්ටුවේ සංකේතය නිසා පාක්ෂිකයන් තුළ ඔහුට විශාල ගෞරවයක් තවම පවතින බව මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සඳහන් කළ අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ තීරණය අනුව පොහොට්ටුවේ බිම් මට්ටමේ පාක්ෂිකයාගේ තීරණයට විශාල බලපෑමක් සිදුවණු ඇති බව මහාචාර්ය ජී.එල් පීරිස් මහතා විසින් අවධාරණය කරන ලදී.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved