පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධානවලට මෙන්ම, රජයේ විධායක තනතුරු දැරූ නිලධාරීන් වෙත විවිධ කාලවකවානුවලදී නිකුත්කල ගිණිඅවි නැවත භාරදෙන ලෙස දැනුම් දීම
පසුගිය කාලවකවානුවලදී පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට, පළාත් සභා මන්ත්‍රී වරුන්ට, විවිධ දේශපාලන පක්ෂ නායකයින්ට, දේශපාලන සංවිධානවලට මෙන්ම, විවිධ තනතුරු දැරූ රජයේ විධායක නිලධාරීන්ට ජීවිත ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලිසියෙන් හා යුද්ධ හමුදාවෙන් නිකුත්කර තිබු පිස්තෝල, රිවෝල්වර් හා පතුරොම් තුවක්කු සැලකිය යුතු ප්‍රමාණයක් ඇති බව නිරීක්ෂණය වී ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
එබැවින්, මෙම ගිණිඅවි 2024 දෙසැම්බර් මස 30 වන දිනට පෙර ලඟම තිබෙන පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන මෙන් ආරක්ෂක අමාත්‍යාංශය අදාල පුද්ගලයින් වෙත එම අමාත්‍යංශය දැනුම් දෙයි.
මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක මෙසේ ද දැක්වේ :
“තවද, මෙම නිකුත්කර ඇති ගිණිඅවි ලබාදුන් පුද්ගලයින්ගේ නාම ලේඛණයක් ශ්‍රී ලංකා පොලිසිය සතු වන අතර, ශ්‍රී ලංකා පොලිසිය විසින් එම නාම ලේඛණයේ නම් සඳහන් පුද්ගලයින්ගේ තොරතුරු විමසා ගිණිඅවි පොලිසිය භාරයට ගැනීමට සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් කටයුතු කිරීමට උපදෙස් ලබා දී ඇත. එබැවින්, නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් කරනු ලබන විමසිම් සඳහා සහයෝගය ලබාදීමට කටයුතු කරන ලෙසත්, තවද දැනටමත් එම ලේඛණයේ නම් සඳහන් පුද්ගලයින් ගිණිඅවි රජයට භාරදී ඇත්නම් ඒ බවද, සනාථ කරන ලේඛණ පොලිස් නිලධාරීන්ට ලබාදීමෙන් මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීමට සහයෝගය ලබාදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ඉල්ලා සිටිනු ලැබේ.”