Connect with us

පුවත්

පොහොට්ටු මන්ත්‍රීට බෝතලයකින් ගැසූ සැකකරු රිමාන්ඩ්

Published

on

පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චින්තක අමල් මායාදුන්න මහතාට වතුර බෝතලයකින් ප්‍රහාරයක් එල්ල කළ ආබාධිත විශ්‍රාමික යුද හමුදා සෙබලා (16) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ (52) හැවිරිදි ආබාධිත යුද හමුදා විශ්‍රාමික සෙබළෙකි.

ඉකුත් (06) වන දින වනාතවිල්ලුව ප්‍රාදේශිය සභා මහජන ක්‍රිඩාංගනයේ පැවති සංගීත සංදර්ශණයක් සදහා සහභාගි වූ මන්ත්‍රිවරයාට එහි ගීත ගායනා කිරීම සදහා වේදිකාවට පිවිසිමට සංවිධායක මණ්ඩලය විසින් කරන ලද ඇරයුමකට අනුව වේදිකාවට පිවිසීමේදී සැකකරු විසින් වතුර බෝතලයකින් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වේ.

වතුර බෝතලය මන්ත්‍රිවරයාගේ සපත්තුවේ ගැටී මන්ත්‍රිවරයාට කිසිදු අනතුරක් සිදු නොවනද එම ස්ථානයේ රැදී මන්ත්‍රි ආරක්ෂක අංශය විසින් සැකකරුව අල්ලා වනාතවිල්ලුව පොලිස් නිළධාරින්ට භාර දීමට කටයුතු කර තිබුණි.

අනතුරුව මන්ත්‍රිවරයා විසින් වනාතවිල්ලුව පොලිස් ස්ථානයට කල පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ විය.

එහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ මන්ත්‍රි වරයා සහභාගිවූ විවිධ උත්සව අවස්ථාවන් සදහා සැකකරුද සහභාගි වී ඇති බවය.

එම අවස්ථාවන් වලදීද මන්ත්‍රිවරයාට කිහිප වතාවක්ම මොහු විසින් තර්ජනාත්මක බැණවැදීම් සහ අපහාස සිදුකර ඇති බවද මන්ත්‍රීවරයා පොලිසිය හමුවේ පවසා තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස (16) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති අතර වනාතවිල්ලුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන  ආරම්භ කර ඇත.

සබැඳි පුවත්

සිංදු කියන්න ගිය මන්ත්‍රීට බෝතල් ප්‍රහාරයක්

පුවත්

ලුණු හිඟය බේකරි නිෂ්පාදනවලටත් බලපායි

Published

on

By

ලුණු හිඟය හේතුවෙන් තම කර්මාන්තයට බලපෑම් එල්ලවී ඇති බව බේකරි හිමියන් පවසයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ ලුණු ගැටලුව පිළිබඳ අමාත්‍යවරයාවද දැනුවත් කර ඇති බවය.

“මේ වනවිට ලුණු පිළිබඳ විශාල ප්‍රශ්නයක් මතුවෙලා ඇතිවෙලා තියෙනවා. අමාත්‍යවරයාත් අපි දැනුවත් කරලා තියෙනවා. අමාත්‍යවරයා කිව්වා අපට අවශ්‍ය ප්‍රමාණය ලබාදෙනවා කියලා. ඒ බලාපොරොත්තු ඇතුව තමයි මේ ඉන්නේ මොකද බේකරිවලට ඕනේ ලුණු කැට නෙමයි ගොඩක් පාචිච්කරන්නේ ලුණු කුඩු. ලුණු කුඩුවල හිඟියක් තමයි තියෙන්නේ. පංගුවක් බේකරි නිෂ්පාදන සඳහා ලුණු කුඩු අවශ්‍ය වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතිය වෙනකොට මේ ප්‍රශ්නය විසඳෙයි කියලා.” 

Continue Reading

පුවත්

මර්වින්, ප්‍රසන්න ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Published

on

By

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පස්දෙනෙකු එළැඹෙන 26 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඔවුන් අද (19) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩු සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Continue Reading

පුවත්

විජයග්‍රහණයේ 16වන ජාතික සැමරුම – සජීවී විකාශය

Published

on

By

දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය මේ වනවිට ආරම්භ වී තිබේ.

බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වෙන මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වීමට නියමිතය.

උත්සවය සඳහා ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද සහභාගී වීමට ද නියමිතව තිබේ.

මේ අතර ජාතික රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් අද පස්වරු 4 සිට බත්තරමුල්ල පාර්ලිමේන්තුව ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

වීඩියෝ – ජාතික රූපවාහිනිය

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved