පොහොට්ටුව සල්ලිකාරයින්ට කුලියට දෙන්න, බදු දෙන්න හෝ විකුණන්න සුදුසු පක්ෂයක් නොවන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඔහු මෙම අදහස් පල කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් අතරතුරය.
අමාත්‍යවරයා සඳහන් කළේ, පොහොට්ටුව යනු මිනිස්සුන්ගේ දාඩිය මහන්සියෙන් නිර්මාණය කළ පක්ෂයක් බවය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිඳු අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩ කිරීමට කටයුතු නොකළ බව තමන් ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කලේය.
පක්ෂයක් ලෙස එකට එක්වී කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා සෑම විටම පැවසූ බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.