Connect with us

පුවත්

පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 3ක් රට පනියි!; කරනම වැරදුනොත් ලන්සත් රට

Published

on

පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් තවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු තිදෙනෙක් සිය ධුරවලින් ඉවත් වී විදෙස්ගත වීමට සූදානම්වන බව වාර්තා වේ.

මෙසේ විදෙස්ගතවීමට සූදානම්වන්නේ පොදුජන පෙරමුණෙන් (පොහොට්ටුවෙන්) පාර්ලිමේන්තුවට තේරී පත්වූ තිදෙනෙකි.

පාර්ලිමේන්තුවට යළි පත්වීමට ඇති අවිනිශ්චිතතාවද ඔවුන් රට හැර යාමට තීරණය කිරීම කෙරෙහි බලපාන්නට ඇති බවත් ඉහත ආරංචි මාර්ග පැවසීය.

මේ අතර මන්ත්‍රිවරු තිදෙනෙක් රට හැර යාමට සූදානමින් සිටින බව තමන්ටද දැනගන්නට තිබෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ද පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති ඉහළ පෙළේ සාකච්ඡාවකදී සඳහන් කර ඇතැයි පැවසේ.

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා හා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතාද පසුගිය දිනවල මන්ත්‍රි ධුර හැර ගිය අතර, උද්දික ප්‍රේමරත්න මහතා මේ වනවිට කැනඩාවට ගොස් සිටියි.

මේ අතර, අලුත් සන්ධානයේ නිර්මාතෘවරයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නිලමල් ලන්සා ද රනිල් වික්‍රමසිංහ මහතා ජනපති කිරීමේ සටනින් ජය ගැනීමට නොහැකි වුවහොත් ඔහුද විදෙස්ගතවීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

මේ වන විට ද ලන්සා සමහතාගේ පවුලේ අය පදිංචිව සිටින්නේ ඔස්ට්‍ර‍ේලියාවේය.

කෙසේවුවද, සිය ඥාතීන් විදේස්ගතව සිටියදී මෙරට දේශපාලනය කිරීමේ ආදර්ශය සැපීමේ පුරෝගාමියා වන්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාය. 

ඔහු මේවන විටද ඇමරිකානු පුරවැසියෙකි.

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved